ඇඟට ගුණ පලතුරු ගුණ

ඔක්තෝබර් 16, 2020

අහර නිසා සියලු සත්වයෝ ජීවත් වෙති

ආහාර වර්ග කොටස් අටක් ලෙස පහත දැක්වේ

1.ධාන්‍ය 2.එළවළු 3.පලතුරු 4.ගෙඩි හා ඇට 5.මෑ , බෝංචි වර්ගයට අයත් ඇට 6.අල වර්ග 7.පලා කොළ වර්ග 8.මාළු මස් වර්ග

මෙහිලා අප ඉදිරිපත් කරන්නේ පලතුරු පිළිබඳ කෙටි විස්තරයකි. ඉදුණු පලතුරුවල සෑහෙන ප්‍රමාණයක් වතුර තිබේ. මේද, ප්‍රෝටීන් ,කාබෝහයිඩ්‍රේට් වැනි පදාර්ථ මේවායේ මඳ වශයෙන් ඇත. ඉදුණු පලතුරුවල කාබෝහයිඩ්‍රේට් වෙනුවට සීනි අඩංගු වී ඇත. සාමාන්‍යයෙන් 30 ක් පමණ තිබේ. එසේ වුවත් ඛනිජද්‍රව්‍ය, විටමින් සී ,කැරටින් වැනි පෝෂණ කොටස් ඉදුණු පලතුරුවල අන්තර්ගත වේ. කැරටින් බහුලව ඇත්තේ කහපාට පලතුරුවලය. අඹ හා පැපොල්වල විටමින් ඒ බහුල බව කිව හැකිය.

රක්ත පිත්තකරං බාලං මජ්ක්‍ධිමං ජිත්තදං පරං

තිදොස සමනං චුතං මංස සුක්කඛලප්පදං

ලා අඹ රත් පිත් උපදවයි. මධ්‍යම වූයේ පිත වඩයි. ඉදුණු අඹ තුන්දොස් පහ කරන්නේය. මාංශ වඩා පුෂ්ටිය ද ශුක්ලයද බලද වඩයි යනු ඉහත සඳහන් සිලෝවේ තේරුමයි. මී අඹ බෙහෙවින් ගුණදායකය. සෙම මාංශ ශුක්ල බල යන මේවා වඩයි. බල දෙයි.

අපට පහසුවෙන් ලබා ගත හැකි අගනා පලතුරක් ලෙස කෙසෙල් හෙවත් කදලි වැදගත් වේ. කෙසෙල් වර්ග ගණනාවක් තිබේ. සුවඳැල් , කෝලිකුට්ටු ,ආනමාලු, ඇඹුල් කෙසෙල්, රත් කෙසෙල් ඉන් කීපයකි. පොදුවේ කෙසෙල්වල ධාතු පෝෂණය ද මිහිරි බව ද කසට ද ඇත්තේය. රත් පිත පහ කිරීම, මුඛයට පි‍්‍රය බව, රුචිකාර බව, සෙම් වඩන බව, බර බව ගුණ වශයෙන් ලැබේ. චම්පක නම් කෙසෙල් වාත රක්තය දුරු කරයි. ඉතා ශීත ද ධාතු පුෂ්ටිකර ද පැසුණු කල මධුර රස ද ඇත්තේය. කෙසෙල් මුල් බල ඇති කරයි. වා පිත් නසයි, බරය.

ගිවුල් (දිවුල්) ගුණදායක පලතුරකි. අමු ගිවුල්වල මල බැඳීම, වාතය වැඩීම, විෂ හා කැසීම නැසීම යන ගුණ ඇත. මිහිරි හා කසට ඇඹුල් සුවඳවත් රසවත් නිසා රුචිය ඇති කෙරේ. කාමරංගා පලතුරු තියුණු උෂ්ණවත් ඇඹුල් පිත උපදවයි.

දොඩම් ඉතා අගනා පලතුරකි.

ජම්බීරං මධුරං කිංවින්‍යමලං පිත්තකෘද් ගුරුඞ

සුගන්ධි දුජීරං වහ්නි කළු වාත විබන්ධනුත්

මඳක් මිහිරි බව හා ඇඹුල් රස වූ පිත් වඩන්නා වූ බර වූ සුවඳවත් වූ නොදිරන පිත් සෙම් මළබද්ධ දුරු කරන යන ගති ඇත්තේ, ඇඹුල් දොඩම් , පැණි දොඩම් යනුවෙන් වර්ග දෙකක් තිබේ. ගුණ විවිධය. පැණි දොඩම් පිපාස වමන වළකයි. ලප් නාරං සැහැල්ලු ඇඹුල් සහිත මනහර පලතුරකි. ශ්වාස කාශ අරුචි පහ කරයි. උගුර ශුද්ධ කරයි. පිපාස දුරු කරයි. ගින්න උපදවයි.

දෙළුම් අගනා ඖෂධීය පලතුරකි. ඇඹුල් රස ද උෂ්ණ ද මනහර ද වෙයි. ගුණ වශයෙන් මළ බැඳීම ද වාතය නැසීමද අග්නි දීප්තිය ද කෙරේ. රුචිය ද ඇඹුල් කහට රස ද මධුර රස ද වශයෙන් දෙළුම් වර්ග දෙකක් තිබේ. මිහිරි වූ දෙළුම් තුන්දොස් දුරු කරයි. ඇඹුල් රස දෙළුම් සෙම් වාත නසයි.

මිදි ඉතා මිහිරි ගුණදායක වටිනා පලතුරකි. මිදි මිහිරි ද සිනිඳු ද ශීත ද වෙයි. ධාතු පෝෂණය කරයි. වාතය අනුලොම කරය. බල වඩන බව ද මමෝඥ ද වේ. උරඞක්‍ෂතය රෝගය ක්‍ෂය රෝගය පිපාස වාත රක්තය පිත ද යන මේවා දුරු කරයි.

බෙලි ඖෂධීය පලතුරකි. ලපටි බෙලි කසට ද උෂ්ණද වේ. පැසවීම අග්නිදීප්තිය මල බැඳීම තියුණු වා, සෙම් පහ කිරීම කෙරේ. තික්ත හා කුළු රසය. පැසුණු බෙලි සුවඳ ද මිහිරි ද දොස් බහුල ද වෙයි. මළබද්ධ කරයි. නොදිරයි. අමු බෙලි ගුණ අධිකයි. බෙලි මද සෙම් වා ආම රුජා නසයි. මළ බද්ධ කරයි. බෙලි මුල් වා, සෙම් වමන රත්පිතද යන මේවා දුරු කරන්නේය.

වරකා වටිනා රසවත් පලතුරකි. කොස් වාතය වඩයි. ගිනිබඳී, විළිකුන් ගෙඩි වාතය දිනයි. මිහිරියි. පිනවයි. ඉහත සඳහන් කළ බෙලි පිළිබඳ නැවත ද කියන්නේ නම් බෙලි මද සෙම් වාත අමාරුජා නසන අතර, මළ බද්ධ කරන බව ද කිව හැකිය. කොට්ටම් කහට ඇඹුල් රස , මිහිරි රස ඇති මුඛය සුවඳ හා පිරිසුදු කරන දෙයක් බව කිව හැකිය. සිහින් මිදි වාත රෝගවලට හිතකර ඉදිමුම් දුරු කරන දෙයකි. කරඹ ඇඹුල් පිපාසය පිත දුරු කරන පිත ඇති කරන රුචිකර දෙයකි. ඩෙබර තුන් වර්ගයකි. කරකන්ධු, කොළ, වෑර යනු ඒ තුන් වර්ගයයි.මෙය ඇඹුල් රස තුන්දොස් නසන පැසුන විට පිත හා වාත නසන දෙයකි. මධුර රසය පිනවීම සිනිඳු බව එහි ඇත. වියළි ඩෙබර සෙම වාතය නසයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.