අත් බෙහෙත්

විදුරු මස් දියවීමට, විදුරු මසින් ලේ ගැලීමට
ඔක්තෝබර් 16, 2020

1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.

2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. එනිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග වළකාලීමට මී පැණිවලට මහඟු හැකියාවක් ඇත.

3. පොල් තෙල් හෝ තල තෙල්වලින් උගුර, විදුරුමස් සෝදන්න. බැක්ටීරියා විනාශ වී විදුරුමස් ආබාධ, ලේ ගැලීම් ආදිය සුව වේ.

4. කහකුඩු සමඟ අබතෙල් මිශ්‍රකර සෙමෙන් විදුරුමස්වල ගල්වන්න. විදුරුමස් ආබාධ සුව වේ. කහවල ක්ෂුද්‍ර ජීවි නාශක අතර ප්‍රදාහයන් වළක්වන සංයෝග ද අඩංගු වන හෙයිනි.

5. අරළු, බුළු, නෙල්ලි තැම්බූ ජලයෙන් මුව සේදීමෙන් විදුරුමස්වල රුධිරය ගැලීමක් ඇත්නම් එය නවතී.

6. දොඩම් යුෂ, සීනි තේ හැඳි භාගයක් සහ සූදුරු කුඩු ඇඟිලි තුඩුවලට හසුවන ප්‍රමාණයෙන් ගෙන එකට කළවම් කර පානය කිරීමෙන් විදුරුමස්වල රුධිර වහනය වීම නවතී.

7. ඇපල්, ලෙමන් දත්වල විදුරුමස්වලට ඉතා හිතකරය. ලෙමන් වතුර, විදුරුමස් වල ලේ ගැලීම නවතාලයි.ප්‍රධාන ආහාරයක් ගෙන පැය භාගයකට පසුව ඇපල් ගෙඩියක් සැපීමෙන් දත් පිරිසුදු වෙයි. විදුරු මස් සුවපත් වෙයි. ඇපල් වෙනුවට පෙයාර්ස් ද කෑමට ගත හැකිය.

8. දිනපතා තල තෙල් හෝ පොල් තෙල්වලින් විදුරුමස් සම්බාහනය කිරීමෙන් විදුරුමස් සවිමත් වීමක් සිදු කෙරේ. එමෙන්ම යෝගට්, ගී‍්‍රන් ටී, සෝයා, සුදුලූනු, විදුරුමස්වල නිරෝගී බවට අත්‍යවශ්‍ය වේ.

9. වෙළඳපොළේ ඇති බොහෝ මුඛ ශෝධන මධ්‍යසාර අඩංගුවීම මත බොහොමයක් අහිතකර වන අතර, එමඟින් බොහෝ විට මුඛය වියළීම සිදු කරවයි. එය අහිතකර තත්ත්වයකි. ආයුර්වේද මුඛ ශෝධන විදුරුමස් දියවීම හා විදුරුමසින් ලේ යාම නැවතීමට ඉතා හිතකරය.

10. ජලය කෝප්ප 01 කට කුරුඳු තෙල් බිංදු 10 - 15 ක් සහ කරාබු නැටි තෙල් බිංදු 10- 15ක් එක්කර එම මිශ්‍රණයෙන් කට සෝදන්න. දත් කුහර සෑදීමද වළකී. ලේ ගැලීම නවතී.

11. පාස්ලි කොළ මේස හැඳි 02ක් සහ මිංචි කොළ මේස හැඳි 02ක් ජලය කෝප්පයකට මිශ්‍රකර මිනිත්තු දෙකක් පමණ අඹරන්න. ඉන්පසු මිශ්‍රණය පෙරා මුඛය සෝදන්න. ගිලීමෙන් වළකින්න. වීදුරුමස් රෝග නවතී.

12. නිතර ජලය පානය කිරීම ශරීර සෞඛ්‍යයට පමණක් නොව දන්ත සෞඛ්‍යයට ද හිතකරය.

13. සූදුරු ද හොඳ මුඛ ශෝධන විශේෂයකි. බැක්ටීරියා නාශක ගුණය පැවතීම නිසා විදුරුමස් රෝගවලට හිතකරයි.

14. කරාබු නැට්ටක් සැපීම ද මුඛ සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ. කරාබු නැටි තම්බා මුඛය සේදීමෙන් විදුරු මස් ආබාධ සහ ලේ ගැලීම නවතී.

15. පාස්ලි කොළ සැපීම හෝ විනාකිරිවල පාස්ලි කොළ ගිල්වා සැපීම ගුණදායකය. පාස්ලි කොළවල යුෂ පානය කරන්න. ජීර්ණය ද හොඳින් සිදු වේ.

16. දිනකට පේර කොළ කිහිපයක් මිනිත්තු 2 - 3 ක් සපා මුව සෝදා හරින්න. පේර කොළ 4 - 5 ක් වතුර කෝප්පයක තම්බා ලුණු ස්වල්පයක් එක්කර මුඛ ශෝදනයක් ලෙස භවිත කිරීමෙන් විදුරුමස්වල ලේ ගැලීම සහ විදුරු මස් ආබාධ දුරු කරවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.