වේග හඳුනා ගනිමු

ඔක්තෝබර් 23, 2020

ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග දහතුනක් පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරිරික වේගයන්ය. මළ වේග, මුත්‍රා වේග, වාත වේග, වමන වේග, කිවිසුම් වේග, කාස වේග, ඈනුම් වේග, බඩගිනි වේග, පිපාසා වේග, නිද්‍රා වේග, පීඩාවෙන් උපන්ශ්වාස වේග.ශුක්‍ර වේග

 

 

වේග යනු එදිනෙදා ජීවිතයේ දී කායික හා මානසික වශයෙන් ඉටුකළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයෙහි නොදැරිය යුතු වේග හා දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරව දක්වා ඇත. මෙම වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝග හටගනී.

 

වේග ධාරණය (දැරීම)

පුද්ගලයෙකුට සෑම අවස්ථාවකදී ඇතිවන සෑම ක්‍රියාවක් තමා විසින් වුවමනාවෙන් දරා සිටීම වේග ධාරණයයි. ආයුර්වේදයේ ශාරිරික වේග තමාට දැනුණු අවස්ථාවේදීම පහ කළ යුතු බව දක්වා ඇත. ඒ නිසා එම වේග නොදැරිය යුතු වේග ලෙස හඳුන්වයි. අද බොහෝ දෙනකු කාර්ය බහුල අවිවේකී ජීවිතයකට හුරුපුරුදු වී ඇති බැවින් වේග වුවමනාවෙන් දරා සිටීමට පුරුදු වී සිටී. එය නොයෙක් රෝගයන්ට ප්‍රධාන හේතුවකි.

වේග දරා ගැනීමේ වැදගත්කම

ආයුර්වේද අංග සම්පූර්ණ වෛද්‍ය ක්‍රමයකි. එහි මිනිසාගේ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතය සඳහා අවශ්‍ය සෑම කරුණක්ම විධිමත්ව සකස් කර ග්‍රන්ථ ගත කර ඇත. එහි සඳහන් දින චර්යා විධි යටතේ මිනිසා උදෑසන අවදිවීම ආගම ධර්මය සිහිකර මනස පවිත්‍ර කළ යුතු බව දක්වයි.

පසුව වාත මල, මුත්‍රා ආදි වූ ශාරීරික වේග පහකර සිරුර සැහැල්ලු කළ යුතු බව දක්වා ඇත. මානසික සුවය උදෙසා අහිතකර සිතුවිලි පාලනයක් ශාරිරික පිරිසුදු බව රැකගැනීහට ශාරීරික වේග පහ කිරීමත් දෛනිකව කළ යුතු වැදගත්ම කාර්යයකි. මෙය ආයුෂ රැකගැනීමට හා වැඩිකර ගැනීමට වැදගත් හැසිරීම් රටාවයි. තවද කාර්ය බහුල අයට අවශ්‍ය වන්නා වූ පිළිගත් පිළිවෙත් රැසකි.

නොදැරිය යුතු වේග

ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග දහතුනක් පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරිරික වේගයන්ය.

මළ වේග, මුත්‍රා වේග, වාත වේග, වමන වේග, කිවිසුම් වේග, කාස වේග, ඈනුම් වේග, බඩගිනි වේග, පිපාසා වේග, නිද්‍රා වේග, පීඩාවෙන් උපන්ශ්වාස වේග. ශුක්‍ර වේග

දැරිය යුතු වේග

දැරිය යුතු වේග ලෙස හඳුන්වා දී ඇත්තේ හිතේ හටගන්නා අහිතකර සිතුවිලිය. මේවා මානසික වේගයන්ය.

ලෝභය, ක්‍රෝධය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, මසුරුකම

මෙවැනි අහිතකර සිතුවිලි සිත පාලනය කිරීම මගින් දරා ගත යුතුය. එම රෝග පාලනය නොකළ කල්හි සිතීම වේගවත් වේ. එවිට වචන හා ක්‍රියාද වේගවත් වේ.

මෙම පුද්ගලයා මානසික දෝෂ කෝපතාව හා ශාරීරික දෝෂ කෝපතාව ඇති රෝගියෙක් බවට පත්වේ. එමෙන්ම පාලනය නොවූ අහිතකර සිතුවිලි ඇති එම තැනැත්තා සමාජයට පීඩාකාරි පුද්ගලයෙකු බවටද පත්වේ.

එම නිසා මානසික වේග ධාරණය සිදු කරන තැනැත්තාට මෙලොවදී සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජීවිතයක් ගත කළ හැකි බවත් පරලොවදි මොක්සුවය ලබාගත හැකි බවත් ආයුර්වේදයේ පෙන්වා දී ඇත.

කාස වේග දරා සිටීම

කැස්ස හටගත් විටදී එය වැළැක්වීමෙන් කැස්ස වැඩිවීම, හතිය ඇතිවීම, ආහාර අරුචිය, හෘදයාබාධ ඇඟපත වියළීම, හික්කාව ආදි ලෙඩ හටගනී.

මුත්‍රා වේග දරා සිටීම

මුත්‍රා පහ කිරීම සඳහා වන වුවමනාව දරා සිටීමෙන් යටිබඩෙහි වේදනාව හිසරදය, මුත්‍රා ගල් ආදි රෝග හටගනී.

මළ වේග දරා සිටීම

මළ පහ කිරීම සඳහා වන වුවමනාව දරා සිටීම නිසා හිසරදය, බඩ පිපුම, කට ගඳ ගැසීම කෙණ්ඩ පෙරළීම ආදි ලෙඩ හට ගනී.

වමන වේග දරා සිටීම

වමනය අවශ්‍යවූ විට එය වැළැක්වීමෙන් සිරුරේ කැසීම හමේ ලෙඩ, පාන්ඩු රෝග, ඉදිමුම . උණ, කැස්ස හතිය වැනි රෝගාබාධ ඇතිවේ.

ඈනුම් වේග දරා සිටීම

ඈනුම් යෑම වුවමනාවෙන් වැළකීම හේතුවෙන් හිසරදය සිරුරේ ඉන්ද්‍රිය දුර්වල බව හා නොයෙක් වාත රෝග හට ගනී.

බඩගිනි වේග දරා සිටීම

කෑම බීම නොගෙන කුසගින්න දරා සිටීම නිසා ආහාර අරුචිය , ගිලන්බව, ඇඟපත දුබල බව . කරකැවිල්ල වැනි රෝග හටගනී.

 

කඳුළු වේග දරා සිටීම

කඳුළු ගැලීම උත්සාහයෙන් වැළැක්වීමෙන් පීනස, ඇස් රෝග, හිසරදය, හෘද රෝග, අරුචිය ආදි වූ රෝග තත්ත්වයන් ඇතිවේ.

පිපාසා වේග දරා සිටීම

පිපාසය ඇතිවූ කල්හි එය දරාසිටීමෙන් දෙතොල්හි වියළි බව, සිරුරේ අප්‍රාණික බව, බිහිරි බව, සිහි මුළාවීම, කරකැවිල්ල, හෘදයාබාධය ආදිය හට ගනී.

 

උපදෙස් වැල්ලම්පිටිය කැඩුම් බිදුම් බෙහෙත් ශාලාවේ

වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර ස්වර්ණා චන්ද්‍රලතා 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.