ආයුර්වේදයට අනුව කාංසාවට හේතු

දෙසැම්බර් 4, 2020

පුද්ගලයාගේ ආධ්‍යාත්මය හා ඔහුගේ සිතේ ස්වභාවය එම පුද්ගලයා ලෙඩ වීමට මෙන්ම ලෙඩ සුවවීමට ද එකසේ බලපායි. මේ අනුව පුද්ගලයාට මානසික බලපෑම් සිදුවන ක්‍රම 03 කි. ඒ සත්ව, රජස් හා තමස් යන ගුණාංග 03 ය .ආයුර්වේදයට අනුව එම ගුණාංගවල ලක්ෂණයන් මෙසේය.

ස්ථිර ප්‍රතිපත්තිවලින් යුතුවීම, සන්සුන්බව, ගැඹුරු බුද්ධියකින් යුතුවීම, යහපත් උතුම් අදහස්වලින් යුතුවීම, ධෛර්ය හා එඩිතර බව, පිරිපුන් හා පවිත්‍ර බව, සිහිකල්පනාවෙන් යුතු බව, කාරුණික හා කෘතවේදී බව, සත්ව ගුණ ලක්ෂණයි. ක්‍රෝධ බව, ලෝභ බව, ද්වේශ බව, උඩඟු බව, අවිවේකී බව රජස් ගුණයි. මතක ශක්තිය දුර්වල වීම, අලස වීම, නින්දට කැමති වීම, උදාසීන වීම, බුද්ධිමය හැකියාව දුර්වල වීම, කනස්සලුබවින් යුතු වීම, නොසන්සුන් ස්වභාවය තමස් ගුණ ලක්ෂණයි. මෙහි සත්ව ගුණ යනු ආධ්‍යාත්මික ශක්තියේ ගුණාංගය එය දුර්වල කරන්නා වූ සිත කරා ඇදී එන ඍණ බලවේග හෙවත් අසුබවාදී සිතුවිලි රජස් ගුණයි. රජස් ගුණ නැමැති රෝගකාරක නිසා ඇති වන රෝගී තත්වයන් තමස් ගුණයි. මේ අනුව ආධ්‍යාත්මික දුර්වල වන විට මානසික ආතතිය, කාංසාව, අවපීඩනය වැනි මනෝකායික ව්‍යාධී ඇති වෙයි.

ජීවිතයට විවිධ කරදර බාධක අමිහිරි සිදුවීම් ඇති වීම ස්වභාවිකය. නිරෝෂාට ද ඇයගේ කර්ම පල වල ස්වභාවයට ගැළපෙන ලෙස ලෝක ධර්මතාවයට අනුව පීඩාකාරි ලිංගික අතවරයකට මුහුණ පාන්නට සිදු විය. ඒ අවස්ථාව වන විට ඇයගේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල වී තිබිණි. ගැඹුරු බුද්ධියකින් යුතු බව , පිරිපුන් බව යන සත්ව ගුණවලින් ඇය දුර්වල වී තිබිණි.ඇයට වූ සිද්ධිය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට ඇය සතුවිය යුතු දැනුම ඇයට නොතිබිණි. ඒ හේතුව නිසා ක්‍රෝධය , ද්වේෂය වැනි රජස් ගුණ වැඩි විය. එහි ප්‍රතිඵලයක් ලෙස අවිනිශ්චිත බිය, සැක, සාංකාව ඇයගේ සිතේ පහළ විය. එය කායිකව ස්නායු පද්ධතිය හා නිර්නාල ග්‍රන්ථී පද්ධතියට බලපෑම් කර අල්ලට දහඩිය දැමීමේ රෝග ලක්ෂණයට ගොදුරු විය.

 

ප්‍රතිකාර

ස්නායු පද්ධතියට හා නිර්නාල ග්‍රන්ථී පද්ධතියට ඇති වූ බලපෑම හෙවත් ත්‍රිදෝෂය සමනය කිරීම සඳහා ඖෂධ ප්‍රතිකාර යෙදීම ඒ සඳහා පාචන , දීපන, ශෝධන, සමන යන ආයුර්වේද සිද්ධාන්තවලට අනුව කෂාය ගුලි කල්ක පංච කර්ම ප්‍රතිකාර, හිසකුඩිච්චි වැනි ප්‍රතිකාර සිදු කිරීම ද ලෝකධර්මතාවය, කර්ම විපාක සෞඛ්‍යය ජීවිතය වැනි දේ පිළිබඳව දැනුම ලබාදී ගැඹුරු බුද්ධියකින් යුතු බව නැමැති සත්ව ගුණය වර්ධනයට උපකාරි කිරීම ඒ තුළින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීම ද ඇයගේ අකුසල කර්මවල විපාක දීමේ රිද්මය වෙනස් කිරීම සඳහා කුසල කර්ම හා ශාන්තිකර්මවලට නිර්දේශ කිරීම කරුණාවෙන් යුතුව ඇයට සවන්දී ඇයගේ යටි හිත තුළ හිර වූ පීඩනය ඉවත් කිරීමට හෙවත් මනෝ විරේකයක් සඳහා අවස්ථාව ලබාදීම වැනි ප්‍රතිකාර විධි අනුගමනය කළ යුතුය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.