අධිරුධිර පීඩනය සහ පිළිකා වළකන බීට්රූට්

පෙබරවාරි 12, 2021

සාමාන්‍යයෙන් අප දකින බීට් අලය රතු පැහැති වූවත් එහි රතු, සුදු, සහ කහ යනුවෙන් ප්‍රභේද තුනකි. ආහාර වර්ණ ගැන්වීමට මෙන්ම රෝග රැසකට ගුණදෙන ශාකයක් වශයෙන් ද බීට් යොදා ගැනේ. මධ්‍යකාලීන යුගයේ සිටම බීට්රූට් විවිධ රෝග සුව කිරීම සඳහා යොදා‌ගෙන ඇත.

 

බීට් සහ බීට්රූට් යනුවෙන් හඳුන්වන බීට් රතු පැහැති අලයකින් යුත් කෙටි පඳුරු වශයෙන් වැඩෙන ශාකයකි. එහි අල මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනේ.

 

එහි විද්‍යාත්මක නාමය වන්නේ ‘බීටා

වුල්ගරිස්’ (ඕඥබච මභතඨචපඪඵ) ය. බීට්රූට් යනු මුදුන් මුල අලයක් මෙන් සෑදීමෙන් ආහාර නිෂ්පාදනය කරන ශාකයකි. සාමාන්‍යයෙන් අප දකින බීට් අලය රතු පැහැති වූවත් එහි රතු, සුදු, සහ කහ යනුවෙන් ප්‍රභේද තුනකි. ආහාර වර්ණ ගැන්වීමට මෙන්ම රෝග රැසකට ගුණදෙන ශාකයක් වශයෙන් ද බීට් යොදා ගැනේ. මධ්‍යකාලීන යුගයේ සිටම බීට්රූට් විවිධ රෝග සුව කිරීම සඳහා යොදා‌ගෙන ඇත.

 

බීට්රූට් වල ගුණ

බීට්රූට් වල නයිට්‍රේට් අඩංගු වන නිසා බීට්රූට් යුෂ පානය කිරීමෙන් රුධිර පීඩනය අවම කරගත හැකිය.

බීට්රූට් යුෂ පානය කිරීමෙන් රුධිර පීඩනය අවම වන නිසා හෘදයේ පටක වලට රුධිරය ගමන් කිරීම අවහිර නොවී ක්‍රමානුකූලව සිදුවේ.

බෙටනින් අඩංගු බැවින් බීට්රූට් මඟින් පෙණහැල්ලේ සහ සමේ පිළිකා ඇතිවීම වළක්වයි.

කැල්සියම්, විටමින් බී, යකඩ සහ ඇන්ටිඔක්සිඩන්ට් (ප්‍රතිඔක්සිකාරක) අඩංගු වන නිසා අක්මාවට ගුණදායක වේ.

මාංශ පේෂීන්ට හානි වීම අවම කරන අතර සිරුරේ ශක්ති පරිමාව වැඩි කරයි.

ෆෝලේට් , තන්තු, සහ බෙටසයනීන් අඩංගු නිසා ප්‍රදාහය ඇති වීම වළක්වයි.

බීට්වල ඇති නයිට්‍රේට් ශරීරයේදී නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත් වීමෙන් මොළයේ සෛල

එකිනෙක අතර සන්නිවේදනය පහසු කරවයි.

බීට්වල තන්තු අන්තර්ගත වන නිසා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි.

තන්තු අඩංගු වීමෙන් ආහාර ජීර්ණය පහසු කරයි.

ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා තන්තු උපකාරී වේ.

බීට්රූට් වල ෆෝලික් ඇසිඩ් අඩංගු වන නිසා ගැබිනි මව්වරුන්ට ගුණදායක වේ.

යකඩ අඩංගු බැවින් සිරුරේ ලේ හිඟ වීමට හොඳ ප්‍රතිකාරකයක් වේ.

බීට්රූට් වල කැරොටිනොයිඩ් අඩංගු වන නිසා ඇසේ තිමිරය සෑදීම වළක්වයි.

කැල්සියම් වලින් අනූන බැවින් අස්ථි සහ දත් ශක්තිමත් කිරීමට උපකාරී වේ.

බීට්රූට්වල අඩංගු තන්තු මඟින් පෝෂක කොටස් සිරුරට උරා ගැනීමට උපකාරී වන අතර එහි ඇති ස්වභාවික සීනි ශරීරයේ බර අඩුකර ගැනීමට උපකාරි වේ.

බීට්වල අන්තර්ගත පොලිපිනොල් සහ බෙටසයනීන් සංයෝග ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ දමන අතර එය ඔක්සිකාරක ආතතියට ඔසුවක් වේ.

බීට්රූට් වල යහමින් අඩංගු විටමින් ‘ඒ’ සහ කැරොටිනොයිඩ් මඟින් සමේ ඇතිවන කැළැල් මැකීම සිදු කරයි.

බීට්වල අඩංගු නයිට්‍රේට් සිරුරේදී නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත්වීම නිසා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය වැළැක්වීමට උපකාරී වේ.

බීට්වල අගුණ

බීට්රූට් වල ඔක්සලේට් අන්තර්ගත වන නිසා බහුලව බීට් ආහාරයට ගැනීමෙන් වකුගඩු වල ගල් ඇති විය හැකියි.

ඇතැම් අයට බීට් අසාත්මික වීමෙන් පලු, දද, කැසීම ආදිය ඇතිවිය හැකිය.

බීට්රූට්වල අඩංගු බෙටසයිනින් හේතුවෙන් මලපහ කරන විට ඒවා රතු පැහැයට හුරු වේ.

බීට්රූට් ආහාරයට ගැනීමෙන් එක් වරම රුධිර පීඩනය පහත බැසිය හැකිය.

ගෑස්ට්‍රයිටිස් වැනි රෝග ඇති අයට බීට්රූට් ආහාරයට ගැනීමෙන් උදරයේ අපහසුතා ඇතිවිය හැකිය.

ගැබිනි මව්වරුන් නයිට්‍රේට්වලට සංවේදි වන අතර බීට්වල නයිට්‍රේට් ඇති බැවින් ඇතැම් අවස්ථා වල ගැබිනි මව්වරුන්ට සුදුසු නොවිය හැකිය.

ඔක්සලේට් අඩුවන බැවින් වාත රක්තය ඇතිවිය හැකිය.

යකඩ, මැග්නීසියම්, කොපර් සහ පොස්පරස් වැනි ඛණිජ අඩංගු බැවින් මේවා අක්මාවේ එක්රැස් වීම අක්මාවට සහ අග්න්‍යාශයට හානිදායක විය හැකිය.

බීට්රූට් තම්බා ගැනීමෙන් සලාද ලෙස සකස් කරගත හැකිය. එමෙන්ම බීට්රූට් අල ව්‍යංජනයක්ලෙස පිසීමෙන් මෙන්ම අමුවෙන් ආහාරයට ගත හැකිය.

බීට්රූට් අලයේ ඇති රතු පැහැය හේතුවෙන් එය ස්වභාවික වර්ණකයක් වශයෙන් තක්කාලි සෝස්, අතුරුපස, ජෑම්, ජෙලි සහ අයිස්ක්‍රීම් සඳහා යොදා ගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.