ප්‍රතිකාර නොගැනීමෙන් වේදනාකාරි තත්ත්වයට පත්වෙන අර්ශස් රෝගය

පෙබරවාරි 1, 2019

අර්ශස් රෝගය වැඩිහිටියන් අතර බහුලව පවතින රෝගයක් වුවත් වර්තමානයේදී එය දරුවන් අතරද බෙහෙවින් පවතින බව කිව යුතුමය. වයස්ගත වීමේදී ශරීරයේ ඇතිවන යම් යම් දුර්වලකම් හේතුවෙන් ඉක්මනින්ම රෝගාබාධවලට ලක්වීම වැළැක්විය නොහැකිය.

එහෙත් කෑමෙන් බීමෙන් හා හැසිරීම් රටාවෙන් ප්‍රවේසම්වීමෙන් එය තරමක් දුරට හෝ වළක්වා ගත හැකිය. අර්ශස් රෝගය වැළඳීමෙන් කායික වේදනාව මෙන්ම දැඩි මානසික පීඩනයට ද ලක්වීම බෙහෙවින්ම සිදුවේ. අර්ශස් රෝගය වෛද්‍ය විද්‍යාත්මකව හිමොරයිඩ් ඩ්ඡ්ර්ඡ්අඅඩ්ඒධ්ච්ධ් ලෙස හඳුන්වා ඇත. එය ආයුර්වේදය හඳුන්වා ඇත්තේ අර්ශ ලෙසය මෙම රෝගය දුර්නාම, ගුදකිල සහ ගුදාංකුර යන නම්වලින්ද සඳහන්ව ඇත.

අර්ශස් රෝගය වැළඳීමට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ප්‍රධාන වේ. එනම් වැරදි ආහාර රටාව හා වැරදි ජීවන රටාවයි. ආයුර්වේදය අර්ශස් රෝගය මහා රෝගයක් හැටියටද හඳුන්වා ඇත. ඒ රෝගයට නිසි ප්‍රතිකාර නොගතහොත් අසාධ්‍ය තත්වයට පත්වන බැවිනි. ආයුර්වේදයේ රෝග හේතු දක්වන ඉතා වටිනා ග්‍රන්ථයක් වන මාධව නිදානය අර්ශස් රෝගී තත්වය හඳුන්වා ඇත්තේ මෙසේ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.රාජපුර

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.