අක්කරපට්ටා

පෙබරවාරි 8, 2019

රෝග රැසකට ගුණදෙන අගනා ඔසුව

මෙම අක්කරපට්ටා ඖෂධ ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ වැවෙන බවක් නොදන්නා අතර බොහෝ සෙයින් විදේශීය රටවලින් මෙරටට ආනයනය කරති. අක්කරපට්ටා යොදා සකස් කරනු ලබන ඖෂධ යෝග රාශියක් වන අතර ලිංගික බෙලහීනතාවයට යොදන ඖෂධ රාශියක්ද ඒ අතර වෙති. එයට අමතරව, පීනස, කාස, ශ්වාස, ඇදුම ආදි රෝගාබාධයන් සඳහාද එසේම මුඛ රෝග සහ දන්ත රෝග සඳහාද යොදනු ලබන ඖෂධ සඳහාද අක්කරපට්ටා ප්‍රධාන උපාදානයක් වේ.

අක්කරපට්ටා වැවෙන ප්‍රදේශ

මෙය අරාබිය විසින් 13 වන සියවසේදී පුනානිය ඔස්සේ ඉන්දියාවට හඳුන්වා දෙනු ලැබූ උද්භිදවලින් එකක් ලෙස සැලකේ. දැනට උතුරු අපි‍්‍රකාව ,අරාබිය, සිරියාව, බෙංගාලය ආදී රටවල දක්නට ලැබෙයි.

අක්කරපට්ටා ස්වරූපය

කීකිරිදිය කුලයෙහි ගුල්ම ජාතීය උද්භීදයක මුල් අක්කරපට්ටා නම් වේ. මෙම ගුල්මයේ අතුවල දුරින් දුර ගැට හා රෝම පවතියි. පොත්ත අලුපාටට හෝ සුදු පැහැයට හුරු වේ. තික්තය. සැපූ විට මඳක් මිහිරි හා කටුක වේ. මෙම මුලෙන් සියුම් මුල් බැහැර වෙයි. ඒවා ප්‍රමාණයෙන් අඟල් 3-4 ක් දිග හා අඟල් 1/2- 3/4 පමණ මහතින් යුක්ත වේ. මෙම මුල් පිටතින් දුඹුරු වර්ණයි. කැඩු විට ඇතුලත සුදු පැහැයට හුරුය. මුල් වල වීර්යය වසර 7 ක් පමණ පවතිනු ඇත. මුල් සැපූ විට තික්තය. මඳක් මිහිරි හා කටුකය. සැපූ විට දිවට උණුසුම් පුපුරු ගැසීම් හා දැවිල්ල දනවන මුල් ඖෂධ සඳහා සුදුසු සේ සැලකේ. මේවායේ කොළ සැපූ විට දිවුල් කොළ වල රසය මෙන් රසයක් දැනේ. ගී‍්‍රෂ්ම ඍතුවේදී අතු අග මල් හටගනියි. මේවායේ මල්පෙති සුදුපාට රෝස පාට දෙකින් යුක්තය. දාස්පෙති මල් මෙන් මල් හටගනියි. මෙය භාව ප්‍රකාශ ග්‍රන්ථයේ හරිතක්‍යාදී වර්ගයට අයත් ද්‍රව්‍යයක් ලෙස දක්වයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.