මුඛ පරම්පරාවෙන් ගෙන ආ අත් බෙහෙත්

පෙබරවාරි 8, 2019

ආයුර්වේද හා දේශීය වෛද්‍යක්‍රම ආශ්‍රයෙන් අපේ ජනසමාජයට උරුම වූ මහඟු දායාදයකි අත් බෙහෙත් වෙදකම. මෙම අත් වෙදකම පුරාණයේ සිට මුළු ආසියාතිකයේ හා චීනයේ ද පැතිර තිබුණි. යුරෝපා රටවලද විශේෂයෙන් එංගලන්තය වැනි රටවල වැවෙන ඖෂධීය ශාක සමඟ ආවේණික වූ වෛද්‍ය ක්‍රමයන් ද ඇත.

ඉංගී‍්‍රසි ජාතිකයා ලංකාව පිළිබඳ තොරතුරු ලිවීමේ දී ඓතිහාසික වශයෙන් මේ රටේ හැම දෙනා මෙන්ම ගෘහණියද වෙදෙක් බවත් ඇතිවන රෝග සහ කෙටීම්, උළුක්කු හා සර්ප විෂ නැසීම හා ප්‍රතිකාර කිරීම සිංහල කොයි කාටත් සාමාන්‍ය දැනුමක් හා පුරුද්දක් ඇති බවද සඳහන් ය. මීට පෙර විසුවන් වසර දහස් ගණනකට උඩදී මේ සියල්ල හඳුනාගෙන වෙදවරු බිහිවීමට ප්‍රථම ගෘහ මූලිකයා හෝ මූලිකාව මෙම වෙදකම මුඛ පරම්පරාවෙන් ගෙන එමින් තම දරුවන්ටද දෙන විශාල දායාදයක් ලෙස පුරුදු පුහුණු කළ බව පෙනේ. එදා සිට බොහෝ රෝගයන්ට අවශ්‍ය බෙහෙත් පැළෑටිද ගෙවත්තේ වගා කරගත් බව සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලින් දැක්වේ. සෑම නිවසකම ඖෂධීය පෙට්ටියක් තිබුණි. එහි සාදික්කා, වසාවාසි, අරළු, බුළු, නෙල්ලි, කුඹුරු ඇට, පුස්ඇට, කොහොඹ ඇට, එඬරු ඇට වැනි දේ රැස්කර ගෙන තිබුණි. තවද වත්තේ වැටේ හෝ කොනක පාවට්ටා, නික, කොහොඹ, පලොල්, එඬරු ආදී ගස්ද හීන් උඳුපියලි, ඉඟුරු, තිප්පිලි, ඉරිවේරිය වැනි කුඩා ඖෂධ පැළෑටි වගාකර අවශ්‍යතාවය තුළදී ප්‍රයෝජනයට ගෙන ඇති බව හෙළි වේ.

මෙම අත් බෙහෙත් භාවිතා කරන විධි දෙකකි.

1. අභ්‍යන්තර වශයෙන්

2. බාහිර වශයෙනි.

අභ්‍යන්තරයට අනුපාන, ඉස්ම වියළි ඖෂධ කුඩු තැම්බූ වතුර, චූර්ණ, ලේහ, කෂාය, කැඳ, පේයාව වන අතර බාහිර වශයෙන් තැවිලි, මැල්ලුම් තෙල්, නස්න, ආලේප වේ. සෑම පානයකට ම අනුපාන ප්‍රධාන ඖෂධයට අතිරේකව ගන්නා ද්‍රව්‍යයන්ය. සීනි, මී පැණි, උක්පැණි, උක්හකුරු, දෙහියුෂ, ගිතෙල්, සහිඳ ලුනු ආදිය වේ. ආයුර්වේද මතය අනුව බොහෝ රෝගයන්ට හේතුව ආමයයි. අග්නිය අඩුවීමෙන්ද අජීර්ණ ඇතිවේ....

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අමිතිරිගල මැදගොඩ ගුණවතී එදිරිසිංහ මිය

සටහන යටියන්තොට සමූහ, කුමාරසිංහ ගුණදාස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.