පැහැපත් බවට මළබද්ධයට මුත්‍රා දැවිල්ලට හා වකුගඩු ක්‍රියාකාරීත්වයට අළුපුහුල්

පෙබරවාරි 15, 2019

සිසිල් ගුණයෙන් යුත් අළුපුහුල් ශරීර පැහැය වර්ධනය කරන මුත්‍රා දැවිල්ල සමනය කරන මහඟු ඖෂධයකි. සිංහල භාෂාවෙන් පුහුල් - අළුපුහුල් යන වචනයෙන් භාවිතාවන පුහුල් සංස්කෘත භාෂාවෙන් කුෂ්මාණ්ඩ, පුෂ්ථල, මහාථල, පීත පුෂ්ප, පදාපලතා, කුඩයෝෂ්ඨලා ආදී නම් රැසකින්ම හඳුන්වති.

කියුකර්බිටේසියා (ජභජභපචඡඪබචජඥචඥ) කුලයට අයත් අළු පුහුල් බෙනික්කාසා සෙරි ෆෙරා (ඕඥදඪදජචඵච ඛ්ඥපඪටඥපච) යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලැබේ. ඉංගී‍්‍රසි බසින් එඩඪබඥ ර්‍ථභථඡඬඪද ඹඩඪබඥ ට්භපච ර්ඥබධද ඹචයඨචභපඤ ඖෂධ වශයෙන් මුල් වැලේ දඬු, මල් දලු, කොළ, ගෙඩියේ ඇට හා ගෙඩියේ පොත්තද ගනු ලබති. ඖෂධීය හා ආහාර වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන අළුපුහුල් සෙත් ශාන්ති බලිතොවිල් පූජා ආදියට ද ගනු ලබති.

අළුපුහුල් බොහෝ ඖෂධ නිෂ්පාදනයට ගනු ලබන ඖෂධයකි. ශරීරගත විෂ නැසීමේ මහඟු ගුණයක් අළුපුහුල්වල සතු ය. යම් හෙයකින් යම් විෂක් ශරීරගත වුවහොත් පුහුල් ඉස්ම බීමට දීමෙන් එහි පවතින විෂ නැතිකරගත හැකි ය. මානසික සෞඛ්‍ය ආරක්ෂාවට ද අළුපුහුල් බෙහෙවින් උපකාරී වේ. බොහෝ දෙනකු අළුපුහුල්වල කිසිදු රසයක් හෝ සුවඳක් නැතැයි කියමින් අළු පුහුල්වලට වැඩි කැමැත්තක් නොදැක්වුවත් එහි ඇති ගුණය නම් අපමණය. ශරීරය සිසිල් කරන ගතියන් ඇති පුහුල් මැලේරියා රෝගයට විශේෂයෙන් ගුණ ගෙන දේ. බොහෝවිට අර්ශස් රෝගීන්, මුත්‍රා ආශි‍්‍රත රෝගවලින් පෙළෙන්නට පුහුල්වලින් හොඳ ගුණයක් ලබාදෙයි.

අළුපුහුල් ශරීරයේ දාහය නැතිකර සිසිල් බව ලබාදෙයි. රත්පිත් හා වාත දෝෂ නසන අතර ශක්තිය ද ලබාදෙයි. පිත් දෝස සමනය කරන අතර කුසගින්න වඩවයි. අළුපුහුල් යුෂ සිහිමදගතිය, මීමැස්මොරයට, ගුණාත්මක ඖෂධයකි. බොහෝ ඖෂධවලට අළු පුහුල් මදය මෙන්ම ඇට ද පුහුල් කොළද යොදා ගනිති. අළු පුහුල් ව්‍යාංජනයක් මෙන්ම අළු පුහුල් දෝසි මෙන් රසවත් කෑම සූදානම් කිරීමට ද ගනිති. මඳක් පැසුණු පුහුල් කුසගිනි වඩවනු ලබන අතර පිත්දෝසද සමනය කරති. පිලිස්සුම් තුවාලවලදී පුහුල්කොළ උණු වතුරෙන් අඹරා ගෑමෙන් වේදනාව පහව යන අතර තුවාලයද සුවවේ. වේදනා නාශක ගුණයෙන් යුත් අළුපුහුල් ශරීරයේ ඇතිවන ඉදිමුම්වලදී අළුපුහුල් කොළ ටිකක් ගෙන අමුකහ කෑල්ලක් සමඟ අඹරා එම ස්ථානයේ ආලේප කිරීමෙන් ඉදිමුම අඩු වී යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.