සමේ පැහැය ඇති කරන ග්‍රහදොස් නසන සැවැන්දරා

මාර්තු 15, 2019

සැවැන්දරා, සුවඳහොට, සැවැන්න, සුවදෙට හා සැවැන්දන යන නම්වලින් හඳුන්වනු ලබන සැවැන්දරා පුද පූජාවලට ගනු ලබන ප්‍රමුඛ පූජා ද්‍රව්‍යයක් වන අතර සමේ පැහැපත් බවත් වාත පිත්ත ජවර යන රෝගාබාධවලට මෙන්ම රත්පිත් ඔල්මාද, ග්‍රහණි පාණ්ඩු ආදී රෝගවලටත් දෙනු ලබන ප්‍රතිකාරවලදී ඖෂධ සඳහා ගනු ලබන ප්‍රබල ඖෂධයකි.

සැවැන්දරා, ළදරු රෝග අර්ශස් ග්‍රහ දෝෂවලට මෙන්ම උන්මාද ඔල්මාද ආදී රෝග සඳහා ද ගනු ලබන අතර රක්තප්‍රදරය සන්ධි ගත වාත වේදනා රක්තාසාර ආමවාත භගංදර ශීර්ෂ රෝග ආදී රෝග සඳහා ද සැවැන්දරා ගනු ලබති. විශේෂයෙන් කාවුන් වැනි කෘමීන්ගෙන් ඇඳුම් ආරක්ෂා කරගැනීමට යොදනු ලබන සුවඳ ද්‍රව්‍යයක් ද වේ.

සංස්කෘත භාෂාවෙන් උශිර, අමෘත නාල සමගන්ධකා ජලාවාෂ, සුගන්ධිමූලක, සුගන්ධි, අමෘණාල සමගන්ධක යන නම්වලින්ද හඳුන්වයි. සැවැන්දරාවලට දෙමළ බසින් හඳුන්වා ඇත්තේ වෙට්ටිවේර් යනුවෙනි. සිරුරේ කාන්තිය වඩවන ඉතා ප්‍රසන්න සුවඳකින් යුක්තවන ඖෂධ රාශියකට යොදා ගන්නා සැවැන්දරා විශේෂ ළමා රෝග සඳහාද ගනු ලබන ඖෂධයකි. ඖෂධීය බෙහෙත් තෙල් සුවඳවත් කිරීමට ද ගන්නා සැවැන්දරා පොල්තෙල් සුවඳවත් කිරීම සඳහා ද සැවැන්දරා මුල් යොදා ගනිති. බෝධි පූජා පැවැත්වීමේ දී බෝධීන් වහන්සේ දෝවනය කිරීම සඳහා සකස් කරගනු ලබන පැන් කළයටද සැවැන්දරා වියළිමුල් බහාලති. එමෙන්ම දෙවියන්ට පූජා පැවැත්වීමේ දී ගනු ලබන අෂ්ඨාංගධූපයේ එක් පූජා ද්‍රව්‍යයක් වන්නේත් සැවැන්දරා ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙද මැදුරේ,

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් එම්.පී. රාජපුර

සටහන එස්.එස්. එස්. ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.