දේශීය වෙදකමේ ඉහළ තැනක් හිමි බෙහෙත් වද මල්

මාර්තු 15, 2019

කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා පිරිසට මහා ඖෂධයක් වන බෙහෙත් වද මල්වල ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට මෙන්ම සම පැහැපත් කිරීමටද බෙහෙත් වද මලට හැකියාව ඇති අතර දේශීය පාරම්පරික ආහාර වට්ටෝරුවලට ද වද මල් එක් වේ.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා සැමට සමේ රෝග අවස්ථාවලද ඉතාම ගුණදායි බෙහෙත් සාදා ගැනීමට බෙහෙත් වද කොළ ද ප්‍රයෝජනයට ගනු ඇත. කිරි දරුවන් ස්නානය කිරීමේදී තම්බා ගන්නා ලද වද මල් භාවිත කරන අතර, ඉතාම රසවත් පානයක් ලෙසද බෙහෙත් වද මල් ප්‍රයෝජනයට ගත හැකිය.

ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද බෙහෙත් වදවලින් සාදන ලද ඖෂධ රැසක් ඇති අතර විශේෂයෙන් කාන්තාවන් සඳහා ප්‍රධාන තැනක් ගන්නා මෙම ඖෂධය අද වන විට විනාශවීමට ද පටන්ගෙන ඇත. අපගේ දැනුවත්භාවය මේ සඳහා අවධානය අඩුවීම, වටිනා ඖෂධයක් අපට අහිමි වෙන කාලය වැඩි ඈතක නොවනු ඇත. කෙසේ වෙතත් ඔබට ප්‍රයෝජනවත් වෙන බෙහෙත් වදමලින් සාදාගත හැකි ආහාර කීපයක් හා ඖෂධ කීපයක් මෙයින් ඔබට තිළිණ කරන අතර මෙය ප්‍රයෝජනයට ගෙන නීරෝගි කෙනෙකු ලෙස ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

දේශීය පාරම්පරික වෛද්‍ය, දේශබන්ධු ඩී.පී.ඒ.පාලින්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.