මළබද්ධය සමනය කරන රසවත් ආහාරයක් වූ කොහිල

අප්‍රේල් 19, 2019

ගුණවත්, රසවත් ආහාරයක් මෙන්ම ඖෂධයක් වන කොහිල රෝග රැසකට ගුණදෙන මහඟු ඖෂධයකි. බාල තරුණ මහළු කොයිකාටත් එකසේ ගුණදෙන කොහිල වර්ග කීපයකින්ම ඇත. කිරි කොහිල, මස් කොහිල, කළු කොහිල, වැල් කොහිල ආදී වශයෙන් එය හඳුන්වා ඇත.

ශරීරයට අවශ්‍ය කෙඳි සහිත ආහාරයක්වන කොහිලවල ඖෂධීය ගුණය අපමණය. විශේෂයෙන් දියවැඩියාව නොහොත් මධුමේහය මුත්‍රවල සහ සීනිවල වැඩවීම පාලනය කිරීමටද කොහිලවල ඇත්තේ විශේෂ ගුණයකි. රුධිරයේ කොලෙස්ටරෝල් අධික රෝගීන්ට මෙන්ම අර්ශස් රෝගීන්ට ද කොහිල ඉතා හොඳ බෙහෙතකි. විශේෂයෙන් අර්ශස් රෝගයෙන් පීඩා විඳින ලේ යන රෝගීන්ට කොහිල අල දඬු ගොටුකොළ රතුළූණු බිංකරල් සමවගෙන කොටා වන්ඩුවේ තම්බා බීමට දීමෙන් සුවයක් ගෙන දේ.

කොහිල වර්ග වලින් කිරි කොහිල තම්බන විට ඉතා මොලොක් හා රසවත් බවක් ඇතිවේ. වැල් කොහිල අර්ශස් රෝගීන්ට නම් ඉතාම ගුණදායකය. කළු කොහිලවල අල හා කොහිල කොළ, අනෙකුත් කොහිල කොළවලට වඩා විශාලය. වස විස ශරීර ගත වූ විට කොහිල කැඳ පිළියෙල කර දීමෙන් ගුණයක් ඇතිවේ. විශේෂයෙන් ආහාරයට සකස් කරනු ලබන්නේ කොහිල අල කොහිල දඬු හා කොහිල කොළ කොහිල අලවල ඇති තන්තුමය ගතිය නිසා එහි කෙඳි රෝග සමනයට හේතු වේ.

පිත් නසන ගුණයෙන් යුත් කොහිල කොළවලට වඩා අලවල යකඩ වැඩිපුර පවතී. එය ලේවල ශක්තිය ඇතිකිරීමට උපකාරී වේ. ශරීරයට අවශ්‍ය කෙඳි සහිත ආහාරයක් වශයෙන් කොහිල දළු එළවළුවේ ඇති ගුණය අපමණය. කොහිල වල ඇති කෙඳි ආමාශයේ දී හෝ බඩවැලේ දී හෝ ජීර්ණ තත්ත්වයකටපත් නොවේ. කොහිල ව්‍යාංජන ලෙස අල, කොළ හා කොහිල දළු යොදා ගනු ලබයි. කොහිල අල ඖෂධීය කැඳට ද යොදාගනු ලබති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල, පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. ජී. රාජපුර

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.