ප්‍රතිශක්තිය වඩනා දේශීය ආහාර හා ඔසු ගුණ පුවත

අප්‍රේල් 26, 2019

අප නිරෝගීව තබනා මනා ශාරීරික පැවැත්මක් ඇති කරවනා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂමවීම ඉතාමත් වැදගත් වෙනවා. කුඩා රෝග තත්ත්වයේ පටන් දරුණු රෝග තත්ත්වයක් දක්වා මනාව පාලනය කොට අපට නිරෝගිභාවය ලබාදීම සඳහා මෙහි පැවැත්ම ඉතාමත් වැදගත් වෙනවා.

වයසට යාම පවා වළකා ශාරීරික පැවැත්මේ මනා කළමනාකාරීත්වය මේ මගින් අපට ලබාදෙනුයේ අපගේ ජීවන පැවැත්මේ යහපත් බව හේතු කොටගෙනම ය. මේ සඳහා ඉතාමත් වැදගත් වනුයේ අපගේ ජීවන තත්ත්වයේ පහත කරුණුම ය.

1. සමබල ආහාර වේලක් ලබාගැනීම

2. සෞඛ්‍ය සම්පන්නව ජීවන රටාවකට අප හුරුවීම.

3. පරිසරය සුරැකීම සහ එහි පිරිසුදුකම රැකගනිමින් දූෂණය වළකාලීමත් යන කරුණු ප්‍රධාන වේ.

ප්‍රතිශක්තිජනක අපේ දේශීය ආහාර හඳුනාගනිමු.

බතල - ඉඹඥඥබ ර්‍ථධබචබධ

විශේෂයෙන් බතලවල විටමින් ඕ6 විටමින් ඛ් විටමින් ඡ් හා බීටාකැරොටින්, යකඩ, පොටෑසියම් තන්තු අන්තර්ගත වේ. බතලවල විටමින් සී බහුලව පවතී. එසේම බීටාකැරොටින් ද ඇතුළත් වන නිසා මේවා ශරීරයට උරා ගනී. ශරීරය විසින් එය විටමින් ඒ බවට පත්කොට එමගින් පිළිකාවලට එරෙහිව ක්‍රියාකළ හැකි ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. විටමින් ඕ මගින් හමේ පැහැයද ඇති කරයි. එසේම බතලවල අඩංගු කෙඳි ස්වභාවය නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලියට එය කදිම උපකාරයක් ද වේ. එමගින් ප්‍රතිශක්තිය නංවාලයි.

පොත පත ඇසුරින් එච්.එස්. සංජීවනී

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.