ගෙඩි, වණ, තුවාල සුව කරන අගනා ඔසුව

මැයි 3, 2019

 “පුපුල”

බොහෝවිට අනවශ්‍ය පැළෑටියක් වශයෙන් උදුරා දැමීමෙන් වඳවීමේ තර්ජනයට ලක්විය හැකි පැළෑටියක් නිසා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතු ඖෂධීය ශාකයකි.
දේශීය වෙදකමේ දී ගෙඩි, වණ, පිළිකා, සර්පවිෂ, කැඩුම් බිඳුම් ආදී රෝගාබාධයන් රාශියකට බහුල වශයෙන් යොදාගනු ලබන ඖෂධ පැළෑටියක් වන පුපුල පොළොං විෂ සඳහා විශිෂ්ට ගුණදෙයි. 
පුපුල ශාකය වැවෙන ප්‍රදේශ 
ලංකාවට ආවේණික ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වියළි තෙත් හා අතර මැදි කලාපයේ ලඳුබිම්වල දක්නට ලැබේ. වියළි කලාපයේ හේන් සහ ගෙවතුවල වැටවල් වල සුලබව දක්නට ලැබේ.
ශාකයේ ස්වරූපය 
මීටර් 1/2 සිට මීටර් 2 1/2 දක්වා උසට වැඩෙන සාමාන්‍යයෙන් සෘජු පැතිරී වැඩෙන හෝ කලාතුරකින් පැතිරී වැඩෙන පඳුරක් ලෙස දක්නට ලැබේ. මෙහි කඳ බූව සහිතව තිබී හෝ මද බූව සහිතව තිබී පසුව සිනිඳු වේ. 
මෙම ශාකයේ පත්‍ර රවිකිඤ්ඤාකාර හෝ අණ්ඩාකාරය. පත්‍ර වටා දාර සහිතයි. පත්‍රවල දෙපැත්තේම බූව සහිතයි. අලංකාරවත් සුදු මල් පිපෙයි. මෙහි හටගන්නා ඵලය චර්මලයි. මෙම ශාකය මොණර කුඩුම්බිය ශාකයෙන් සහ සත්තිකායන් ශාකයෙන් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වේ. 
පුපුල ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හැඳින්වෙන නාමයන්.
මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ පමණක් යෙදෙන ශාකයක් නිසා විවිධ භාෂාවලින් යෙදෙන පර්යාය නාමයන් අප්‍රකටය. 
පොදු සිංහල නාමය 
පුපුල වන අතර 
දෙමළ බසින් 
කුප්පිලායි යනුවෙන් යෙදේ. 
පුපුල වල උද්භිද විද්‍යාත්මක නාමය 
ඍඥපදධදඪච ඥරතචදඪජච (ඹ්) ඹ්ඥඥඵ වන අතර කුලය  ඒඵබඥපචජඥචඥ (ඛ්ධථනධඵඪබඥච) හෙවත් නෘංගර්ජ කුලය වෙයි. 
පුපුල ශාකයේ ඖෂධ සඳහා ගනු ලබන අංග 
මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු ලබයි. 
ත ඖෂධීය ගුණ කර්ම 
රසයෙන් - තිත්ත සහ කටුක වන අතර 
ත වීර්යය - උෂ්ණ වෙයි
මේ නිසා වාත සහ සෙම් දෝෂ සමනය කිරීමේ ගුණය පුපුල වල ඇත.
පුපුල වල ප්‍රධාන ක්‍රියා සැලකීමේදී,
අස්ථි සංධාන, ඉදිමුම් නසන, වේදනා සමන, ලේ පිරිසුදු කරන, තුවාල පිරිසුදු කරන සහ තුවාල සුව කරන ගුණ පුපුලවල ඇත. මේ නිසා අස්ථි බිඳීම්, වාත රක්ත, ඇදුම, ගෙඩි වණ,  අර්ශස්, මුඛ තුවාල, සර්ප විෂ, ගඩු පිළිකා, තුවාල, අර්ශස් සහ භඟන්දරා ආදී රෝග රාශියකට ඖෂධ ප්‍රයෝග ලෙස යොදනු ලැබේ.
පුපුල අඩංගු ඖෂධ යෝග රාශියක් අතුරින් කිහිපයක් නම්
ත පොළොං විෂ බැස්සීම සඳහා 
1. පුපුල කොළ, වැල් රුක්අත්තන කොළ, යක්වනස්ස කොළ, කළුවා අල, එක පමණ ගෙන එයට කහ ලුණු දමා කොටා මලවා බඳිනු ලබයි.
2. පුපුල කොළ කොටා මිරිකා ගත් යුෂ උක් පැණි දමා බීමට දෙයි.
3. පුපුල දළු කොටා පෙරා දෙහි ඇඹුල් දමා නස්න කරයි.
4. පුපුල දළු මුත්‍රයෙන් නස්න කරයි.
ඇදුම සඳහා 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
කථිකාචාර්ය වෛද්‍ය 
මධුර පරණවිතාන
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.