මවුකිරි වඩන, පාණ්ඩුව නසන, මලබද්ධය දුරලන කන්කුන්

මැයි 10, 2019

ආයුර්වේදය අනුව සැලකීමේදී කන්කුන් වාතය සහ සෙම බසින රූක්ෂ සහ බර ආහාරයකි. ශරීර ශක්තිය වඩන ලේ සහ ශුක්‍ර ධාතු වඩන ඇට මිදුලු වඩන ආහාරයක් වන කන්කුන් ගැබිනි මවුවරුන්ට සහ දරුවන්ට විශේෂයෙන් ගුණදායක

වේ.

අපගේ පැවැත්ම සඳහා මාතෘ පෝෂණයක් අවශ්‍ය වේ. මාතෘ පෝෂණයක් ලැබෙන්නේ සම්පූර්ණ ආහාර වේලකිනි. අප එදිනෙදා ගනු ලබන ආහාරය සම්පූර්ණ වීමට නම් පළා වර්ගයක් අඩංගු විය යුතු වෙයි. පළා වර්ග, එළවළු වර්ග යටතට අයිති වන අතර මේවා අධික ප්‍රමාණයන් තිබුණද හැම දෙනාම කෑමට පුරුදු වී ඇත්තේ සීමිත පළාවර්ග ප්‍රමාණයකි. මේ අතුරින් ඉතා රසවත් ගුණදායක පළා වර්ගයක් වශයෙන් කන්කුන් හැඳින්විය හැකිය. මැල්ලුමක් කොළ පලාවන් මෙන්ම රසවත් ව්‍යාංජනයක් වශයෙන්ද පිළියෙල කරගත හැකි කන්කුන් බොහෝ දෙනා පි‍්‍රය කරන ආහාරයකි.

දිය සීරාව ඇති බිම්වල ඉතාමත් සරුවට වැවෙන කන්කුන් ඕනෑම ගොවිපලක ඉතා පහසුවෙන් වගා කළ හැකිය. පෝෂ්‍යදායක අතින් ඉතා උසස් පළා වර්ගයක් ලෙස හැදින්වෙන කන්කුන් ආහාර දිරවීමට උපකාරි වන කෙඳි සහිත බවින් යුතු නිසා මලබද්ධය නසන අතර පාණ්ඩු රෝගයටද ඉතා ගුණදායකය.

කන්කුන්වල උද්භිද විද්‍යාත්මක නාමය

Ipomoea aquatiea වන අතර

කුලය –  CONVOLVULACEAE හෙවත් ත්‍රිවෘත් කුලය වේ

ඉංගී‍්‍රසි භාෂාවෙන් කන්කුන් සඳහා එචබඥප ථධපදඪදඨ ඵතධපර නාමය වේ. ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අඩංගු කන්කුන් ආහාර ලෙස පිස ගැනීමේ දී විටමින් සීවලින් බොහෝ ප්‍රමාණයක් විනාශ වී යන නිසා යන්තමට මලවා ගැනීම යෝග්‍ය වේ. තවද, විටමින් ඒ යකඩ සහ කැල්සියම්වලින් පරිපූර්ණ තද කොළ පැහැති පළා වර්ගයක් වන කන්කුන් ආහාරයට සකස් කිරීමේදී කොළ මෙන්ම දඬුද එක් කර ගැනීම යෝග්‍ය වේ. ජලීය පදාර්ථ බහුලව ඇති පලා වර්ගයක් වන කන්කුන් ගම්බද මෙන්ම නගරබද බොහෝ දෙනා පි‍්‍රයකරන පලාවර්ගයකි.එසේම සංචාරක හෝටල්වල මෙන්ම ප්‍රධාන පෙළේ ආපනශාලාවල සකස් කරනු ලබන කන්කුන් ඩෙවල් ජනපි‍්‍රය ආහාරයකි.

ආයුර්වේදය අනුව සැලකීමේදී කන්කුන් වාතය සහ සෙම බසින රූක්ෂ සහ බර ආහාරයකි. ශරීර ශක්තිය වඩන ලේ සහ ශුක්‍ර ධාතු වඩන ඇට මිදුලු වඩන ආහාරයක් වන කන්කුන් ගැබිනි මව්වරුන්ට සහ දරුවන්ට විශේෂ ගුණදායක වේ. මවුකිරි වඩන ආහාරයක් වන කන්කුන් දරුවන්ගේ ඇස් පෙනීමට, වර්ධනයට, කෙස්වල වර්ධනයට, සමේ ශක්තිය ඇතිකරලීමට හේතු වේ.

ශරීර ශක්තිය දුර්වල අයගේ ශක්තිය වැඩිකරලීමට හේතුවන කන්කුන් නිතර ආහාරයට ගැනීම ශාරීරික වර්ධනයට හේතු වේ.

තවද, ශාරීරික විෂ සමනයටද ලේ පිරිසුදු කරලීමටද කන්කුන් විශිෂ්ට ඖෂධාහාරයක් වන අතර විෂ සමනයට කන්කුන් කොටා යුෂ පානයට යෝග්‍ය වේ. මේ අතර, කන්කුන් කොළ අඹරා දෙහි ඇඹුලෙන් අනා ගෑමෙන් කුෂ්ඨ සුව වේ. මේ අතර මලබද්ධයට ගුණ දෙන කන්කුන් බඩේ අමාරු අවස්ථාවල ආහාරයට නොගත යුතුය.

මෙවන් විශිෂ්ට ගුණ ගෙන දෙන කන්කුන් නිසි අයුරින් ආහාරයට එක්කර ගැනීම නිරෝගීබවට බෙහෙවින් හේතු වේ.

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.