තුන් දොස් සමනය කරන පෝෂණ ගුණ සපිරි පතෝල

මැයි 24, 2019

ස්වස්ථ පුද්ගලයෙකු හෙවත් නීරෝගී පුද්ගලයෙකුට තම ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන ප්‍රධානතම කරුණු අතුරින් වාතය, ජලය සහ ආහාර මූලික වේ. මේ අතුරින් ආහාර සඳහා හිමිවන්නේ ප්‍රධාන තැනකි.

ආහාර ගැන සැලකීමේදී සමතුලිත, සමබල ආහාර වේලක් ගැනීම වැදගත් වේ.

මෙහිදී අප රටේ ප්‍රධාන ආහාරය වනුයේ බත් වන අතර එය සමඟ මස්, මාංශ, එලවළු , පලා වර්ග ආදිය ද එකතු වීමෙන් සමතුලිත ආහාර වේලක් සැකසේ.

මෙම සමබල ආහාර වේලකට අවශ්‍ය එළවළු අතුරින් පතෝල යනු එක් වැදගත් වර්ගයකි. අප රටේ ජනතාවගේ ජනපි‍්‍රය එළවළු වර්ගයකි. උණ රෝගී වැනි අයට උණ සමනය වන අවස්ථාවල මුලින්ම දිය හැකි එළවළු වර්ගයක් ලෙස පතෝල හැඳින්විය හැක.

පතෝල වැවෙන ප්‍රදේශ

පතෝලවල නිජ භූමිය වශයෙන් සැලකෙන්නේ නිවර්තන ආසියාවයි. ශ්‍රී ලංකාවේ මෙය හම්බන්තොට, කුරුණෑගල, මාතලේ, රත්නපුර, මහනුවර වැනි දිස්ත්‍රික්කවල විශාල වශයෙන් දැකිය හැකිය.

මේ අතර අනෙකුත් ප්‍රදේශවලද වැවෙන ලතාවක් වන පතෝල කොරටු වගාවක් වශයෙන්ද ගෙවතු වගාවක් වශයෙන්ද කරනු ලබන අතර ඇතැම් නිවෙස් අවට පතෝල වැල් කිහිපයක් වවා ගෙන ආහාරයට එක් කර ගනු ලබයි.

උණුසුම් දේශගුණික තත්ත්වය පි‍්‍රයකරන ලතාවක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා වූ ප්‍රදේශවල ඉතා සාර්ථකව වගා කළ හැකිය. වියළි කලාපයේ යල් කන්නයේ දීද තෙත් කලාපයේ වසර පුරාවටමද පතෝල වගා කළ හැක.

කෙසේ වුවද තද වැසිකාලයේ දී හැර අනෙක් කාල වල වගා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගත හැක.

පතෝල වල උද්භිද විද්‍යාත්මක නාමය –

ඊපඪජඩධඵචදබඩඥඵ ජභජභථඥපඪදච

කුලය :– ඛ්උඛ්උඅඕධ්ඊඒඛ්ඡ්ඒඡ් කුලය වේ

ඉංගී‍්‍රසි බසින් :–

ඉදචඬඥ ඨධභපඤ නම් වේ

 

පතෝල ප්‍රභේද :–

වර්තමානයේ නිර්දේශිත ප්‍රභේද තුනක් වේ.

ටී.ඒ. 2

කරලක් මීටරයකට වැඩිය දිග වන අතර මෙම කරල් මෝරන විට තද කොළ පැහැ ඉරි දක්නට ලැබේ.

එම්.අයි. (කෙධි)

අළු, සුදු පැහැති කරල් දක්නට ලැබෙන අතර මෙම කරල් මීටර් 1/2 ක් පමණ දිගින් වේ.

තිත්තවේලි

කරලක දිග මීටර් 3/4ක් පමණ වේ. මෙම කරල් මාසංල බැවින් වැඩි අතර අළු සුදු පැහැයෙන් යුතුය. මේරීමත් සමඟ කරල්වල සුදු පැහැති ඉරි ඇතිවේ.

මෙම සියලුම වර්ග වගාකිරීමේදි ශක්තිමත් ආධාරක වලට වැල් යොමු කර වගා කරයි. සිටුවීමෙන් මාස 2කට පසු අස්වනු ලබා ගත හැකිවන අතර දින 4 කට වරක් අස්වනු නෙලිය හැක.තවද හොඳ තත්ත්වයේ පතෝල දින 10 ක් පමණ කල් තබා ගත හැක.

පතෝල වල පෝෂණීය ගුණ . . . .

 

වෛද්‍ය
මධුර පරණවිතාන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.