ඉතා සුබදායක පොකුරු යෝගයක්

මැයි 24, 2019
2019 ජූනි මස 10 වන සඳු දින උදේ 07.02 ට නැගෙනහිර දිශාව බලා ඇට වර්ග සිටුවන්න. පොකුරු යෝගයකි.
මෙම නැකතට සිටුවීමෙන් බොහෝ සාර්ථක ඵලදාවක් ලැබීමට හැකිවේ. එක නැට්ටේ ගෙඩි තුන හතරක් බැගින් ද සෑදේ. වැල් බිජුවලට විශේෂයෙන් ශුභදායක වේ. වට්ටක්කා, පත්තක්කා, පිපිඤ්ඤා ආදි දේවලට ද බතල, කොඩොල්, කිරිඅල ආදී දේවලට ද ඉතා ශුභදායක වේ. මෙම නැකත පිළිබඳව මොහොර්ති චින්තාමනි විස්තරවන පරිදි මෙදිනට පුවපල් නැකතද සඳු දිනයද යෙදී ඇත. එසේම මිථුන ලග්නය, ශනි හෝරාව ශනිගේ පංචම හෝරා කාලයද යෙදී අංග සම්පූර්ණ පොකුරු යෝගයද යෙදී ඇත. මෙම නැකත පහත නැකත් හිමි අයට විශේෂ ශුභදායක බව කිව හැකි ය. මුල, මා, අස්විද, අනුර, උත්‍රපුටුප, පුස, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවන.
 
මහතුං ජාතුංග 
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.