රසවත් ගුණවත් පෙති තෝර කොළ

මැයි 31, 2019


දේශීය ආහාරයක් වන පෙති තෝර කොළ මැල්ලුම හා තෙල් දැමීම පැරැන්නන් අතර ඉතා ජනපි‍්‍රය රසවත්, ගුණවත් ආහාරයක් විය.

අද වන විට අප පරිසරයෙන් තුරන් වෙමින් පවතින පෙති තෝර නැවත බෝ කිරීම තුළින් රෝග කීපයකට ඖෂධයක් ලෙස ගත හැකිය.

විශේෂයෙන් අප රටේ ඕනෑම ප්‍රදේශයක හොඳින් වැඩෙන පෙති තෝර වසවිසවලින් තොර අතර ශරීරයේ විස නැසීමට ලේ පිරිසුදු කිරීමට, සර්ප විෂ වෙදකමට, සමේ රෝගවලට ඉතාමත් ගුණදායක ඔසුවක් වශයෙන් හඳුන්වාදීමට පුළුවන. කුඩා දරුවන්ට පණු රෝගවලට ද ඉහළ ගුණයක් ලබාදෙන පෙතිතෝර තුළින් පණු රෝගය නිවාරණය කිරීමට ද හැකියාව ඇත. පෙති තෝර ආහාරයට සුදුසු නැති අය වශයෙන් ගැබිනි මව්වරුන්ට පමණක් සුදුසු නැති අතර කිරිදෙන මව්වරුන්ට කිරි වැඩිකර ගැනීමට ඔසුවක් වේ.

ගැමියන් අතර වැලි කොස්ඇට මැල්ලුමට වාතය විනාශ කර ගුණය වැඩිකර ගැනීමට පෙති තෝර කොළ එක් කරන ලදී. ගුණය ශක්තිය එයින් වැඩි කර ගනී. පෙති තෝර පිළිබඳව අපගේ අවධානය ඉතා අඩු අතර වල් පැළෑටියක් වශයෙන් සලකා සමහර අය මෙය විනාශ කරයි. නමුත් දේශීය වෙදකමේ ඉහළ පිළිගැනීමක් හා වටිනාකමක් මෙම ඖෂධවලට හිමි වේ.

දැන් දේශීය වටිනාකමක් ඇති පෙති තෝර ඔසුවෙන් කළ හැකි දේවල් කිහිපයක් මෙයින් හඳුන්වා දෙමි. පෙති තෝර මැල්ලුම තෝර කොළ තරමක් සුදුලූනු බික් 04ක්, අබ ටිකක්, ගම්මිරිස් ටිකක්, ඉඟුරු ටිකක්, කරපිංචා, කුරුඳු පොතු කුඩු තේ හැඳි භාගයක්, අමු මිරිස් හෝ කොච්චි කරල් කීපයක් රතුලූනු මිටක්, කහ කුඩු ස්වල්පයක් ගාගත් පොල්, ලුණු, තරමක අබ කුඩු ටිකක්, දෙහි ඇඹුල් තරමක්.

පළමුව තෝර කොළ සිහින්ව ලියාගන්න. අමු මිරිස් හෝ කොච්චි, රතුලූණු, සුදුලූණු, කරපිංචා, කුරුඳු කුඩු, අබ, ඉඟුරු, පොල්, ලුනු, කරපිංචා මේ සියලු දේවල් එකට දමා හොඳට අඹරා ගැනීමක් හෝ කොටා ගැනීමක් කරගන්න. කොටාගත් සම්බලය ලියාගත් තෝර කොළවලට එක්කර හොඳට අනාගන්න.තෙල් ටිකක් ලිප තබා රත්කර එයට අනාගත් මැල්ලුම එක්කර මදගින්නේ විනාඩි පහක් පමණ පිසගන්න. දැන් එයට දෙහි ඇඹුල් එක්කර ලුණු ඇඹුල් බලන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශීය පාරම්පරික වෛද්‍ය දේශබන්ධු,
ඩී.පී.ඒ. පාලින්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.