ආඩතෝඩා

මැයි 31, 2019


ආඩතෝඩ ශාකයට සිංහලෙන් පාවට්ටා කියනවා. ‘අගල් ආධාර’ වශයෙන් නම් කරන්නත් පුළුවන්. වෙද පොතේ කියන්නෙ ‘ආයුර්වේද වෙද මාමා’ කියලා. වං ඇපල යන නමද භාවිතා කරනවා. දුව පුතා මේ ගහට කියන නම් ටික මතක තියා ගත්තොත් හොඳයි. ආඩතෝඩා ශාකයේ මුල් පස සාරවත් කරනවා. ඒ විතරක් නොවෙයි කොළ පසට පොහොර වෙනවා.

මේ ගස පොළොවේ සිට මීටර 4 තරම් උස යන්න හැකියාව තියෙන්න පුළුවන්. සදාහරිත පැළෑටියකි.

ගසේ අතුබෙදිලා හරියට පඳුරක් වගෙයි. දළු, කොළ, මල්, පොතු, මුල් ඖෂධ සඳහා භාවිතා කරනවා. මල් පිපෙන්නෙ දෙසැම්බර් මාසයේ දී.

මෙම ශාකයේ ජන්ම භූමිය අපි‍්‍රකාව හා ඇමරිකාවයි. ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, චීනය යන රටවලදී ද දකින්න පුළුවන් අප රටේ වියළි ප්‍රදේශවල හොඳින් වැවෙනවා. ඒත් මෙම ඖෂධ ශාකය වනාන්තරවලද වැවෙනවා.

මෙම ඖෂධ පැළයේ ශාක පත්‍ර වියළා තේ වර්ගයක් පිළියෙල කිරීමට ගන්නවා. මෙයින් තිත්ත රසයක් එන නිසා පැණි හෝ සීනි එක්කකර ගන්නවා.

ආඩතෝඩා ශාකයේ මල් කිනිති හටගන්නේ හොඳින් වැඩුණහමයි. ඒවායින් ගෙඩි හට ගන්නවා. ගෙඩියක් ඇතුලෙ බීජ හතරක් පමණ අඩංගුයි. මේවා සිටවා පැල බෝකර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අතු සිටවීමෙන් වගා කරගන්න හැකිවෙනවා. මව් ශාකයෙන් ඇතිවන කුඩා පැළ වෙන්කරගෙන සමහරු සිටවනවා. ආඩතෝඩා රජ කාලේ ඉඳන් අපිට හිතවත් ඔසු පැළයකි.

උඩවලව ආයුර්වේද ඔසු උයනේ
සනත් ලෙනෝරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.