රසවත් පි‍්‍රයජනක ගුණදායක ආහාරයක්

ජුනි 7, 2019


මිනිසාට ජීවිතය පවත්වාගෙන යාම සඳහා බෙහෙවින්ම උපකාරි වනුයේ වාතය, ජලය සහ ආහාර ආදියයි. මෙයිනුත් ආහාර යනු වැදගත් සාධකයකි. ආහාර පිළිබඳව සළකා බැලීමේදී වඩාත් වැදගත් වන්නේ සමතුලිත සමබල ආහාර වේලක්ය. මිනිස් සිරුරේ වර්ධනයට ආරක්ෂාවට සහ ශක්තිය ලබා දීම සමතුලිත හා සමබල ආහාර වේලක් ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙවන් ආහාර වේලක් මගින් සිරුරට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් . විටමින් හා ඛනිජ ලවණ මේදය ආදිය අවශ්‍ය පරිදි ලබා දේ.

මෙම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමේදී එළවළු වලින් ලැබෙනුයේ මහත්වූ උපකාරයකි. මෙසේ ගනු ලබන එළවළු වර්ග අතුරින් තක්කාලි යනු ද ඉතා රසවත් පි‍්‍රයජනක ගුණදායක එළවළුවකි. සංස්කරණ විධි රාශියකින් ආහාර සඳහා යොදා ගනු ලබන තක්කාලි ප්‍රධාන වශයෙන් අමුවෙන් හෝ තැම්බීමෙන් යන ආකාර දෙකෙන් ආහාර සඳහා උපයෝගී කර ගනු ලබයි.

මෙහිදී සම්බෝල ආදිය ලෙස අමුවෙන් ප්‍රයෝජනයට ගනු ලබන තක්කාලි ව්‍යංජන ලෙස තැම්බීමෙන් සකස් කර ගනු ලබති. එසේම සෝස් වර්ග, චට්නි ආදිය ලෙස ද, සකස්කර ගනු ලබන අතර රසකාරකයක් ලෙස මාළු, මස් ආදි හොද්දකට සුප් වලට හෝ වෙනත් එළවළු සමඟ යොදා ගනියි.

තක්කාලි වැවෙන ප්‍රදේශ

* විදේශීය වශයෙන්

තක්කාලිවල ජන්ම භූමිය වශයෙන් වාර්තා වන්නේ දකුණු ඇමරිකාවයි. එහි අන්දිස් කඳුවැටිය ආසන්නයේ තක්කාලි වවන ලද බව සඳහන් වේ. එසේම පේරු රාජ්‍ය ,ඉක්වදෝරය සහ බොලිවියාව යන රටවල ආදිම වනචාරි යුගවලදී වාණිජ පැළෑටියක් ලෙස තක්කාලි වැඩී තිබුණු බව වාර්තා වේ. 16 වන සියවසේදී ස්පාඤ්ඤ ජාතිකයන් විසින් යුරෝපයට මුලින්ම තක්කාලි වගාව හඳුන්වා දී තිබේ.

* දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනිකුත් සියලුම දේශගුණික කලාප වල වගා කළ හැකි වර්ගයකි.

* තක්කාලිවල ස්වරූපය

පඳුරු ස්වරූපයෙන් සහ වැල් ස්වරූපයෙන් තක්කාලි ප්‍රභේද කිහිපයක් දැකිය හැක. ලෝකයේ නොයෙක් රටවල මුහුන් කිරීමෙන් විවිධ ප්‍රමාණයේ සහ විවිධ හැඩයේ තක්කාලි ප්‍රභේද නිර්මාණය කර ඇත.

තක්කාලිවල ප්‍රභේද

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අප රටට ගැලපෙන තක්කාලි ප්‍රභේදයන් 6 ක් පමණ නිර්දේශ කර ඇත.

* ඒවා නම්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.