ආයු,වර්ණ, සැප,බල, ප්‍රඥාව, ඇතිකරන කොළ කැඳ

ජුනි 14, 2019

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන දාහය අවම කර සිසිල් බව ඇතිකරන මොළයේ වර්ධනය මෙන්ම ශරීර ශක්තිය වැඩිකරන ශරීරයට අමුතු ප්‍රාණවත් බවක් ගෙන දෙමින් පැවැති අප්‍ර‍්‍රාණිකත්වය දුරුලන කොළ කැඳ ,බාල,තරුණ, වැඩිහිටි හැමටම එකසේ ගුණදෙන ඖෂධීය පානයකි.

කොළකැඳට අවශ්‍ය ශාක වර්ග කිසිඳු බාධාවකින් තොරව සපයාගත හැකි අතර කොළකැඳ සාදා ගැනීමටද එතරම් අපහසුවක් නොමැත. ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් , කැල්සියම්, මේදය ,කාබෝහයිඩ්‍රේට්, යකඩ ආදී විටමින් වර්ග ශරීරයට පිටතින් ලබාගැනීමට සිදුවන අපට ඒ සියල්ල කොළකැඳ වීදුරුවක් පානය කිරීමෙන් ශරීරයට ලබාගත හැකිය. රසවත්, ගුණවත් කොළකැඳ පානයක් සඳහා ගත හැකි ඖෂධීය කොළවර්ග බොහෝය.

ගොටුකොළ කැඳ

යකඩ බහුල ගොටුකොළ ඉතා හොඳ බුද්ධිවර්ධක ඖෂධයකි. ස්මරණ ශක්තිය වර්ධනය කරන ඉතා යහපත් ඖෂධයකි. මව්කිිරි වර්ධනය කිරීමේ හැකියාවක් ඇති ගොටුකොළ අර්ශස් රෝගීන්ටද ගුණවත්වේ. මතක ශක්තිය ඇතිකරලීම් ප්‍රබල ගුණයකින් යුතු බැවින් කුඩා දරුවන්ටද ලබාදීම යහපති. හිසකෙස් රෝග වලට, සමේ රෝගවලට, අක්ෂි රෝගවලට, වගේම ඇස් දැවිල්ල, කබ කඳුළු ගැලීම් ආදි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයටද ගොටුකොළ කැඳ ඉතාම හොඳ ඖෂධයකි.

කරපිංචා කැඳ

සර්පවිෂ සමනය සඳහා කරපිංචාවලට ඇත්තේ පුදුම බලයකි. ශරීරගත වූ ඕනෑම විෂක් කරපිංචා කැඳට හෝ කරපිංචා කොළවලට සමනය වේ. කරපිංචා කැඳ පානය කිරීමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනු ලබන අතර පිත ද සමනය කර බඩගින්න ඇතිකරයි. අධික තරබාරුවෙන් සිටින අයගේ රුධිරගත මේදය, කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. කරපිංචා කොළ ග්‍රෑම් සියයක අඩංගු පෝෂණය තෙතමනය ග්‍රෑම් 63.8 මාංශධාතු ග්‍රෑම් 6.1 විටමින් සී මිලි ග්‍රෑම් 4 ශක්තිය කි.කැ. 108 මේද ග්‍රෑම් 1.0 කැල්සියම් ග්‍රෑම් 830 හා යකඩ ග්‍රෑම් 7.0 වේ. වැල්පෙනෙල කැඳ ධාතු දුර්වලත්වයට ශරීරයේ ඇතිවන දාහයට හදවතේ වේදනාවට කාන්තා රෝගයන්ට මධූමේහය නොහොත් දියවැඩියාවට ආමවාත රෝගයේදි ඇතිවන ඉදිමුම් හා අධික වේදනාවට වැල්පෙනෙල කැඳ ඉතාම ගුණදායකය. වැල්පෙනෙල ග්‍රෑම් සියයක අඩංගු පෝෂණ ගුණය ශක්තිය කි.කැ. 61 මාංශ ධාතු ග්‍රෑම් 4.7 ඛණිජ ග්‍රෑම් 2.3 හා මේද ග්‍රෑම් 0.6 ද වේ.

කොහිල කැඳ

අර්ශස් රෝගීන් සඳහා විශේෂිත වූ ගුණයක් ලබාගෙන ඖෂධ කැඳ වර්ගයකි. අර්ශස් වලට, මළ බද්ධයට, සෙංගමාලයට, රත්පිත් රෝගවලට, දියවැඩියාවට, කොහිල කැඳ ඖෂධ වශයෙන්ද නියම කරති. තුන්දොස් සමනය කිරීමේ බලයක් ඇති කොහිල කෙඳි අධිකව අඩංගුවන ආහාරයක්ද වේ. රුධිරයේ කොලෙස්ටරෝල් අධික රෝගීන්ට වඩාත්ම ගුණදායකය.

කොහිල අල ග්‍රෑම් සියයක අඩංගු පෝෂණ ගුණය තෙතමනය ග්‍රෑම් 85.9 ප්‍රෝටීන් ග්‍රෑම් 1.7 කැල්සියම් ග්‍රෑම් 21.0 යකඩ ග්‍රෑම් මි.ග්‍රෑ. 0.4 විටමින් සී ග්‍රෑම් 22 වේ. ඉරමුසු තුන්දොස් සමනය කරන ඉරමුසු රත්පිත් රෝගවලට, කුෂ්ට රෝගවලට, චර්ම රෝගවලට, මුත්‍රා දැවිල්ලට, බඩ පිපුමට, අධික ශරීර උෂ්ණත්වයට වඩාත් ම ගුණවත්වේ. මව් කිිරි ගුණයකින්ද යුක්ත වේ. ශරීරයේ ප්‍රසන්නභාවයක් ඇතිකරන මෙම ඖෂධීය කැඳ සමේ රෝගවලට මෙන්ම සමේ විෂ නැති කිරීමේ ගුණයකින්ද පවතී.

හාතාවාරිය කැඳ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.