රසයෙන්, ගුණයෙන් සපිරි අගනා ඖෂධාහාරයක් වම්බටු

ජූලි 5, 2019

ආයුර්වේදයට අයත් මූලික පරමාර්ථ දෙක වනුයේ රෝගී පුද්ගලයාගේ රෝගී බව තුරන් කිරීමත්, නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව රැකගැනීමත්ය. මේ කරුණු දෙක අතුරින් රෝගී පුද්ගලයෙකුගේ රෝගී බව තුරන්කිරීම උදෙසා ඖෂධ යෝග යෙදීම ප්‍රධාන වන අතර නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී බව රැකගැනීමට එදිනෙදා ගනු ලබන ආහාරපාන විශේෂයෙන් බලපායි. සමතුලිත හෝ සමබල ආහාර වේලක් ගැනීම තුළින් නිරෝගී බව රැකගැනීමට බෙහෙවින් උපකාරී වේ. මේ සඳහා ගනු ලබන ආහාර අතුරින් එළවළු වර්ග බොහෝසෙයින් ප්‍රයෝජන ගෙන දෙන අතර වම්බටු යනු ඒ අතුරින් ජනප්‍රිය එළවළුවකි.

බාල, තරුණ, මහලු අප කොයි කවුරුත් එදිනෙදා ආහාරයට එක් කරගන්නා දේශීය එළවළුවක් වශයෙන් වම්බටු වලට හිමිවන්නේ ප්‍රධානතම ස්ථානයකි. වර්තමානයේ කුමන හෝ නාගරික වෙළෙඳපලකටම මෙන්ම ගම්බද හෝ ඈත පිටිසර සති පොළක වුවද නොවරදවාම දක්නට ලැබෙන වම්බටු සාමාන්‍යයෙන් අධික මිලකින් යුක්ත නොවන එළවළුවකි. එසේම සෑම නිවසකම පාහේ නිතර ආහාරයට එකතුකර ගන්නා එළවළුවක් ලෙස වම්බටු දැක්විය හැකිය. තවද විශේෂ උත්සව අවස්ථාවලදී ද, දානමය පිංකම් වලදී ද, දන්සල් ආදියේද, වම්බටු ව්‍යංජනයක් හෝ බැදපු වම්බටු මෝජුවක් නොමැති වන්නේ ඉතාම කලාතුරකිනි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එළවළු වර්ගීකරණය කිරීමේදී උඩරට එළවළු සහ පහතරට එළවළු යැයි වර්ග දෙකකි. තක්කාලි, ගෝවා, කැරට්, බීට්, ලීක්ස් ආදිය උඩරට එළවළු ලෙස ගැනෙන අතර වම්බටු, කරවිල, පිපිඤ්ඤා, කැකිරි, බණ්ඩක්කා ආදිය පහතරට එළවළු ලෙස ගැනේ. මේ අනුව වම්බටු ගැනෙන්නේ පහතරට එළවළු කාණ්ඩයටයි.

වම්බටු වැවෙන ප්‍රදේශ.

* විදේශීය වශයෙන්:

වම්බටු වල ජන්මභූමිය ඉන්දියාව ලෙස සැලකෙන අතර චීනය තුළ ඉන්පසුව ව්‍යාප්ත වී ඇත. පසුව ස්පාඤ්ඤය, පර්සියාව සහ අප්‍රිකාව වැනි රටවලට ව්‍යාප්ත වූ බව පෙනේ.

* දේශීය වශයෙන්:

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වම්බටු වගා කෙරෙන අතර අනුරාධපුර, බදුල්ල, මොනරාගල, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බහුලව වගා කරයි. විශේෂයෙන් වියළි කලාපයේ හේන්වල මහා පරිමාණයෙන් වගා කෙරේ.

උද්භිද විද්‍යාත්මක නාමය වන අතර

කුලය:

Solanaceae  හෙවත් කණ්ඨකාරී කුලයයි.

වම්බටු ප්‍රභේද

සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ ප්‍රභේද දෙකකි.

1. කොරටු වම්බටු

2. හේන් වම්බටු වශයෙනි.

මේ අතුරින් කොරටු වම්බටු හෙවත් ගමේ වම්බටු මසින් අධික වන අතර දිගින් හා මහතින් විශාල වේ. හේන් වම්බටු දිගින් හා මහතින් අඩුය.

කෘෂි විද්‍යාත්මකව ද නිර්දේශිත ප්‍රභේද කිහිපයක් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.