අම්ල පිත්ත රෝගයට ප්‍රතිකාර පොකුරක්...

ජූලි 12, 2019

ඔබට පහසු ප්‍රතිකාරය ඔබම තෝරාගන්න

පාරම්පරික වෙදකමෙන් අද ඉදිරිපත් කරන්නේ ඔබගේ පහසුව අනුව ඔබටම කරගත හැකි අම්ලපිත්ත රෝගවලින් පීඩා විඳින සැමට මෙම ප්‍රතිකාර මගින් අම්ල පිත්ත රෝගය නිවාරණය කර ගන්න හැකියාව උදාකරගන්න. මීට පෙරද අම්ල පිත්ත රෝග ප්‍රතිකාරයක් ඉදිරිපත් කළ අතර එයින් ප්‍රයෝජනයගත් පිරිස අද බොහෝය. අද ඉදිරිපත් කරන ප්‍රතිකාර පොකුරෙන් ඔබද ප්‍රයෝජනයක් ගනි යැයි සිතමි. පාරම්පරික වෙදකම තුළින් කවදත් අතුරු ආබාධයක් නැතුව රෝගයක් නිවාරණය හා සුවකර ගැනීමේ විශ්මිත බලයක් ඇත. අද සඳහන් කරන ප්‍රතිකාර ක්‍රම ළමා – තරුණ– වැඩිහිටි සැමට එක ලෙස ගුණ දෙන ප්‍රතිකාර කීපයකි.

කොමඩු ප්‍රතිකාරය

මේ සඳහා වඩාත් සුදුසු තද කොළ බෝල කොමඩු වර්ගයයි. අනිකුත් කොමඩුත් සුදුසුයි. වැඩි ගුණයක් තද කොළ ( පොත්ත) කොමඩු වල ඇත. මේ ප්‍රතිකාරය දිනපතා අලුයම කළ යුතුයි. දින තිහක ප්‍රතිකාරයක් පමණයි.

සාදාගන්නා ආකාරය කොළපාට පොත්ත සුද්ද කර සුදු පොත්ත සමඟ ග්‍රෑම් සියයක පමණ ප්‍රමාණයේ කොමඩු කැබැල්ලක් ඇට ඉවත් කර සුදු පොත්ත සමඟ මදය බ්ලෙන්ඩර් කර ගන්න. වතුර ස්වල්පයක් ද එක්කර ලුණු ටිකක් ද එකතු කර මී පැණි බිංදු තුනක් පමණ එක්කරගන්න. සාදාගත් පානය උදේ පාන්දර හිස්බඩ පානය කර පැයක පමණ ගතවනතුරු කිසිදු ආහාරයක් හෝ පානයක් ගැනීමෙන් වැළකී සිටින්න. මෙම ප්‍රතිකාරය දිනපතා මාසයක් කරන්න. බඩ බැස උගුරට එන ගතිය නැතිව උදරයට විශාල සහනයක් උදාකර ගත හැක.

කැහි පිත්තන් කොළ ප්‍රතිකාරය

මෙම ප්‍රතිකාරය උදරයේ ඇතිවෙන තුවාලවලට ගුණදායක වන අතර එම තුවාල සුව වීමක්ද මේ තුළින් සිදුවේ. පළමුව කැහි පිත්තන් කොළ මිටක් හෝ දෙකක් කඩාගෙන හොඳින් සෝදාගන්න. සෝදාගත් කැහිපිත්තන් කොළ කොටා හෝ බ්ලෙන්ඩර් කරගන්න. කොටා ගැනීමට පෙර වතුර ටිකක්ද එක් කරන්න. දැන් මෙය කිරි පෙරනයකින් පෙරා ඉස්ම ටික විතරක් ගන්න. එය කෝප්පයකට දමා ලුණු ටිකක් ද එක් කරන්න. කැමතිනම් සීනි ටිකක්ද එක්කරන්න. සවස් කාලයේ සාදා මිදෙන්න හැර තියන්න ශීතකරණයේ නම් අඩු ශීතලක් තිබිය යුතුයි. පසුදා උදෑසන මුදවපු කිරිමෙන් ආහාරයට ගන්න සති දෙකක් පමණ කරන්න. රෝග පීඩාව සුව වෙයි. තුවාලත් උදරය තුළ සුවවේ. ඉතාම ගුණදායක ආහාර ඔසුවක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

යෝගට් පානය ප්‍රතිකාරය

මෙහි පැරණි ක්‍රමය නම් මුදවපු කිරි ටිකක් අරන් එයට වතුර කොටසක් එක්කර එයට ලුණු ස්වල්පයක් හා සීනි ටිකක් එක්කර හොඳට දියවෙනතුරු හැන්දකින් හෝ ගෑරුප්පුවකින් දියකර පානය කිරීමයි. මෙම ක්‍රමය ස්වභාවිකයි. නමුත් දැන් වෙළඳපොලේ යෝගට් පානය නමින් සාදන ලද පානයක් ඇත.

මෙයට නම් කෘත්‍රිම රසායනික දේවල් එක්කර ඇත. කල්තබා ගැනීමට යොදන ද්‍රව්‍ය ඇතුළත් වේ. අම්ල පිත්ත රෝගය නිවාරණය කරගැනීමට නම් අවම වශයෙන් සති දෙකක් වත් උදේ, රාත්‍රී පානය කළ යුතුයි. ක්‍රම දෙකෙන් වැඩි ගුණයක් ඇත්තේ මුදවපු කිරිවලින් සාදාගන්නා දෙයයි. මෝරු පානයද ඉතාම හොඳයි. එයත් කිරිවලින් සාදාගන්නා දෙයකි. මේ සඳහා ඇඹුල් වූ මුදවපු කිරි යොදාගනී. වතුර සමඟ හොඳට කිරි දියවනතුරු දියකර ගන්න. එයට ලියාගත් රතු ළූනු, කරපිංචා දළු, ලුණු එක්කර හොඳට කලවම් කරන්න. සාදාගත් දියරට වියළි මිරිස් කරල් කීපයක් කෑලිවලට කඩා තෙල් ස්වල්පයකින් හොඳට බැද ගන්න. එයට දිය කරගත් දියරය දමා තරමක් නිවෙන්න හැර හොඳට නිවුනු පසු පානය කරන්න .මෝරු සාදන තව ක්‍රමවේදයක් තිබුණත් සරලම විදිහ තමයි ඉදිරිපත් කළේ. කිරිවලින් ඖෂධ ක්‍රම තුනක් සඳහන් කර ඇත.

බෙලි දළු පානය ප්‍රතිකාරය

බෙලි දළුවලින් කඩාගෙන ඇල්වතුරෙන් සෝදා දිය හිඳෙන්න හැර අව්වේ වේලාගන්න. දින කීපයක් වියලාගෙන හොඳට පොඩිකර කුඩුකර ගන්න. මෙම කුඩු වරකට තේ හැඳි එක බැගින් තේ කෝප්ප එකකට දමා නටන උණු වතුර දමා විනාඩි දෙකක් විතර වසා තබන්න. ඉන්පසුව පෙරා තේ වෙනුවට පානය කරන්න. දිනකට දෙවරක් හෝ තුනක්වරක් පමණ පානය කරන්න.බඩ දැවිල්ල, බඩ පිපුම උගුරට ඒ ම වළක්වා මළ බද්ධයද පහසු කරයි. බෙලි දළු කොළ පානය යෝගි වරුද පානය කරන රහස් ඔසු ගනයට අයිති ප්‍රතිකාර ක්‍රමයක්.

දියබත් ප්‍රතිකාරය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

දේශිය පාරම්පරික වෛද්‍ය
ඩී.පී.ඒ.පාලින්ද


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.