රෝග රැසකට ඖෂධයක් වන වෙරළු

ජූලි 26, 2019

වෙරළු ස්නායු වර්ධනය කරයි. හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ක්‍රියා කරයි. හිසකෙස් වර්ධනය කරයි .ආහාර දිරවීම පහසු කරයි.

මීට අමතරව වෙරළු කොළ හිසේ රෝග සඳහාද භාවිතා කරනු ඇත. මෙහි ඇති ඔසු ගුණ වශයෙන් ප්‍රධාන වන්නේ ස්නායු වර්ධනය කරයි. හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ක්‍රියා කරයි. හිසකෙස් වර්ධනය කරයි .ආහාර දිරවීම පහසු කරයි. ඇස්වල තෙතමනය රඳා ගනී. සෙම නසයි. සීනි කොලෙස්ටරෝල්, ශරීරයේ මේදය පාලනය කරයි. කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය විශේෂයෙන් මෙයින් සිදුවේ. සම ශක්තිමත් කරයි. ලේ පිරිසුදු කරයි. බඩේ අජීර්ණ අවස්ථාවලදි ගුණදායකතාවයක් ඇති කරයි.

ඔලිව් ගෙඩියක ඇති ගුණයට සමාන ඔසු ගුණයක් වෙරළුවල ඇත. ඇඟට හිතකර ශරීරය සිහිල් කරන බලයක් හිමි ඉහළ වටිනාකමක් මේ තුළ රැඳී ඇත. වෙරළු වලින් සාදා ගත හැකි පහසු ආහාර කීපයක්

වෙරළුබීම

මේ සඳහා හොඳට ඉදුණු වෙරළු ගෙඩි විස්සක් විතර ගන්න. ඇටය ඉතිරි වෙන්න මද ටික කපා ගන්න. මෙයට වතුර බෝතල් බාගයක් දමන්න. එයට ලුණු ටිකක් හා අවශ්‍ය පරිදි සීනි එක්කරන්න. හොඳට මද ටික පොඩිකරගන්න. බ්ලෙන්ඩර් කළත් කමක් නැත. වඩාත් රසවත් වීමට අයිස් කැට කීපයක් එක් කරන්න. ස්වභාවික ඇඟට ඖෂධ එක්කරන බීමක්, රසවත් භාවයෙන්ද ඉහළයි. ශරීරයේ මේදය නසයි. බඩගින්න නිවාගනී. උදරය බසී. කාන්තාවන්ගේ මාස් දිනවලට ඉතාම ගුණයි. ශක්තිය උදාකරයි. කිරිමව්වරුන්ට කිරි වර්ධනය කරයි.

වෙරළු අච්චාරුව

වෙරළු කහ එක්කර තම්බා ගන්න. මේ සඳහා විනාකිරිද ටිකක් එක්කර ගන්න. මෙයට ලුණුඇඹරැල්ලා ගෙඩි කීපයක් පොත්ත ශුද්ධ කර කෑලි කපා එක්කරන්න. අන්නාසි ඇඹුල් ලොවි , අඹ ජපන් බිලිං (ඇඹුල්නෙල්ලි) මිරිස් කුඩු සමඟ තම්බාගත් වෙරළුවලට දමා හොඳට කලවම් කරගන්න.අවශ්‍යනම් සීනි ස්වල්පයක් එක්කරගන්න. විනෝද චාරිකාවක් යන විට රැගෙන යාමට සවස් වරුවේ විනෝද අවස්ථාවකට ගැළපෙන සිංහල ආහාරයක් වශයෙන් සඳහන් කිරීමට හැකි අතර මෙයින් උදරයේ ඇති රෝග නිවාරනය සිදුවේ. බඩ පිපුම ආහාර දිරවීම අජීර්ණතාවයන් සුව කිරීමට මෙම අච්චාරුවට හැකියාව ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශිය පාරම්පරික වෛද්‍ය
ඩී.පී.ඒ.පාලින්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.