රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාහාරයක් තුඹ කරවිල

අගෝස්තු 9, 2019

ආයුරේවේදය මූලික පරමාර්ථ 2කින් යුතු බව බොහෝ දෙනා දනිති. ඒ අතුරින් එක් පරමාර්ථයක් වනුයේ ස්වස්ථ පරායණය හෙවත් නිරෝගී පුද්ගලයෙක්ගේ නිරෝගී බව රැක ගැනීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ඖෂධ වැදගත් වේ. පුද්ගලයෙකුගේ නිරෝගී බව රැක ගැනීමට නම් පෝෂණීය සංඝටකවලින් පරිපූර්ණ සමතුලිත ආහාර වේලක් ගැනීම වැදගත් වේ. මෙවන් වූ සමතුලිත ආහාර වේලක් සඳහා අඩංගු විය යුතු එක් සංඝටකයක් ලෙස එළවළු හැඳීන්විය හැක. මේසේ අප විසින් ආහාරයට එක් කර ගනු ලබන එළවළු වල දෝෂ සමනය කිරීමේ ගුණ මෙන්ම විවිධ වූ රෝග නිවාරණය කිරීමේ ශක්තියද පවතින අතර ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථද රාශියක් ලබා දෙයි.

මෙවන්වූ එලවළු වර්ග අතුරින් තවත් එක් ගුණදායක පෝෂ්‍යදායක එලවළුක් වශයෙන් තුඹ කරවිල හැඳීන්විය හැක. බොහෝ ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව කැලැබදව හා හේන් ආශ්‍රිතව තුඹ ඉබේ වැවෙන අතර බොහෝ විට තුඹ අලය මුල් කර ගෙන හටගනු ලබයි. තවද, තුඹ ඇට වැටීමෙන් ද ගෙඩි සතුන් කා පැහැරීමෙන්ද ආදී ක්‍රම මඟින්ද තුඹ කරවිල වැවෙයි.

මේ අතර මෙහි ඇති විශේෂයක් වනුයේ බොහෝ විට අප ගනු ලබන එළවළු පලතුරු ආදිය රසායනික පොහොර හා තෙල් ආදිය යොදා වවනු ලබන ඒවා වන නිසාත් මෙම තුඹ කරවිල කැලෑබදව ඉබේම කිසිදු රසායනික පොහොර ආදිය නොමැතිව වැවෙන නිසාත් තුඹ කරවිල වැනි එලවළු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මට්ටමක පැවතීමය.

වර්තමානයේ කිසිදු රසායනික පොහොරක් නොයොදා වැවෙන එළවළු සහ කාබනික පොහොර යොදා වවනු ලබන එළවළුවලට ලැබෙන ප්‍රතිචාරය හා කැමැත්ත ඉහළ මට්ටමක පවතින්නේ එහි ඇති ගුණාත්මක බව හේතුවෙනි. මේ නිසා තුඹ කරවිල වැනි එලවළු ඉතා ප්‍රයෝජනවත් ගුණදායක හා ඵලදායක එළවළු ලෙස සැලකිය හැක.

* වැවෙන ප්‍රදේශ

ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශයන්හි විශේෂයෙන් බෙන්ගාලය හා දකුණු ඉන්දියාවේ වැවෙන අතර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වනගත ප්‍රදේශ වලද වැවේ. වයඹ හා සඹරගමුව පළාත්වල විශේෂයි.

* තුඹ කරවිලවල ස්වරූපය

මල් තුඹ යනුවෙන්ද හඳුන්වන තුඹ කරවිල ශ්‍රී ලංකාවේ වනගතව ඉබේ වැවෙන වැල් වර්ගයකි. වියළි කලාපයේ සරු කාලය වන මාස් කන්නයේ වැසි අවසාන වන විට ජනවාරි, පෙබරවාරි සමය වන විට කැලයට රිංගා තුඹ කරවිල කැඩීම එහි වෙසෙන්නන්ගේ පැරණි පුරුද්දකි. මාස කිහිපයක් පසට යට වී නිදි ගැන්වී සිටි තුඹ කරවිල අලය ඔක්තෝම්බර් වැස්ස සමඟ අවදිවේ. අහල පහල ඇති ආධාරක පඳුරක් සොයා ගෙන පිටතට ඇදෙන රිකිල්ල මාස දෙක තුනක් ඇතුළත ඝන වැලක් බවට පත් වී ඵල දරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.