පිත්තාශයේ සහ වකුගඩු ආශි‍්‍රත ගල් සෑදීම අවම කරන අළුකෙසෙල්

අගෝස්තු 23, 2019

කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්නා විට එහි ඇති ප්‍රණීත රසය නිසා ආහාරයට වඩාත් පි‍්‍රය උපදවන බව අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැහැ. කෙසෙල් ගෙඩියක් අමුවෙන් ආහාරයට ගැනීමේදී යම්කිසි කහට රසක් දැනුනත් අළු කෙසෙල් නම් ආහාරයට ගත යුත්තේ අමුවෙන්. එය පලතුරක් අතුරුපසක් ලෙස අපි කවුරුත් ආහාරයට ගන්නේ නැහැ.

අළු කෙසෙල් ව්‍යාංජනයක් ලෙස සකසාගත හැකි අතර කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා කිසිදු අගුණයක් නොමැතිව ගතහැකි ව්‍යාංජනයක් ලෙස කොයි කා අතරත් ප්‍රසිද්ධ ය.

වැඩෙන දරුවාගේ පෝෂණයට මහෝපකාරී වන අළු කෙසෙල් ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ගුණදායක බව අපි සොයා බලමු.

තන්තුමය කොටස් අළු කෙසෙල්වල පවතින බැවින් මළබද්ධය දුරු කරන නිසා අර්ශස් රෝගය පාලනය කරගත හැකි ය. ශරීරයේ රුධිර වහනය වන රෝගවලට ගුණදායක වන අතර යෝනි මාර්ගයේ රක්තය පිටවේ නම් ඒ සඳහා අළු කෙසෙල් ව්‍යාංජනය පමණක් නොව අළු කෙසෙල් අල භාවිතා කළ කසායක් ද යොදාගත හැකි ය.

ශරීරය සිසිල් කරන ගුණය අළුකෙසෙල්වල පවතින බැවින් බඩ දැවිල්ලට සුදුසුයි. දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේලට අළු කෙසෙල් ඇතුළත් කළ යුත්තේ ආහාර හොඳින් දිරවීමට උදව්වන නිසා ය. පිත්තාශයේ ගල් හා වකුගඩු ආශි‍්‍රත ගල් සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර කනේ අමාරුවකදී අළු කෙසෙල් ගුණදෙයි. අපගේ ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරනු ලබයි.

පිළිකා රෝග කාරකවලදී ඒවා නැසීමට උදව් වේ. ආහාර පහසුවෙන් දිරවීමට උදව් වේ. පණු රෝගවලට ගුණදායක වන අතර කුඩා දරුවන්ට ඉතාමත් සුදුසු ය. පිසු පසු අළු කෙසෙල් කෑමට පි‍්‍රය උපදවන ලෙස සැකසෙන බැවින් කුඩා දරුවන්ට ඉතා සුදුසු ය. හිසකෙස් වර්ධනය මෙන්ම වර්ණවත් කරයි. සමේ වර්ණය හොඳින් ලබාදේ. බඩගින්න ඇති කරයි. නීරක්තිය නැති කරයි. හෘදයේ ක්‍රියාකාරීත්වයට ඉතා සුදුසු ය. සිරුරේ ඇතිවන අසාත්මිකතා දුරු කරයි. ශරීරය සිසිලසින් තබා ගැනීමට උදව් වේ. බලය හා ශක්තිය වඩයි. රුධිර පීඩනය නැති කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් - විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම්
ශ්‍රී ලංකා ජාතික ආයුර්වේද රෝහල, බොරැල්ල.
ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.