ශරීරය වර්ණවත් කරන හෘද රෝග අඩුකරන කොමඩු

සැප්තැම්බර් 13, 2019

පිපාසය සංසිඳුවන මුත්‍රාදැවිල්ල පහකරන කොලෙස්ටරෝල් අඩුකරන හෘද රෝග වළක්වන කොමඩු ශරීර පැහැය වැඩිකිරීමේ ඖෂධීය ගුණයකින් යුක්ත වේ. මළ බද්ධය දුරුකිරීමේ ප්‍රබල ඖෂධයක් ද වන කොමඩු ,පැණිකොමඩු හා පැණි පුහුල් යනුවෙන්ද හඳුන්වති. පලතුරක් ලෙස බොහෝදෙනකු විනෝදය තකා ආහාරයට ගත්තද ආයුර්වේදයට අනුව සඳහන් වන්නේ කොමඩු ඉතා හොඳ ඖෂධයක් ලෙසයි. ශරීර ශක්තිය වඩවන ශරීරය ප්‍රබෝධමත් කරන ඖෂධයක්වන කොමඩු ආහාර රුචිය ඇතිකරවන ශරීර සෞඛ්‍ය යහපත් කරන ඖෂධයක්ද වේ. රුධිර නාලයන්හි තැන්පත්ව ඇති මේදය නැතහොත් කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාවක්ද කොමඩු ඇටවල රඳාපවතී.

කොමඩුවල විශේෂත්වයක් වන්නේ ජලය ,ඛනිජ ද්‍රවය බහුලව පැවතීමයි. කොමඩු ආහාර මාර්ගය පිරිසුදු කිරීමේ මහඟු පලතුරකි. සමහර අයට නිතර නිතර ඇතිවෙන වේදනා අතර මුත්‍රා පහකිරීමේදී ඇතිවන වේදනාවද ප්‍රධාන වේ. එවැනි අවස්ථාවලදී මුත්‍රාදැවිල්ල ඇතිවූ විට කොමඩු මදය ගෙන ඇටහැර එම මදය මිරිකා කොමඩු යුෂගෙන වීදුරුවක් පමණ යුෂ බීමට දීමෙන් වේදනාව සමනය වේ. මෙසේ කොමඩු යුෂ පානය කිරීමෙන් මුත්‍රා ආබාධ දුරලා මුත්‍රා හොඳින් පිටවේ. වකුගඩුවල සහ මුත්‍රාශයේ ඇතිවන බැහැර කළ යුතු අපද්‍රව්‍ය පවා හොඳින් පිටකරේ .පලතුරු අතරින් කැලරි අඩුම පලතුරක් වන්නේ කොමඩුය. අනෙකුත් පලතුරු අතර නිතර භාවිතයට ගන්නා කෙසෙල් , අඹ. වරකා, දිවුල් වැනි පලතුරුවල කැලරි අගයන් ඉහළ මට්ටමක පවතී.

ඉන්ද්‍රාචාරිණී, යන නමින්ද ව්‍යවහාරවන කොමඩු උෂ්ණ කලාපයේ වැවෙන ගුණාත්මක පලතුරකි පිපාසය සංසිඳුවා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත්වන පලතුරක් වන කොමඩුවල සියයට අනූවකටත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ජලයයි. කොමඩු රත්පිත් අවස්ථාවන්ට විශේෂ ගුණයක් ලබාදෙයි. උද්භිද විද්‍යාත්මක Pepo නමින් හඳුන්වන කොමඩු ශාකය ඉංගී‍්‍රසි භාෂාවෙන් හඳුන්වන් ලබන්නේ වෝටර් මෙලන් WATER MELON  යනුවෙනි.

හොඳින් වැඩී පැසුනු කොමඩු ගෙඩි තද රතු පැහැයෙන් යුක්ත වේ. කෑමට ආශාවක් ඇති කරන අතර සිසිල් ජලය පානයක් කරන්නාක් මෙන් කොමඩු ආහාරයට ගන්නා විට දැනේ. පිපාසය අධිකව දැනෙන අවස්ථාවලදී පිපාසය සංසිද්ධිය හැකි පලතුරක් වන්නේද කොමඩුය. කොමඩු බීමට පමණක් නොව වෙනත් ප්‍රතිකාර සඳහාද යොදාගනිති. සමේ පැහැපත් බව ඇතිකරගැනීම සඳහා කොමඩු මද මුං ඇට සමඟ අඹරා ආලේපයක් මෙන් ඇඟේ ගා සුළු වේලාවකින් සෝදා හැරීමෙන් පැහැය ලබාගත හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.