උණ ඇතුළු රෝග රැසකට ගුණ දෙන අගනා ඔසුව මුරුවා

ඔක්තෝබර් 11, 2019

මතභේද සහිත එක් ශාකයක් ලෙස මුරුවා ශාකය හැඳීන්වීමට පුළුවන. ලතාවක් හෙවත් වැලක් ලෙස බොහෝදෙනා මෙය හඳුනාගෙන ඇති නමුත් මේ පිළිබඳව නොයෙක් මතභේද දක්නට ලැබේ.

විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්‍රමයේ මුරුවා නාමයෙන් යෙදී ඇති ලතාව මුර්වා නමින්ද වෛද්‍ය ග්‍රන්ථවල දක්නට ලැබේ. සාරසංකේෂපය නැමති ඉතා විශිෂ්ට වූ ආයුර්වේද ග්‍රන්ථයේ එන සුප්‍රකට කෂායක් වන මුරුවා දහය දේශීය වෛද්‍යවරුන් අතර හස්ත සාර ඖෂධයක් වශයෙන් හැඳීන්විය හැකිය. මෙම කෂාය (මුස්තා ශුණ්ඨි ධාන්‍ය ජාලි ගුඩුවි සිංහි මුරුවා රෝහිණි බිල්ව වාෙලෙඞ) හෙවත් මුස්තාදි කෂාය වශයෙන් සාර සංකේෂයේ හැඳීන්වුවද මෙය දේශීය වෛද්‍යවරුන් අතර ව්‍යවහාර වනුයේ මුරුවා දහය නමිනි.

මෙහිදි මෙම මුර්වා සඳහා මුරුවා වැල් (මුරුවදුල්) යෙදීම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් අතර ප්‍රචලිතව පවතින අතර ඉන්දියාවේදී මුරුවා සඳහා ලතා විශේෂයක් භාවිතා කර තිබෙන බව පෙනේ. ශෛෂජ්‍ය රත්තාවලියේ ජ්වර විකිත්සාවේ එක කෂාය යෝගයක් වශයෙන් සැලකෙන කුෂ්ඨමින්දායවං මුර්වං පටෝලදෙවාපි සාධිතං යන යෝගයෙහි එන මුර්වා නාමය සඳහා මුර්වලතා යන අර්ථ්‍ය දී තිබෙන බව එම ග්‍රන්ථය පරිශීලනයේදී පැහැදිලි වේ.

මේ පිළිබඳව චරක සංහිතාවේ සුත්‍ර ස්ථානයේ සහ විකිත්සා ස්ථානයේද, අෂ්ඨාංග හෘදය සංහිතාවේ සුත්‍ර ස්ථානයේ සහ විකිත්සා ස්ථානයේද අෂ්ඨාංග හෘදය සංහිතාවේ සුත්‍ර ස්ථානයේ සහ විකිත්සා ස්ථානයේද දක්වා තිබෙන අතර මෙමඟින් පැහැදිලි වනුයේ මුර්වා වශයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු ශාවිතා කරනුයේ ලතා හෙවත් වැල් විශේෂයක් බවයි.

මේ අතර භාව ප්‍රකාශන ග්‍රන්ථයෙහි ශ්‍රී බ්‍රහම්ම ශංකර විද්‍යෝතති. හින්දදිව්‍යාඛ්‍යාවෙහි මුරුවා නමින් මුරුවදුල්, තරවැල්, ලිනිය, නියද, කොබෝලීල වර්ගයන් ආදි වෙනස් කුල වලට අයත් ද්‍රව්‍ය හයක් සඳහන් කර තිබේ. තවද, ආචාර්ය ධාකුර් බලවන්ත සිංහද මුර්වා නාමයට මුරුවදුල් යොදාගැනීම අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මුරුවා හෙවත් මුරුවදුල් ලතාව ර්චපඥඤඥදඪච බඥදචජඪඵඵඪථච ර්ධධද යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර ඡ්ඵජතඥනතචඤචජඥචඥ හෙවත් අකී (වරා) කුලයට අයත් වෙයි.

මුරුවා සඳහා යෙදෙන නාමයන් සංස්කෘත බසින්

මුරුවා, දේවි, දිව්‍යලතා, මධුරස, මොරටා, තේජනි, ශ්‍රවා, මධුලිකා, මධුශේණි, ශොකර්ණි පිලුපර්ණි යන නාමයන් සරස්වතී නිඝණ්ඩුවේ මෙන්ම භාව ප්‍රකාශයෙහි දක්වා තිබේ. එසේ වුවද භාව ප්‍රකාශය නම් වූ ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුවෙහි තව සංස්කරණයක් වන ද්වේන්දු උපනේද්‍ර නාථ සේන්ගුප්තයේ ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථයෙහි දක්වා තිබෙන්නේ ඉහත සදහන් කළ පර්යාය නාමවලින් හඳුන්වන ලබන ද්‍රව්‍යය වනුයේ ඉචදඵඥමඪඥපච ලඥරතචදඪජච ඹඪතතඤ නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඩ්චඥථධඤධපචජඥචඥ කුලයට අයත් නියද නම් ද්‍රව්‍යයයි.

මෙම වර්ගය වංග දේශීය මුර්වා වශයෙන් ආචාර්ය ප්‍රියවෘත ශර්මා විසින් නිගමනය කර ඇත. එසේම මෙම මුර්වා යනු නියද යන මතය ශ්‍රි විරාජාචාරණ ගුප්ත විභූෂණයන්ගේ වනෞෂධි දර්පනය සහ භාරතීය වනොෟෂධීයද අනුමත කරය. මේ අතර සරස්වති නිඝණ්ඩුව මුරුවා වෙනමද නියද වෙනමද වශයෙන් පෙන්වා දෙන අතර එම බෙදීම වඩාත් යෝග්‍ය බැව් දැක්විය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රඅරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.