සර්ප විෂට කැඩුම් බිඳුම් වෙදකමට නැතිවම බැරි අගනා ඔසුව ලෝලු

ඔක්තෝබර් 18, 2019

අප ජීවත්වන පරිසරයේ ඇති ඖෂධ පැළෑටි අතුරින් ඔබ අප හඳුනන පැළෑටි ප්‍රමාණය ඉතා සීමිතය’ එයට හේතු වනුයේ ඒ පිළිබඳව දක්වන ඇල්ම සහ අවධානය අඩුවීම නිසා ඖෂධ පැළෑටි පිළිබඳ දැනුම අඩු වීමයි.

එසේ වුවත් අප ජීවත්වන පරිසරයේ ඇති වෘක්ෂලතා ගැන හොඳීන් පරීක්ෂා කර බැලුවහොත් පෙනී යන්නේ ඖෂධීය වටිනාකමකින් තොර ගසක් හෝ වැළක් නොමැති බවයි. අති විශාල ප්‍රමාණයක් ඖෂධ පැළෑටි අප අවට පරිසරයේ දක්නට තිබුණ ද වත්මන් සමාජය තුළ බොහෝ දෙනා ඒ ගැන ලබා ඇති දැනුම ඉතා අල්පය.

අප අවට පරිසරයේ දැක්නට ලැබෙන මෙම ඖෂධ පැළෑටි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් විවිධ ඖෂධ යෝගයන් සඳහා යොදාගනු ලබයි. මෙහිදී මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයේ කැඩුම් බිඳුම් වෙදකම ඇස් වෙදකම, සර්පවිෂ

වෙදකම, ගෙඩිවන ,පිළිකා වෙදකම, උමතුරෝග වෙදකම ඇතුළු වෙදකම් රාශියකට යොදා ගනු ලබන විශේෂිත ගුණ ලබාදෙන දුර්ලභ ඖෂධ පැළෑටි රාශියක් වේ. මේ අතුරින් කැඩුම් බිඳුම් වෙදකමේ දී සහ සර්ප විෂ වෙදකමේ දී බොහෝ සෙයින් යොදාගනු ලබන ඖෂධීය ශාකයකි.

“ලෝලු” ඖෂධිය මෙන්ම ආහාරමය වශයෙන් ද ප්‍රයෝජන ගෙනදෙන ශාකයක් ලෙස “ලෝලු” ශාකය හැඳන්විය හැකිය.පැරණි ග්‍රන්ථවලට අනුව සුභ අසුභ දැව වර්ග නිරීක්ෂණය කිරිමේ දී “ලෝලු” නිවාස සෑදීමේ දී යෝග්‍ය නොවන ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. දේශීය වෛද්‍ය වෙදකමේ දී කැඩුම් බිඳුම් සහ සර්ප විෂ වෙදකමේ දී යොදාගනු ලබන මෙය ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. සමහර ප්‍රදේශවල “පතරාජ“ නමින් ද තවත් තැනක “පතරංග“ නමින් ද

ව්‍යවහාර කරනු ලබන මෙම ලෝලු ශාකයේ ගෙඩි සහ කොළ ඉතා රසවත් ආහාරයක් ලෙස ගැමි

ජනතාව අතර ප්‍රචලිතය. එසේම ඉන්දියාවේ සමහර ප්‍රදේශවල මෙය දුර්භික්ෂ ආහාරයක් වශයෙන් ද ගැනෙයි.

වැවෙන ප්‍රදේශ විදේශිය වශයෙන්

අඩි 3000 ක් දක්වා සමස්ත ඉන්දියාවේම වැවේ. පාකිස්ථානය , මාලදිවයින, මිසරය, කොචික්,චීනය, මියැන්මාරය, ඕස්ටේ‍්‍රලියාව සහ නවකැලිඩෝනියාව ආදි රටවල දක්නට ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය
වෛද්‍ය මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.