ඔසු ගුණ සපිරි කළුවා අල (කළුවාල)

නොවැම්බර් 1, 2019

මිනිසාගේ සුවසෙත උදෙසා තුරුලතාවන්ගෙන් ඉටුවෙත මෙහෙය සුළුපටු නොවේ.මේ මිහිපිට සත්ත්ව සංහතිය ආරම්හ වූ දා සිටම තුරුලතාවලින් මිනිසා බොහෝ ප්‍රයෝජන ලබා ගත්හ.

ඖෂධීය හා ආහාරමය වශයෙන් මෙන්ම තවත් විවිධ ආකාරයෙන් මිනිසාට තුරුලතා මඟින් වු මෙහෙය මෙතැකැයි ප්‍රමාණවත් කළ නොහැක.

වර්තමානය දෙස බලන විට අපට පෙනීයන කරුණක් නම් අපට දක්නට ලැබෙන තුරුලතා වලින් බොහෝමයක් පිළිබඳ වැඩි දෙනෙකු තුළ නිසි අවබෝධයක් නොමැති බවයි.එයට හේතුව වී ඇත්තේ ඒ පිළිබඳ දක්වන ඇල්ම සහ අවධානය අඩු වීම නිසා ඖෂධ පැළ සම්බන්ධ දැනුම අඩු වීමයි.එසේ වුවද අප ජීවත් වන පරිසරයේ ඇති වෘක්ෂලතාවන් දෙස හොඳීන් අවධානය යොමුකළහොත් පෙනීයන්නේ ඖෂධීය වශයෙන් වැදගත් නොවන ගසක් හෝ වැලක් පවතීද යන්නයි.

මෙතරම් විශාල ප්‍රමාණයක් ඖෂධීය ශාකයන් අප පරිසරයේ පැවතිය ද වත්මන් පරපුර ඵ් පිළිබඳ ලබා ඇති දැනුම ඉතා අල්ප බව පැහැදිලි වේ.මේ නිසා අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වෛද්‍යවරුන්,වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සමස්ත ප්‍රජාවටම අතිශයින් වැදගත් වේ. එක් එක් ප්‍රදේශ ආශ්‍රිතව එකම ශාකයට විවිධ නාමයන්ද ශාකයන් කිහිපයකට එකම නාමයද යෙදෙන අවස්ථාවන් ඇතුළු ගැටලු රාශියක් පවතින නිසා ඒවා පිළිබඳ වඩාත්ම නිවැරදි අවබෝධය ලබා ගැනීම අතිශයින් වැදගත් වේ.

මතභේදයට ලක්ව ඇති මෙම ඖෂධ පැළෑටිය ගැන සලකන විට වනවාස නිඝණ්ටුවේ කුඩාකළුවා සහ මහකළුවා යනුවෙන් වර්ග දෙකක් දක්වා තිබේ. එසේම ආයුර්වේද ඖෂධ සංග්‍රහය 2 කොටස ,සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමි විසින් රචිත දේශිය වෛද්‍ය ශබ්ද කෝෂය ආදී ග්‍රන්ථවල ඒතනඪදඪච ට්චතචදඨච හෙවත් ට්චදඨචඵ ට්චතචදඨච නම් පැළෑටියේ කළුවා අල යැයි හඳුන්වයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගොකරැල්ල, පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය
විද්‍යාලයේ කථිකාචාර්ය
වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.