කොත්තමල්ලි එක්කර සාදාගත හැකි ඔසුවක්

දෙසැම්බර් 13, 2019

කොත්තමල්ලි ග්‍රෑම් සීයයි, සූදුරු ග්‍රෑම් විසිපහයි. ගම්මිරිස් ග්‍රෑම් විසිපහයි, වියළි කරපිංචා කොළ ග්‍රෑම් පනහයි, වියළි මින්චි ග්‍රෑම් විසිපහයි, වියළි කහ ග්‍රෑම් විසි පහයි, සාදික්කා ගෙඩියක ඇටය කුඩුකර ගන්න, කරදමුංග ග්‍රෑම් දහයයි, කරාබු නැටි ග්‍රෑම් දහයයි, මහදුරු ග්‍රෑම් දහයයි, වියළි ඉඟුරු ග්‍රෑම් පහක් පමණ, උළුහාල් (කබලේ බදින ලද) ග්‍රෑම් විස්සක්, මුං ඇට (බදින ලද) ග්‍රෑම් විසිපහක්, කඩල පිටි ග්‍රෑම් විස්සක්, වියළි සේර ග්‍රෑම් විස්සක්, කුරුඳු පොතු ග්‍රෑම් තිහක් පමණ.

ඉහත සඳහන් දේවල් සෝදා හොඳට අව්වේ වේලා කුඩුකර පෙනේරයකින් හලා ගන්න. මෙම සුවඳවත් පිටි එළවලු හා කරවල, මැල්ලුමට හොදි පිසීමේදී එක්කරන්න. මිරිස් කුඩු හා ලුණු අවශ්‍ය වන පරිදි එක්කරන්න.

රසවත් ඉහළ ගුණයක් ඇති ආහාර පිසීමේදී භාවිතයට ගත හැකි මෙම කුඩු සාදාගත් දින සිට මාස හතරක් ප්‍රයෝජනයට ගත හැකිය. ආහාර සඳහා එක්කර ගුණය,රසය, වැඩි කරගන්න. ඉතාම ගුණවත් කුඩක් වශයෙන් සාදාගත හැකි අතර මෙය මාස පහක් පමණ කල්තබා ගත හැකිය. අප ගන්නා ආහාරවල ඇති අධික විෂ මර්දනයට කිරීමට මෙම දේවල් භාවිතා කරන්න. එවිට සෞඛ්‍ය ආරක්ෂා වෙනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.