අප රට තුළ වැවෙන ශාක ආහාර, ඖෂධ පමණක් නොව කෘමි නාශක හා පොහොර වශයෙන් ද භාවිතා කළ හැකි ය

දෙසැම්බර් 27, 2019

අප නිරෝගීව ගතකිරීමට අවශ්‍ය සියලු පෝෂණ ද්‍රව්‍ය අප රට තුළ වැවෙන ශාක තුළ ගැබ්ව ඇත. එසේම ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය නිසි අයුරු ඉටු කිරීමට උපකාරී වන දෑ අඩංගු ශාක වර්ග ද අප අවට බොහෝ ඇත.

ඒවා නිසි අයුරින් ප්‍රයෝජනයට නොගැනීම අප ලෙඩ වීමට එක් හේතුවකි. මහපොළාවෙන් ලැබෙන දිය බිෙඳ් සිට ගස් වැල් වලින් ලැබෙන මිල කළ නොහැකි සම්පත් ඇති රටක් වශයෙන් අප ආඩම්බර විය යුතුය. සමහර රටවල දිය බිඳක්වත් නොමැති කාන්තාරය ය. බොහෝ ඒවා හරිත ශාක වැවීමට බොහෝ වෙහෙසක් දැරිය යුතුය. සමහර රටවල අයිස්, ගිනිකඳුය. එනිසා මෙවැනි රටක උපන් ජාතියක් වශයෙන් අප බොහෝ වාසනාවන්තය. එමනිසා මේ භූමියට අපෙන් ඉටුවිය යුතු යුතුකම් රාශියක් ඇත. මේ වටිනා ජල සම්පත හරිත ශාක විනාශ නොකර ආරක්ෂා කර ගැනීම වර්ධනය කිරීම ව්‍යාප්ත කිරීම මහජනයාට ඒවාගේ වටිනාකම කියාදීම අපෙන් ඉටුවිය යුතු යුතුකමය. අප නිරෝගී වීම සඳහා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්නා වූ පද්ධති සමූහයක් අප සිරුර තුළ ඇත. අද වන විට ක්‍රමයෙන් මේ පද්ධති රෝගාතුර වීම නිසා ජනයා බොහෝ දුක් විඳිනු ඇත. එය බෝවීමක් නිසා සිදුවන්නක් නොව අප තුළට දාගන්න බොහෝ දෑ හේතුවෙන් අප රෝගී වී ඇත අද ආහාර ජීරණ පද්ධතියේ රෝග බොහෝය එම තත්වය වැඩි දියුණු වූ විට වෙනත් පද්ධතියකට පවා මෙය බලපෑ හැකි ය. එයින් අප රෝගාතුර වේ. රෝග සඳහා අපි ඖෂධ අධිකව භාවිතා කරයි. එයින්ද අප රෝගාතුර වේ. එනිසා අප රෝගී වීමට පෙර නිරෝගී තත්වය ගැන සැලකිලිමත් විය යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.