හදවතේ සුවයට ගුණ දෙන මූනමල්

ජනවාරි 31, 2020

ලංකාවේ සෑම පළාතකම වැවෙන පැළයක මූණමල් හදවතට ඉතා හිතකරය. මුඛ රෝගයන්ට ඉතා ගුණදායකය. ඖෂධ සඳහා යෙදිය හැක්කේ ශාකයේ පොතු, ගෙඩි හා බීජයන් ය.

මූණමල් සුගන්දවත් මල් හටගන්නා පුරාණ ශාකයකි. මෙම ගස ගෙමිදුලේ සිටුවීමෙන් සෞභාග්‍ය උදාවේ. ශිව දෙවියන්ගේ බිරිඳවන පාර්වතිය සිය නිතඹ සරසා ගැනීමට මූණමල් යොදාගත් බව මහාර්ෂි පුලස්ති ඍෂිවරයාගේ පාලන කාලයේදී දේව කරුණු ගැන ලියවී ඇති පැරණි පොත්පත් මගින් අනාවරණය වේ. මීට අමතරව හින්දු පොත්වල (ආගමික) සඳහන් වන්නේ, කාන්තාවන්ගේ ආකර්ෂණය තමා වෙත ලබාගැනීම පිණිස ක්‍රිෂ්ණා දෙවිඳුන් බටනළා පිඹීම සිදුකර ඇත්තේ මූණමල්, ගස් සෙවණකය. සිංහලෙන් වෙද පාරම්පරික වචනයක් වන “මධුපුෂ්ප” යයි. සංස්කෘත භාෂාවෙන් බකුල යන නමද දෙමළ භාෂාවෙන් “එංලාසාරි නමින්ද හඳුන්වනු ලැබේ.

අප රටේ හොරණ, බුලත්සිංහල, දෙනියාය, හම්බන්තොට, ඇඹිලිපිටිය. අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතලේ වැනි ප්‍රදේශවල සරුවට වැවේ. පේරාදෙණිය උද්භිද උද්‍යානය, හල්දුම්මුල්ල ඔසු උයන්වල මෙම ශාකය සංරක්ෂණය කර වගා කර ඇත. මෙම මූණමල් ගසේ සිංහලෙන් මධුපුෂ්ප යයි කියන්නේ ගසේ මල්වල අධිකව පැණි ඇති නසාය. මේ නිසා “මී මැසි පාලනය” සඳහා වගා කර ගත යුතු ශාකයකි.

ඉන්දියාවේද මෙම ශාකය වගාකර අධිකව මී පැණි නිපදවා ගනිති. බුරුමය, භූතානය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව, අපි‍්‍රකානු රටවල් කීපයක මෙම ශාකය ඇත. කෙළින්ම වැටෙන හිරුඑළිය යටතේ හෝ අපූර්ව හිරුඑළිය යටතේ මෙම ශාකය වැවේ.

රස – කසාය /කටු

ගුණ – ගුරු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.