රෝගාබාධ රැසකට ගුණදෙන අගනා ඔසුව දියමිත්ත

ජනවාරි 31, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ විවිධ වූ රෝගාබාධයන් රාශියකට ගුණදෙන අගනා ඖෂධීය ශාකයන් ලෙස දියමිත්ත ශාකය හැඳීන්විය හැකිය. පාඨා නාමයෙන් ගැනෙන ආයුර්වේදීය ඖෂධය වෙනුවට ශ්‍රී ලාංකේය වෛද්‍ය ව්‍යවහාරය බවට පත්ව ඇත්තේ දියමිත්තයි.

මෙයින් ද ලඝු පාඨා යනු දියමිත්ත ලෙස වෘද්ධ වෛද්‍යවරු සිය අත්දැකීම් අනුව නිශ්චය කළහ. දිය මුදවන හැකියාව ඇති හෙයින් දිය මිදීමේ ගුණය අනුව දියමිත්ත යන්න උපන් බව හැගේ. මෙය වැලක් සේ වැඩෙන පඳුරුමය ශාක විශේෂයකි. දියමිත්ත කොළ යුෂ වතුර බඳුනකට දමා පැය කිහිපයක් ගිය විට වංචය වී කැටි ගැසෙන බව දක්නට ලැබේ. ලඝු පාඨා රාජ පාඨා යනු දියමිත්ත දෙවර්ගයකි. ආචාර්ය මත අනුව යම් යම් විෂමතා ඇතත් වැඩි දෙනා පාඨා සහ ලඝු පාඨා යන නම් දෙකින්ම ගනු ලබන්නේ දියමිත්තයි. නිඝණ්ඩුවල දක්වා ඇති පරිදි වඩාත් ගුණ දායක මුල් බවත් අතීසාරයට රාජපාඨා වඩාත් ගුණදායක බවත් කියනු ලබනි. ළඳු කැළෑවල පිහිටි පඳුරුමය ශාක මත විහිදී හෝ වනාන්තර වලදී ආධාරක ශාක මත වෙළී ඉහළ නගී. පත්‍රවල යටි පුෂ්ඨය වෙල්වට් වැනි ස්වභාවයක් ගන්නා නිසා මඥතඥබ තඥචබ යනුවෙන් ඉංග්‍රීසියෙන් දිය මිත්ත හඳුන්වනු ලබයි.

 

දියමිත්ත වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන්

සර්ව නිවර්තනය ගිනිකොණ දිග ආසියාවේ සිට ඕස්ටේ‍්‍රලියාවේ රැජිනලන්තය දක්වා විහිදේ. ඉන්දියාව, සිංගප්පූරුව, පිලිපීනය, නැගෙනහිර අප්‍රිකාව, ඇමරිකාව ආදි රටවල් විශේෂිත වේ.

 

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රදේශයන්හි දක්නට ලැබෙන ශාකයක් වන අතර මීටර් 1200 උස දක්වා සුලභව හමුවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොරුපන්ගොඩවැව, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුළුකන්ද, සීගිරිය වැව, නුවර දිස්ත්‍රික්කයේ මඩු ගොඩ, ඌරුගල පාර, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කන්නෙලිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දල මුහුදු තීරය ආදියේ දක්නට ලැබෙන අතර පේරාදෙණිය උද්භිද උද්‍යානය, හල්දුම්මුල්ල හා පට්ටිපොල ඔසු උයන් ආදියේද දක්නට ලැබෙයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.