නාඩි දුබලතා සහ වාත රෝග නසන අගනා මී ගස

පෙබරවාරි 7, 2020

නිශාදි තෛලය – සඳහා මී තෙල් යොදාගනු ලබන අතර පීනස් රෝගවලදී මෙම තෛලය නස්‍ය අන්‍යංග ආදියට ගනු ලබයි. මෙයට අමතරව තවත් තෙල් වර්ග කිහිපයකදී ම මී තෙල් යොදා ගනු ලබයි. එසේම රත්පිතේ දී මී පොතු ක්ෂාරය යොදා ගනු ලබයි.

මී මල් සකස්කර ගැනීමේ දී

මල් පිපෙන කාලයේ දී රැස්කර වියලා වියලි භාජනවල අසුරා වියලි ස්ථානයක ගබඩා කළ යුතු වේ.

මී ගසේ කොටස් වල අඩංගු රසායනික උපාදාන

මී මල්වල ශර්කරා, එන්සයිම සහ යීස්ට් අන්තර්ගතවන අතර ඇටවල මදයේ 50- 55% ක් ස්ථිර තෛල මේද කසට ද්‍රව්‍ය තිත්ත පදාර්ථ සැපොනින්, පිෂ්ඨ, මැලියම් ආදිය අන්තර්ගත වේ.

මී වල ඖෂධීය ගුණ කර්ම

රසයෙන් – මධුර හා කෂාය රස වන අතර

ගුණයෙන් – ගුරු හා ස්නිග්ධ වෙයි

වීය්‍යයෙන් – මධුර වේ

දෝෂ අනුව සැලකීමේ දී – වාතය හා පිත සමනය කරන ගුණ යුක්ත වන අතර වාත හා පිත රෝග වලදී උපයෝගී කරනු ලබයි

ශාරිරීක ව්‍යුහගත ක්‍රියා සැලකීමේදී

බාහිර වශයෙන් – මී ඇට තෙල් කුෂ්ඨ නාශක සහ වේදනා ස්ථාපන ගුණ යුතු නිසා වාත රෝග සහ චර්ම රෝගවලදී ආලේප කරයි. එසේම මී මල් යුෂ ස්නේහන ගුණ යුතු නිසා පිත්තජ ශිරෝ රෝගවලදී නස්‍ය කරයි. එසේම මී තෙල් පුෂ්කර අළු සමඟ දෑ වල ආලේප කරයි.

අභ්‍යන්තර වශයෙන් –

නාඩි ව්‍යාහාවේදී – නාඩි බලකාරක සහ වාත සමන ගුණ යුතු අතර මී මල් ක්ෂීර පානය දුබලතා වලදී ද වාත රෝග වලදී ප්‍රයෝග කරනු ලබයි

ආහාර පරිපචන ව්‍යුහාවේ දී – ස්නේහන, අනුලෝම, ස්තම්භන සහ පිපාසා නසන ගුණ සහිත නිසා තෘෂ්ණ ( පිපාසා) අතීසාර, ග්‍රහණි, කෝෂ්ඨගතවාත ආදි අවස්ථාවල මී මල් ස්වරරසයද, පේතු කෂාය ද ප්‍රයෝග කරගනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේ දී – මෙය රත් පිත් සමන ගුණයෙන් යුතුවන අතර අලුත් අමු මී මල්වල ගුණය ප්‍රශස්ත වේ.

ශ්වසන ව්‍යුහාවේ දී – මී අරටු හා මී ඇට මද සෙම් පිට කරන ගුණ යුක්ත වන අතර මුත්‍ර කෘච්ඡ්‍ර වලදී උපයෝගී කරනු ලබයි

ප්‍රජනන ව්‍යුහාවේ දී – වෘෂ්‍ය සහ ස්තන්‍ය ජන්‍ය ( මව් කිරි වඩන) ගුණ පවතින අතර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.