ඖෂධීය පලතුරක් වන අළු පුහුල්

පෙබරවාරි 7, 2020

ඈත අතීතයේ මහා රාවණා යුගයටත් පෙර මහාර්ෂි පුලස්ති ඍෂිවරයාගේ පාලන කාලයේදී ඉතා දියුණු වූ දේශීය වෛද්‍ය ක්‍රමයක් දරු පල නැති කාන්තාවන්ට තිබූ බව අනාවරණය වේ. මේ සඳහා භාවිත කර තිබුණේ ඖෂධීය ශාකයක් වන අළු පුහුල් ය.

මේ වැල එවන් යුගයේ පටන් මෑත යුගය දක්වා හොඳ බෙහෙත් පැළයක් ලෙස ජනපි‍්‍රය වී ඇත. මීට අමතරව ශාන්ති කර්ම සහ නිවාස තැනීමේදී පැමිණෙන ඇස් වහ දෝෂ සඳහා යෝග්‍ය වේ. බලි තොවිල් සඳහා ප්‍රයෝජනයට ගනු ලැබේ. වියළි කලාපයේ පවතින අධික උෂ්ණාධික බව සමනය කර ගැනීම සඳහා අළු පුහුල් ව්‍යංජනය සකස් කර ගැනීමට අපේ පැරැන්නෝ පුරුදු වී සිටියේය.

සංස්කෘත භාෂාවෙන් “කුෂ්මාණ්ඩ” නමින්ද දෙමළ භාෂාවෙන් “පුනික්කායි” නමින්ද හඳුන්වා ඇත.

වාත හා පිත නිසා ඇතිවන දෝෂ තත්ත්වයන්ට ප්‍රතිකාර යොදා ගනී. වැහැරුණු ශරීරය, පුෂ්ටිමත් කිරීමට පුහුල්වලට හැකිය. වාජීකරණ ගුණයෙන් යුක්තයි. “අළු පුහුල්” මගින් සාදන බෙහෙත්වර්ග ජනපි‍්‍රය ඖෂධ වේ. හදිසි පිලිස්සුම් අනතුරකදී පුහුල් මද හා ඉස්ම බාහිර ආලේප වශයෙන් යොදාගනු ලැබේ. පිත නිසා හටගන්නා හිසේ රෝගවලට පුහුල්ඇට යොදා මදක් රත්කරගන්නා තෙල් සිසිල් වූ විට හිසෙහි ගල්වනු ලැබේ.

දරුඵල නොමැති විවාහක කාන්තාවන්ට දිගටම අළු පුහුල් ආහාරයට ගැනීම නිසා දරුඵල ඇතිව නබව පැරණි විශ්වාසයක් වෙද පොත්වල සඳහන් වී තිබුණි. ඒත් විවිධ චර්යා ධර්ම මත සිටීමෙන් තවත් සිංහල බෙහෙත් වර්ග ගැනීමෙන් දරුඵල ලැබීමේ ගුණය සාර්ථක කර ගත හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.