ඖෂධ අතර අගනා ඔසුව කස්තුරි

පෙබරවාරි 21, 2020

ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව වනුයේ දෝෂ විෂමතාවයයි. එනම් වාතය, පිත සහ සෙම යන තුන්දොස් වල වෘද්ධි හා ක්ෂීණ බවයි.

මේ නිසා මිනිසාට වැළඳෙන ලෙඩ රෝග බොහෝ ය. මෙම රෝගාබාධයන් සඳහා කරනු ලබන ප්‍රතිකාර වලදී බොහෝ සෙයින් ගනු ලබන්නේ අවට පරිසරයේ ඇති ද්‍රව්‍යයන් ය. එනම් ශාඛ, සත්ව හා පාර්ථවීය ද්‍රව්‍යයයි. මේවායින් සකස් කළ ඖෂධ යෝගයන් යෙදීමෙන් දෝෂ විෂම වීම පහවී රෝග සමනය ඇතිවන බව ආයුර්වේද මතයයි

මෙසේ ඖෂධ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය අතුරින් ඉතා දුර්ලභ මෙන්ම වටිනා සත්වජ ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හැඳින්විය හැකියි. විශේෂිත වූ කස්තුරි මුවන්ගෙන් ලබා ගන්නා ද්‍රව්‍යයක් වන මෙම කස්තුරි ඉතා ගුණදායක වටිනා ඔසුවක් වන අතර බොහෝ රෝගාබාධිතයන්ට යෙදිය හැකි දුර්ලභ ඔසුවක් වෙයි.

කස්තුරි සඳහා විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන්

සංස්කෘත බසින් මෘග නාභි, මෘග මද, කස්තුරිකා , කස්තුරිවේද, මුඛ්‍යා සහ සහස්‍රහීන් යන නාමයන් යෙදේ. හින්දි බසින් කස්තුරි ලෙස ද, වංග බසින් කස්තුරි ලෙස ද , ඉංගී‍්‍රසි බසින් ර්භඵඬ නමින් ද හඳුන්වනු ලබයි.

රුසියා , චීන ,මධ්‍යම ,ආසියා ,ටිබෙටය , නේපාලය ,භූතාන ,ඇසෑම්, කාශ්මීර සහ හිමාලයේ අඩි 8000 කට වඩා වැඩි දුර්ගම කඳු බෑවුම් ආශි‍්‍රතව මෙම කස්තුරි මුවෝ සිටිති. මෙම මුවන්ගෙන් කස්තුරි ලැබෙන්නේ බොහෝ විට කාමොද්දීපන කාල වලදී පමණයි. එසේ නොමැතිව මෙම මුවන් අල්ලා ගැනීමෙන් හොඳම වර්ගයේ කස්තුරි ලබා ගත නොහැකි යයි චීන ව්‍යාපාරිකයෝ පවසති. එසේ වුවද කාමොද්දීපන කාලවලට අනතුරුව මෙම මුවන් නිතර ගැවසෙන තැන්වල තිබී හමුවන කස්තුරි එම මුවන් විසින් මුවන්ගේ කුර මගින් ග්‍රන්ථිය කඩනු ලැබීමෙන් බිම පතිත වන ඒවා වේ.

කස්තුරි සෑදෙන අයුරු

කස්තුරි මුවාගේ ශිෂ්ණය කෙළවර චර්ම කූපයන්ගෙන් වහනය වන ශ්‍රාවයේ ශුෂ්ක සහ අද්‍රිකා වාෂ්පීභූත ඝන පදාර්ථයක් ඇති අතර එය රැස්වී තිබෙන්නේ නාභිය සමීපයේ පිහිටි අඟල් 1 1/2ක් පමණ විෂ්කම්භයෙන් යුතු අලංකාර කෝෂයක් තුළයි. එය මතුපිට මෘදු කලාවකින් වැසි පවතින අතර ඇතුළත සම කේන්ද්‍රිගත පිහිටි ශ්වේත දැඩි රෝමයන්ගෙන් යුතු කුඩා සිදුරක් ඇත. මෙම කෝෂ අභ්‍යන්තරයේ රක්සාත කෘෂ්ණ ග්‍රන්ථිමය, උග්‍ර ගන්ධ පදාර්ථය කස්තුරි වෙයි. කස්තුරි මුවාට වසර 1ක් හෝ 2 ක් වන තුරු කස්තුරි ක්ෂීරමය සුදු තරල ස්වභාවයෙන් යුතු අතර අනුක්‍රමයෙන් කෘෂ්භාභ සහ ඝණ බවට පත්වේ.

 

කස්තුරි සංරක්ෂණ ක්‍රම

කස්තුරි මුවන් මරා නාභී ආශි‍්‍රත කෝෂ ඉවත් කර ගත් පසු නොපමාව වාතයෙන් හා අව්වෙන් වියලා ගැනීම ඉතාම හොඳ ක්‍රමය වේ. තීක්ෂණ සුවඳ වහන වන ද්‍රව්‍යයක් නිසා මෙය හොඳින් වසන ලද වායු නිවාරක බඳුනක හෝ ඉතා තුනී ඊයම් පත්‍ර ඇසුරු ලී පෙට්ටිවල අසුරනු ලබයි. තවද කස්තුරි කෝෂ සෑම විටම කුඩා සම් පසුම්බිවල අසුරනු ලබන තර පසුම්බිය ඇතුළත කෝෂය මුව රෝම වලින් අසුරා ආවරණය කරනු ලබයි. එසේ නොමැති නම් ඒ හා සමාන ද්‍රව්‍යයක් තබා කස්තුරි ගන්ධය පැතිර යාම වළක්වනු පිණිස ආරක්ෂාකාරීව ක්‍රියා කරනු ල බයි. මේ අතර චීනයේ මුවන් නොමරා ජීවත්ව සිටිය දී කස්තුරි ලබා ගැනීමේ නවීන විද්‍යාත්මක ක්‍රමයක් ක්‍රියාත්මක වන බව දැක්වේ. කස්තුරි මුවන්ට අමතරව කස්තුරි සමාන ගන්ධයෙන් යුතු පදාර්ථ සත්ත්ව සහ උද්භිද වර්ග ද ලෝකයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබේ. ඒ අතර ඊඩඥ ට්චඨඥතතච මුව විශේෂයත් ඊඩඥ ර්චපබඥද කුඩා මුගටි විශේෂයත් ර්භඵබඥතච ජ්ධඪදච මුගටි විශේෂත් ආදි සතුන්ගේ මල වල ද ඊඩඥ ඒතනඪදඥ ට්ධචබ එළු වර්ගයත් ඛ්චනපචතඡඥය කඳුකරයේ වෙසෙන වන්‍ය එළු වර්ගයන් ආදි සතුන්ගේ වියලි රක්තයේ ද කස්තුරි හා සමාන ගන්ධයක් වහනය වෙයි. ර්‍ණමඪඡධඵ ර්ධඵජඩචබභඵ ගව විශේෂයන් ඊඩඥ ලඥඡභ විශාල මොල්ලියක් ඇති ගව විශේෂයෙන් ඒදචඵ ර්ධඵජඩචබච තාරා විශේෂයත් ඛ්පධජචතතභඵ ඍභඪඨචපඪඵ කිඹුල් විශේෂයත් ඍඪමඥපපච ජඪමචබබඥ උරුලෑවා සහ අතේකාකාර සමුද්‍රප් කැසුබු වර්ග වල ද කස්තුරි සමාන ගන්ධයක් නික්මෙන බව සොයාගෙන ඇත. ඩ්ඪඡඪඵජභඵ චඡඥතථධඵජඩභඵ ඹ්ඪදද කපුකිස් සස බීජ අධඵච ථධඵජඩචබච රෝස මල් විශේෂයෙන් ඩ්රඵඵධනභඵ ධටටඪජඪදචඪතඵ මහ ගොකටු ආදි උද්භිත වර්ග වලින් ද කස්තුරින් වලට සමාන ගන්ධයක් වහනය වේ.

කස්තුරි වල ප්‍රභේද භාව ප්‍රකාශයේ දැක්වෙන පරිදි කාමරූපි, නෛපාලි සහ කාෂ්මිර වශයෙන් ප්‍රභේද තුනක් සඳහන් වේ. මේ අතුරින් කාම රූපි කස්තුරි වර්ග සෙසු කස්තුරි වර්ග දෙකට වඩා ශ්‍රේෂ්ඨ වන අතර සුගන්ධවත්ය. කෘෂ්ණ වර්ණ වේ. නෛපාලි කස්තුරි වර්ගය නීල වර්ණ වන අතර මධ්‍යම ගුණයෙන් යුතුය. කාෂ්මීර කස්තුරි වර්ග පිඟුවන් වර්ණයක් ගනු ලබන අතර සෙසු වර්ග දෙකට වඩා ගුණයෙන් අඩුය.

පිරිසුදු නියම කස්තුරිවල ලක්ෂණ

සුගන්ධය වහනය වේ. කටු තික්ත ආස්වාසයෙන් යුතු අතර මෘදු ස්පර්ශයෙන් යුතුය. එසේම පිඟුවන්හා උෂ්ණ වර්ණය.

 

දූෂිත කස්තුරි

කස්තුරි වල ඇති අත්‍යවශ්‍ය බව නිසාත්, අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි නිසාත්,වියළි ලේ,අක්මා ආදි කොටස් සමඟත්, බෝංචි, තිරිඟු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග සමඟත් මිශ්‍රකර තිබෙනු දක්නට ඇත. මේ නිසා කස්තුරිවල පවත්නා ආවේණික ගන්ධය ඒ සමඟ මිශ්‍ර වූ පදාර්ථවලට උරා ගනු ලබන හෙයින් මෙම මිශ්‍ර කස්තුරි ගන්ධයෙන් අමිශ්‍ර පිරිසුදු කස්තුරි වෙන් කර ගැනීම දුෂ්කර වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.