හිස කෙස් කළු කරන අවරිය

ජූලි 3, 2020

බොහෝ ස්වභාවික ඩයි නිපදවීම පිණිස මේ ගස්වල පත්‍ර යොදා ගනී. මේ පත්‍ර අවරිය ශාකයේ පත්‍රයි. මෙය මුලින්ම සොයා ගත්තේ ඉන්දියාවයි. 

මේ නිසා අවරිය ගසට නවීන ලෝකයේ ලොකු තැනක් හිමිවෙන්නට පටන් අරන්. චීනය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය මේ වන විට රූපලාවණ්‍ය නව නිපැයුම්, නිෂ්පාදනය කිරීමට පෙලඹී ඇත. අවරිය අද කාන්තාවන්ගේ, නවයොවුන් දැරියන්ගේ හදවත දිනා ගත්ත ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටියකි. 

ඈත අතීතයේ ලංකාවේ වෙහෙර විහාරවල බිතු සිතුවම් ඇඳීමට නිල් අවරිය වර්ණකයන් ලෙස යොදාගත්තා, භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පඬු පෙවීමට මේ කොළ භාවිතා කර ඇති බවට ඈත ඉතිහාසයේ සාක්ෂි දරයි. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ පුරන් කුඹුරුවල වගාකිරීමෙන් පසේ ඇති පොහොරතාවය වැඩිවී පස සාරවත් වී ඇත. පැරණි ගොවි මහතුන් කළ මේ විශ්මිත වැඩ නිසා එදා ගොවියා රජ විය. 

තද නිල් පැහැය නිසා අවරිය ඖෂධය තෙල් වර්ණ ගැන්වීම සඳහා වෛද්‍යවරුන් විසිනි යොදාගෙන තිබේ. මෙම ශාකයේ කොළ අමුවෙන් හෝ ජලයේ තැම්බීමෙන් ගන්නා ඔසුවකි. එමෙන්ම අවරිය පැළෑටිය හොඳ මුත්‍රකාරකයකි. 

මීටර් 2 තරම් උසට ඍජුව වැඩෙන කඳකි. පඳුරක් ආකාරයෙන් වැවෙන බහු වාර්ෂික පැළෑටියක් වන අතර වර්ෂය පුරාම මල් හට ගනී. 

අප රටේ කළුතර, බුලත්සිංහල, ගාල්ල, අකුරැස්ස, අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට , යාපනය , කිලිනොච්චිය වැනි ප්‍රදේශවල මෙය සරුව වැඩී දක්නට ලැබේ. පේරාදෙණිය උද්භිද උද්‍යානය , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඔසු උයන්වල මෙම ශාකය සංරක්ෂණය කර ඇත. ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය, අපි‍්‍රකානු රටවල, ඕස්ට්‍රේලියාව යන රටවල ව්‍යාප්තව පවතී. 

උද්භිද විද්‍යාත්මක නාමය  Indigofera Tinctoria  

පර්යාය නාමයන් :– නීලඅවරිය Black henna True Indigo  වේ.

කුලය – Fabacege   ය.

ගුණ 

රස – කටුක, තිත්ත 

ගුණ – ලඝු, රූක්ෂ 

වීර්ය – උෂ්ණ 

විපාක – කටුක 

නිල් අවරිය ශාකයෙන් ඖෂධ වර්ග කීපයක් නිෂ්පාදනය කරනු ලැබේ. 

නීලි ඍතය අවරිය ක්වාතය, නීල්‍යාදී තෛලය, නීලි අරිෂ්ඨය, අරවින්ද්‍යාසවය සෞම්‍ය කලාපීය දේශගුණ තත්වය යටතේ  හෝ නිවර්තන කලාපීය දේශගුණයක් යටතේ ශාකය වැඩේ. ශ්‍රී ලංකාවේ පහත රට වියළි ප්‍රදේශවල හොඳින් වැඩෙන ශාකයකි. වසර කීපයක් ජීවත්වී මියයයි. පත්‍ර ළා කොළ පාටය. පත්‍රිකා සෙ.මී. 6 ක් පමණ දිගය.පත්‍රයක පත්‍රිකා 15 ක් පමණ තිබේ.  පත්‍ර නටුව කෙටිය, වසරක් පමණ ගිය විට අවරිය ගසේ අතු පුරාම මල් හට ගන්නවා ඇත. මෙම මල් දම් හෝ රෝස පැහැයක් ගනී. ඵල ලෙස හටගන්නා කරලක් තුළ බීජ 10 ක් පමණ තිබේ. අවරිය රෝපණය කිරීම සඳහා බීජ මගින් කළ හැකිය. මීට අමතරව දඬු කැබලි ගෙන වළවල් පරිමාණයට කපා සිටු වීමෙන් නිල්අවරිය හිස් ඉඩමකද පැළකර ගත හැකිය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.