ආයුර්වේදය සහ කොරෝනා

ජූලි 17, 2020

“ආයුරස්මින් විද්‍යතෙ නෙනවා ආයුව¢න්දතීත්‍යායුවෙ¢දඞ” 

ආයුඞ ශරීරෙන්ද්‍රිය සත්වාත්ම සංයොගඞ තදස්මින්නා යුවෙ¢දෙ විද්‍යතෙ අස්තීතායුවෙ¢දඞ අථවා ආයුර්වද්‍යාතෙ ඥායතෙ අනෙනෙත්‍යායුවෙ¢දඞ, ආයුර්විද්‍යතෙ විවාය¸තෙ, අනෙනවා ඉත්‍යායුවේදඞ ආයුරතෙන වින්දති ප්‍රාඵනොති ඉතිවා ආයුවේදඞ

මෙම සියලුම පාඨයන්ගෙන් අදහස් කරනුයේ ආයුර්වේදය යනු නිරෝගීව ජීවිත කාලය ගත කිරීමට උපදෙස් සහිත වෛද්‍ය ශාස්ත්‍රයක් බවයි. එබැවින් (ඛ්ර්‍ණඍධ්ච් 19)  කොරොනා වෛරස් ව්‍යාප්තියේදී මෙම ආයුර්වේද ජීවන රටාව කෙරෙහි ලොව පුරාම විද්වතුන්ගේ නෙත් යොමුවී තිබේ. 

කොරෝනා හෙවත් (ඛ්ර්‍ණඍධ්ච් 19)  යනු බටහිර වෛද්‍ය ක්‍රමය අනුව එක්තරා කොරෝනා කාණ්ඩයේ වෛරසයකින් ඉතාම බියකරු ලෙස ව්‍යාප්ත වන ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝගයකි. මෙහි බෝවීමේ වේගය, මරණ සංඛ්‍යාව වැඩිවීම බියජනක තත්වයක් මතුවී ඇත. 

සාමාන්‍ය ශ්වසනජ්වර රෝගයන්හි හෝ ප්‍රතිශ්‍යා උණ රෝගයකදී යම්කිසි පොදු රෝග ලක්ෂණ වේද කොරොනා වලදීද මෙම පොදු ලක්ෂණ සමානකම් දක්වති. නමුත් මෙම (ඛ්ර්‍ණඍධ්ච් 19)   අද වසංගත රෝගයක් බවට පත්වී තිබේ. 

ආරම්භය 

මුලදී චීනයෙන් ආරම්භ වූ බව පවසන (ඛ්ර්‍ණඍධ්ච් 19)  ඉතාලිය ආක්‍රමණය කළේය. ඉතාලිය යනු සංක්‍රමණිකයන් බොහෝමයක් ජීවත්වන රටකි. මේ නිසා ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක් (ඛ්ර්‍ණඍධ්ච් 19)   ට ගොදුරු විය. ආසියාතික රටවලින් ලංකාව, ඉන්දියාව, ඇතුළු බොහෝමයක් ගොදුරු විය. ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වන්නේ රටවල් අතර පවතින සම්බන්ධතා නිසාවෙනි. නමුත් ලෝකයක් හැටියට හුදකලා රටවල් බවට පත්විය නොහැකි වෙයි. ඒ නිසාම ගෝලීය ප්‍රශ්නයක් වී පැතිර ගියේය. තවත් පැතිර යාමට ඇත්තේ සුළු රටවල් සංඛ්‍යාවකි. 

ආයුර්වේදයේ හැටියට මෙය ශ්වසන ජ්වරයක පූර්ව ලක්ෂණ මතුවී එම තත්වයට පත්වේ. රෝගියා මිය යන්නේ නියුමෝනියාව හෙවත් ශ්වසන ජ්වරයෙනි. බටහිර වේවා ආයුර්වේද වේවා රෝගයක පූර්ව රූප රූප නැතිනම් රෝගයක රෝග ලක්ෂණ පහළ වන විටම ඒ සඳහා සුදුසු ඇවතුම් පැවතුම් ඖෂධ යොදාගැනීමෙන් රෝගය උත්සන්න වීම වළකා මුල් අවධියේම සුවකළ හැකිය. නියුමෝනියාව සුවකිරීමට අසමත් වූ රෝගීන් ගේ මියයාමේ ප්‍රවණතාවය වැඩිය. පෙනහළු අකර්මණ්‍ය වී රෝගියා මිය යයි. නියුමෝනියා යනු ආයුර්වේදයේ හැටියට සන්නිපාත තත්ත්වයකි. අපේ ශාරිරිකව ප්‍රතිශක්තිය බලවත්නම් වෛරසයක් ඇතුළු වූ පමණින් රෝගී වන්නේ නැත. සමහර විට වෛරසය ඉවත් කිරීමට ශාරිරික ශක්තිය ප්‍රමාණවත්වේ. 

(ඛ්ර්‍ණඍධ්ච් 19)  රෝග ලක්ෂණ අනෙක් නියුමෝනියා තත්ත්වයන්ට සමාන විය හැකි නමුත්. රෝගියාගෙන් රෝගියාට සංකූලතා වෙනස් විය හැකිය. ප්‍රතිශක්තිය හොඳින් පවතින පුද්ගලයා රෝගය පරදවාලයි. එසේ නැති පුද්ගලයන් හට රෝගය වැළඳෙයි. සමහර රෝගීන්ට සාමාන්‍ය ප්‍රතිශ්‍යා කැස්ස යන රෝග ලක්ෂණ මතුවී ඉබේම සුව වේ. ඇත්ත වශයෙන් ඉඟුරු, කොත්තමල්ලි වලින් වුවද ප්‍රතිශ්‍යා උණ සුවවෙන බව අපි බොහෝ විට අත්දැක ඇත. 

ඉඟුරු, කොත්තමල්ලි, යනු ආයුර්වේදයේ ඖෂධයක් මෙන්ම ඉතා ප්‍රණීත පානයකි. කොත්තමල්ලිවල වටිනාකම කෙසේද යත් මව්කිරි දීමට කිරිහිඟ මව්වරුන් දිනකට කිහිප විටක් කොත්තමල්ලි තැම්බූ වතුර බිලින්දාට දී රැකගත් බව නොරහසකි. 

එසේ වුවත් නියුමෝනියා තත්ත්වයට පත්වූ පසු උණ තීව්‍ර වී අසාද්‍ය වූ පසු ඉඟුරු, කොත්තමල්ලි වලින් පමණක් පණ බේරාගත හැකි වෙතැයි කවරෙකු හෝ නොසිතිය යුතුය. 

ජ්වරය යනු ශරීරයේ ස්වභාවික             උෂ්ණත්වය ඉක්මයාමයි. නමුත් ශරීරයේ      උෂ්ණත්වය අඩුවීම වෙනත් හේතු නිසාද වෙනත් රෝග නිසාද සිදුවිය හැක. සම්මත    උෂ්ණත්වය අංශක 98.4 37 ඛ්  වශයෙන් ගත්තත් පුද්ගල ශරීර අනුව අඩුවැඩිකම් තිබිය හැකිය. එහෙත් සිරුරේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම ද පහළ බැසීම ද සිරුරට අහිතකරය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.