ලේ පිරිසුදු කරන අගනා ඔසුව කබරොස්ස

ජූලි 24, 2020

කබරොස්ස යන්න රක්ත ශෝධනය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් ඖෂධ ද්‍රව්‍යයක් වේ. මේ පිළිබඳව මූලික ආයුර්වේද ග්‍රන්ථවල එතරම් විස්තර දක්නට නොලැබෙන අතර එසේ වුවත් වර්තමානය වන විට බෙහෙවින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයකි.

ඉතා විශිෂ්ට වූ ඖෂධ ද්‍රව්‍යයක් වන ‘චීන අල’ වෙනුවට මෙරට ආයුර්වේද ඖෂධ යෝග සඳහා යොදාගනු ලබන ශාකය ‘කබරොස්ස’වේ. ශ්‍රී ලංකාවේ පැරණි දේශීය වෛද්‍යවරුන්, දූමස්, ද්‍රර්මාංස, පිරංගි, (සිපිලිස්) වැනි ඉතා දරුණු රෝගයන්ට සහ කල්ගත වූ චර්ම රෝගවලට කෂාය, චූර්ණ ආදී වශයෙන් ප්‍රයෝග කරනු ලබන ඖෂධයක් ලෙස කබරොස්ස හැඳීන්විය හැකිය.

බොහෝ දෙනා ‘කබරස’ හෙවත් ’කබරොස්ස’ උග්‍ර විෂ සහිත උද්භිතයක් ලෙස සලකන නමුදු එය කිසි සේත්ම විෂ සහිත නොවේ. මේ අතර ‘චීන අල’ යොදන කෂාය යෝග කිහිපයකම කබරොස්ස අල හෙවත් මුල් යෙදී තිබේ. මේ අතර ‘කබරොස්ස’ දළු ඉතා රසවත් හා ගුණවත් ව්‍යංජනයක් වන අතර විෂ නසන ඔසුවක් ද වේ.

කබරොස්ස පිළිබඳව කතා කරන විට ‘චීන අල‘ සහ යුරෝපයේ හා අමෙරිකාවේ සුප්‍රකට ඖෂධයක් වන ‘සර්සපරිල්ලා’ ගැන ද පිරංගි සිපිලිස් වැනි රෝගයන් පිළිඳව ද අවධාරණයෙන්ම කතා කළ යුතු වන්නේය.

වැවෙන ප්‍රදේශ

ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශයන් හි, මියන්මාරය, තායිලන්තය, මධ්‍යම ඇමරිකාව ආදී රටවල දක්නට ලැබේ.

දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් මීටර් 1500 ක් දක්වා වන පෙත් සහ ලඳු කැලෑවල පොදුවේ දක්නට ලැබේ. මෙයට අමතරව නමුනුකුල, බලංගොඩ, හග්ගල වැනි ප්‍රදේශවල ද දක්නට ලැබේ. එමෙන්ම පට්ටිපොළ හා හල්දුම්මුල්ල ආදී ඔසු උයන් වලදී ද දක්නට ලැබේ.

කබරොස්ස, ස්වරූපය

විශාල පඳුරු හෝ වෘක්ෂ මත පැතිරි වැඩෙන ලතාවකි. මතුපිට සිනිඳු වන අතර, තියුණු කටු සහිත හෝ රහිත විය හැකිය. මෙහි ශාඛා මෘදු වන අතර නැමුණු

ස්වරූපයක් ගනු ලබයි. මෙහි පත්‍ර සරල හා ඒකාකාර වන අතර සෙ.මී. 7.5 . 10 දක්වා දිගින් ද සෙ.මී. 33.7 . 6.2 දක්වා පළලින් යුතුයි. පත්‍රවල නාරටි 3.5 දක්වා පවතියි.

මෙහි හටගනු ලබන මල් ඒකලිංගික ලා කොළ පැහැයකින් යුතුය. මෙම මල් පිපීම සැප්තැම්බර් මාසයේ දී සිදුවේ. මෙම ශාකයේ හටගනු ලබන මද ගෝලාකාර ගෙඩිවල සාමාන්‍යයෙන් බීජ දක්නට ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.