විශ්වය විසින් ඔබට දායාද කළ විස්මිත ඔසු

අගෝස්තු 7, 2020

අප රට තුළ අද දිවි ගෙවන මිනිසුන් බොහෝදුරට රෝගීන් වේ. නැතිනම් දුර්වල පුද්ගලයින් වේ. එනමුත් අප ජීවත් වන මේ කුඩා රට තුළ ලෝකයේ සියලුම මනුස්සයන්ට ජීවත්වීමට යෝග්‍ය දේශගුණයක් ඇත. එමෙන්ම ආහාර ඖෂධවලින් රමණීය රටකි. අපේ පැරණි ජනතාව නිරෝගී ශක්තිමත් හා ඥානාන්විත පුද්ගලයින් වූ බව ඉතිහාසය අපට ඔප්පු කරයි. එනමුත් අද වන විට අපේ නිරෝගීකම ශක්තිමත්කම අප අතරින් තුරන්වී ඇත. 

අප රට තුළ ජීවත්වන මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය බත් ය. අද එය පාන් පිටි මිශ්‍රිත ප්‍රධාන ආහාරයක් වී ඇත. එසේම එළවළු, පලා වර්ග, පලතුරු වර්ග, ධාන්‍ය වර්ග පිරි ආහාර ක්‍රමයෙන් දුරස් කරන අතර තෙල් ,සීනි, රසකාරක බහුල ආහාර භාවිතය බෙහෙවින් වැඩි වී ඇත. පැහැය සුවඳ සහ රසය ප්‍රධාන වූ අතර පෝෂ්‍ය ගුණය ගැන බොහෝදෙනෙකු නොසිතයි .බොහෝ දෙනෙකු රාත්‍රියට කොත්තු , රයිස් වැනි දෑ ගිල දමන්නේ පෝෂ්‍ය ගුණය ගැන සිතා ද, පෝෂ්‍යදායි ආහාර විනා රස රසකාරක කෘත්‍රිම ආහාරවලින් අපේ නිරෝගී බව ආක්ෂා කරගත නොහැකිය. එසේම අඩු ජල පානය ව්‍යායාම් අඩුකම රෝගී බවට හේතුවකි. 

අප රටේ ජනතාවට අවශ්‍ය ආහාරපාන, ඖෂධ වර්ග අප රට තුළ සෑම ප්‍රදේශයකම පවා වැවේ. ඒ ඒ ප්‍රදේශවලට ආවේනික ශාක බොහෝ ඇත. එසේම එම ශාකවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ප්‍රදේශයේ ජීවත්ව අයගේ රෝග නිවාරණයට බොහෝ සෙයින් ඉවහල් වීමයි. එය අපේ මුතුන් මිත්තන් දැන සිටියහ. පෙර ඍෂිවරුන් මේ පිළිබඳ සියලු තතු අනාගතයේ ජීවත්වන්නා අයට දැන ගැනීමට තබා ඇත. නමුත් අප නිසි අයුරින් මේවා ප්‍රයෝජනයට නොගැනීම අපේ එක් දුර්වලකමකි. අතීතය එසේ වුවද වර්තමානය මෙසේ නම් අනාගතයේ අප රටවැසියාගේ නිරෝගීකම ගැන කෙසේ සිතම් ද? එනමුත් අප රට තුළ වැවෙන දිව්‍ය ඖෂධ රැසක් ඇත. මේවා රැක ගැනීම අපේ ප්‍රධානතම යුතුකම වේ. ඒවාට අවමන් නොකර රෝග දුරු කිරීම සඳහා නිරෝගීබව ආරක්ෂා කිරීම සඳහාත් භාවිතා කිරීම අපේ යුතුකම විය යුතුය. 

අද ගෙවල්වල ඇති කරන බල්ලාට, බළලාට පවා බෙහෙත් ලබා දුන්න ද කැළේ සිටින සියලුම සතුන් ඔවුන්ගේ ආහාර මෙන්ම ඖෂධ ද මේ මහ පොළොව මතින් ලබාගනී. අප අවට වාතය භූගත ජලය පවිත්‍ර කිරීමේ හැකියාව ශාක සතුව ඇත. එසේම අපට අවශ්‍ය සියලුම විටමින් වර්ග, ඛණිජ වර්ග, ප්‍රෝටීන් ,කාබෝහයිඩ්‍රේට් මේ සියල්ල අඩංගු ආහාර අප අවට පරිසරයේ වැවෙන අතර මේවා පරිභෝජනය කර නිරෝගි වීමේ හැකියාව අපට බොහෝ ඇත. 

ශාක ඖෂධ පිළිබඳ බොහෝ අය වැරදි මත ඉදිරිපත් කළ ද ඒ නිසි අයුරු නිසි ප්‍රමාණයෙන් නිසි ආකාරයට ගැනීම වඩාත් උචිතය. උදාහරණයක් වශයෙන් යම් අයෙකුගේ උදරාබාධයක් සඳහා ගත් ඖෂධයක් තවත් අයෙකුට යෙදුවහොත් එයට හේතුව නොසොයා එය නිසියාකාරව ක්‍රියා කළ හැකි ද උදාහරණයක් වශයෙන් මුත්‍රා අශ්මරී (මුත්‍රා ගල්) ඇති අයකුගේ උදර වේදනාව සහ සමාන උදර වේදනාවක් ගර්භාෂගත රෝගයකදී ඇති විය හැක. ඒ පිළිබඳ ගන්නා වූ ඖෂධ යම් අයෙකු තමන් ගත්තද රෝග දෙක වරදවා තේරුම් ගෙන තවත් අයෙකුට ලබා දුනහොත් ඔහුට රෝගය සුව විය හැකි ද. ඒ පිළිබඳ නිසි වැටහීමක් නොමැතිව භාවිත කිරීමෙන් දිව්‍ය ඖෂධ වල වටිනාකම ඔබට නොපෙනිය හැකිය. අම්ලපිත්ත රෝගය සහ හෘද රෝග බොහෝ දුරට සමාන ලක්ෂණ පෙන්වයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.