ඔසු ගුණ සපිරි දිවිකදුරු

අගෝස්තු 7, 2020

බොහෝදෙනා හොඳීන් හඳුනනු ලබන දිවිකදුරු ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වන ශාකයක් ලෙස හැඳීන්විය හැකිය. දේශීය වෛද්‍ය ක්‍රමයේ දක්නට ලැබෙන ගෙඩි වෙදකමේද එසේම සර්ප විෂ වෙදකමේද යොදාගනු ලබන ඖෂධීය ශාකයක් වන ‘දිවිකදුරු’ භූත විද්‍යාවේදී ද යොදාගනු ලබයි. එසේම දේශීය යකැදුරන් විසින් බලිතොවිල් ඇතුළුව ශාන්තිකර්ම වලදී යොදාගනු ලබන ශාකයකි. මේ අතර සමහර පළාත්වල පාරම්පරික වෛද්‍යවරුන් විසින් බල්ලන් සපා කෑමෙන් ඇතිවන තුවාලවලදී ද යොදාගනු ලබයි. මෙයට අමතරව තවත් බොහෝ රෝගාබාධයන් සඳහා යොදාගනු ලබන අගනා වටිනා ඖෂධීය ශාකයක් ලෙස දිවිකදුරු ශාකය හැඳීන්වීමට පුළුවන.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් :-

බටහිර සහ දකුණු මධ්‍යධරණී දූපත්වලදී මෙම ශාකය දක්නට ලැබේ.

දේශීය වශයෙන් :-

ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන මෙය තෙත් කලාපයේ ද්විතීයික වනාන්තරවල සුලබ වශයෙන් දක්නට ලැබේ. බොහෝවිට සාමාන්‍ය ප්‍රදේශවල දක්නට ලැබෙන අතර කලාතුරකින් මීටර් 1200 දක්වා උස ප්‍රදේශවල ද හමුවෙයි.

දිවිකදුරු ශාකයේ ස්වරූපය :-

මීටර් 10 ක් පමණ උසට වැවෙන දිවිකදුරු ශාකය කොළ, මල් ආදියෙන් අරලිය ගසට සමාන වේ. කුඩා සිනිඳු ගසක් වෙයි. අරලිය ගසේ මෙන් මෙම ‘දිවිකදුරු’ ගස්වල රිකිලි කැඩු විට කිරි වැගිරෙයි. ඝනකම් සහිත රළු පොත්තක් සහිත දිවිකදුරු ගසේ කඳ තද සුදු පැහැයක් ගනු ලබයි. අරටුවක් සහිත ශාකයක් නොවන නිසා තද ලීයක් ද නැත. දිවිකදුරු ගෙඩිය හැඩයෙන් නොෟකාවක හැඩයක් ගනියි. බොහෝවිට ගෙඩි 2 ක් බැගින් එක් නටුවක පිහිටයි. ගෙඩි අමු අවස්ථාවේ කොළ පැහැයක් ගනු ලබන අතර හොඳීන් ඉදුණු විට රතු පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනු ලබයි. ඉතා දැකුම්කලු ස්වරූපයක් ගන්නා මෙම ගෙඩි තුළ බීජ පේළි 2 ක් වශයෙන් පිහිටයි. මෙම බීජ ස්වරූපයෙන් දෙළුම් බීජවලට සමානය. මෙම දිවිකදුරු ගෙඩිය පැළීමෙන් බීජ ව්‍යාප්ත වෙයි. දිවිකදුරු ගසේ ඇතිවන මල් සුදු පැහැ වන අතර අරලිය මල් මෙන් පෙති 5 කින් යුතුය. එසේම අතිශයින් සුවඳවත්ය. මල් පිපෙන කාලයට ගස පුරා පොකුරු වශයෙන් මල් හටගනු ලබයි. මෙම දිවිකදුරු ගසේ බීජ පැළ කිරීම ඉතා පහසු ය. හොඳීන් ගෙඩි හටගනු ලබන ගස් යට දිවිකදුරු කුඩා පැළ නිතරම දක්නට ලැබේ.

දිවිකදුරු ශාකය ගැන විවිධ භාෂා වලින් හඳුන්වන නාම :-

පොදු සිංහල නාමය දිවිකදුරු වන අතර

ඉංග්‍රීසි බසින් :්

ඡ්මඥ’ඵ ඒනනතඥ ජ්ධපඡඪඤඤඥද ජ්පභඪබ යන නාමය යෙදේ.

දිවිකදුරුවල උද්භිද විද්‍යාත්මක නාම :-

ර්‍ථචඨඪචදබඩච ඤඪජඩධබධථච (අධයඡ) ර්චපඬඨපචට   සහ ඊචඡඥපදචඥථධදබචදච ඤඪජඩධබධථර අධයඡ සහ අඥණධභච ඤඪජඩධබධථච (අධයඡ) ට්චථඡතඥ  ආදි නාමයන් වේ.

කුලය ඒනධජරදචජඥචඥ  හෙවත් කුටජ කුලය වේ. මෙම කුටජ කුලයට අයත් අනෙකුත් ශාකයන් වනුයේ කෙලිඳ ,කරඹ රුක්අත්තන, කනේරු, අරලිය, ඉද්ද සහ ඒකාවේරිය ආදියයි.

දිවිකදුරුවල ඖෂධාංග :-

මෙහි ඖෂධ සඳහා ගනු ලබන්නේ කිරිය. මෙම ගසේ අතුරිකිලි ආදිය කැඩුවිට වැගිරෙන කිරිය.

ඖෂධීය ගුණකර්ම :-

දිවිකදුරු ඖෂධ සඳහා ගැනීම එතරම් ප්‍රකට නොවූවද දේශීය ගෙඩි වෙදකමේ සහ දේශීය සර්ප විෂ වෙදකමේ ද එසේම පශු වෙදකමේ ද යොදනු ලබන බව පෙනේ. එයට අමතරව යාග හෝම බලි, ශාන්තිකර්ම සඳහා දිවිකදුරු අතු නොයෙක් අවස්ථාවල යොදාගනු ලබයි.

වාතය කෝප කරන විෂ සහිත ද්‍රව්‍යයක් නිසා කිවිකදුරු ශරීර අභ්‍යන්තරව ප්‍රයෝග නොකරයි.

දිවිකදුරු අඩංගු ඖෂධ යෝග :-

බල්ලන් සපා කෑ විටත් නාග, දිවි, මකුළු වැනි සර්ප දෂ්ටවලදීන් බාහිරව යොදනු ලබයි. විශේෂයෙන් වයඹ පළාතේ සමහර පාරම්පරික වෛද්‍යවරුන් විසින් බල්ලන් සපා කන ලද රෝගීන්ගේ තුවාලවලට දැමීමට දිවිකදුරු යොදාගනු ලබයි. මෙය බොහෝ සෙයින් ප්‍රතිඵලදායක වන අතර තුවාලය කිසිවිටෙක පැසවීමක් ඇති නොකර සුව වේ. රහස් ඔසුවක් ලෙස සකස්කර දෙනු ලබන මෙම බෙහෙත සාදාගනු ලබන්නේ දිවිකදුරු ශාකයේ අතු කැබැල්ලක් ගින්නෙන් දවා ලබාගන්නා අඟුරුවලිනි. තවද පාදයේ ඇනුණු විෂ සහිත කටු ඉවත් කිරීම සඳහා දිවිකදුරු ගසේ කොළ කැඩු විට වැගිරෙන කිරි එම කටු ඇනුණු තැනට දමනු ලබයි. එමඟින් මෙම විෂකටු ඉවත් කිරීම පහසු කරවයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.