සුදු කබර රෝගයට අගනා ගුණ දෙන කඳුලැස්ස

අගෝස්තු 28, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දි ඖෂධ යෝග සඳහා ගනු ලබන කඳුලැස්ස පැළෑටිය සුදු කබර ඇතුළු රෝග රැසකට ගුණ දෙන අගනා ඖෂධයකි. කඳුලැස්ස, ශාක ලෝකයේ දක්නට ලැබෙන පැළෑටි කාණ්ඩයක් වන මාංශභක්ෂක පැළෑටි කාණ්ඩයට අයත් වන එක් පැළෑටියකි.

ඇතැම් ශාක වර්ග සොබාදහමින් උරුමවී ඇති විශේෂ උපක්‍රම භාවිතාකර තම පෝෂණ අවස්ථා සම්පූර්ණ කර ගැනීම සඳහා සතුන් ගොදුරු කර ගන්නා අතර එවැනි ශාක, මාංශ භක්ෂක ශාක ලෙස හඳුන්වයි.

මෙම ශාක අර බාඳුරා, කඳුලැස්ස, වටැස්ස සහ අඩසඳඇස්ස, නිල් මොනරැස්ස යන ශාක විශේෂ වේ.

මෙවන් වු ශාක අතුරින් කඳුලැස්ස විශේෂ වේ. කඳුළු හෙලන ඇසක්බඳු යන අරුතින් කඳුලැස්ස නාමය යෙදේ.

ආයුර්වේද සහ දේශිය වෛද්‍ය ක්‍රමයට අමතරව හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ද කඳුලැස්ස සඳහා විශේෂ තැනක් ඇත.

කඳුලැස්ස වැවෙන ප්‍රදේශ

ත විදේශීය වශයෙන්

මෙය ඕස්ටේ‍්‍රලියාව ඇතුළු ආසියානු සහ අප්‍රිකානු රටවල නිවර්තන දේශගුණික කලාපයන්ට ආවේනික වූ ශාකයක් ලෙස සැලකේ- ඒ අනුව ඉන්දියාව, චීනය, අප්‍රිකාව, ඕස්ටේ‍්‍රලියාව , නිව්ගිනියාව, මැලේසියාව, නැමීබියාව, ආදි වූ ලොව පුරා බොහෝ රටවල දැකිය හැකිය.

තදේශිය වශයෙන් :

මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යනාදී දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල බහුල තෙතමනය සහිත දිය පාරවල් අසළ කදු බෑවුම් හා දෙනි සහිත බිම්වල හොඳීන් වැඩෙන ශාකයකි.

මෙය සමහර රටවල තර්ජනාත්මක හා හිංසාකාරි පැළෑටියක් වශයෙන් නම් කර ඇති ශාකයක් ද වේ. එහෙත් ජර්මනිය, ඕස්ටේ‍්‍රලියාව, පින්ලන්තය, ප්‍රංශය සහ බල්ගේරියාව වැනි සමහර රටවල මෙම ශාකයේ ආරක්ෂාව නීතියෙන් ම තහවුරු කර ඇත.

කඳුලැස්ස පිළිබඳව හඳුන්වන වෙනත් නම් 

පොදු සිංහල නාමය :කඳුලැස්ස වන අතර

ඉංග්‍රිසි බසින් : Sundew නම් වේ.

උද්භිද විද්‍යාත්මක නාමය : Drosera indica L  වන අතර

කුලය - Droseraceae කුලය වෙයි.

කඳුලැස්සවල ස්වරූපය 9

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.