රෝග රැසකට වහා ගුණ දෙන ඔසුව

සැප්තැම්බර් 11, 2020

දියවැඩියාව ඇතුළු රෝග රැසකට වහා ගුණ දෙන කෝවක්කා වැල ගම්බද ප්‍රදේශවල සුලබව දැකිය හැකි ශාකයකි. කෙම්වැල්, බිම්බීඵල ,කෝබෝවක්කා, තෙලන් කැකිරි නමින් හැඳින්වෙන මෙය ලංකාවේ නොයෙක් පළාත්වල දක්නට ලැබෙන  ලතාව දියවැඩියාවට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි. 

පිලූපර්ණි, තුන්ඩිකා, තුම්බී බිම්බිකා , රක්තපලා ආදි පර්යාය නම් කීපයකින්ම හැඳින්වෙන මෙම ඔසුවෙහි ප්‍රභේද දෙකකි. එනම් “මධූරබිම්බී” සහ කිත්ත තුණ්ඩී (තෙලබේරිය) යනුවෙනි. මධුර බිම්බී(කෝවක්කා) ගෙඩිය අමු අවස්ථාවෙහි කිරි රසයෙන්ද ඉදුණු විට මිහිරි රසයෙන්ද යුක්තය. තික්ත තුන්ඩී ගෙඩිය අමු අවස්ථාවෙහි අධික තිත්ත රසයෙන් යුක්ත අතර ඉදුණු විට තද රතු පැහැයෙන් හා මධුර රසයෙන් යුක්තය. මෙම ප්‍රභේද දෙකම විශේෂ පර්යාය නාමයන්ගෙන් පැරණි ආයුර්වේද ග්‍රන්ථයන්හි හඳුන්වා දී ඇත. මෙහි කොළ මැල්ලුමක් වශයෙන් ආහාරයට ගන්නා අතර අමුකොළ සම්බීලයක් වශයෙන් ද ආහාරයට ගනී. ගෙඩි ව්‍යාංජන සඳහාද ගැනේ. බුද්ධදාස රජතුමා විසින් රචිත සාරාර්ථි සංග්‍රහයෙහි සඳහන් වන්නේ බහු මුත්‍රා වහනය සීමා කිරීමට මෙම කෝවක්කා වැල සහමුලින් ගෙන කොටා එහි ඉස්ම බීමට දීම ප්‍රත්‍යක්ෂ පිළියමක් බවය. 

මෙහි ගුණ 

ඇස් රෝගවලට – මෙරට පුරාණ වෛද්‍යවරු රෝග කීපයක් සුව කිරීමට මෙම පැළෑටිය යොදා ගෙන ඇත. මෙම කොළ ඉස්ම පත අටක් ගෙන ඊට අරළු, බුලු, නෙල්ලි, වෙනිවැල්ගැට, කහගොබ කලං දෙකයි මදටිය අට බැගින් ගෙන පත දෙකට මද ගින්නේ සිඳ පෙරා නිවුණු පසු පිරිසුදු මී පැණි කාලක් දමා හොඳට කලතා තබාගෙන ඇස්වල කඳුළු ගැලීම, සුද ඒම, පටල ඇති වීම සහ ඇස් තැලුම්වලට උදේ සවස බිංදු දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ඇසට දැමීමෙන් එ  ආබාධ සුවපත් වේ. 

මුත්‍රාවල සීනි පාලනයට 

මුත්‍රාවල සීනි අඩු කිරීමට එකම ප්‍රත්‍යක්ෂ ඖෂධය මෙම කෝවක්කා පැළෑටියයි. මෙහි කොළ ඉස්ම උණුකර ප්‍රතිවාප නොමැතිව උදේ සවස පත භාගය බැගින් පානය කිරීම ඉතා ප්‍රත්‍යක්ෂ ගුණ දෙයි. 

ස්නායු ආබාධ සඳහා 

ස්නායු දුර්වලවූ විට නහර දුබල වී ආබාධ හට ගනී. මෙම දුර්වලතාවයට කෝවක්කා කොළ ඉස්ම කැඳ පිස බීමෙන් ප්‍රත්‍යත්ෂ ගුණ ලැබේ 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.