ස්ත්‍රී හා පුරුෂ සරුභාවයට ගුණ මුරුංගා මල්

සැප්තැම්බර් 11, 2020

මුරුංගා මල් වලින් පිළියෙල කර ගත් සුප්  ස්ත්‍රී හා පුරුෂයන්ගේ ලිංගික දුබලතා වලට ගුණදායක බව ඉන්දියානු ආයුර්වේද වෙදකමේ පැරණි පත්පොත්වල සඳහන් වී තිබේ. 

මුරුංගා ද්‍රවිඩ, මලයාලම්, හින්දු, සිංහල වැසියන්ගේ ගුණදායක ආහාරයක් බව ඈත ඉතිහාසය සිට නම් දරා ඇත. මුරුංගා ආහාරයට ගත් විට දේව ශක්තිය ලැබෙන බව හින්දුවරුන්ගේ විශ්වාසයයි. මුරුංගා ආහාරයක් හා ඖෂධයක් ලෙස බෙහෙවින් ප්‍රයෝජනවත් ශාකයකි. කොළ පැහැති මුරුංගා රතු පැහැති මුරුංගා වශයෙන් දෙකකි. 

මුරුංගා ගෙවතුවල ඉඩම්වල මායිමේ වැටක් සේ ද සමහර ඉඩම්වල මැද්දේ ද වගා කර තිබෙනු දැකිය හැකිය. තද  මැටි පසේ හැර අන් සියලුම පස් වර්ගවල මුරුංගා හොඳින් වැවේ. 

මුරුංගා ගසේ සියලු කොටස් අතුරින් වඩාත්ම භාවිතයට ගනු ලබන්නේ ගසේ කොළය. වැඩෙන අංකුර ළපටි කොළ ඉතාමත් රසවත් ආහාරයක් වේ. මුරුංගා ගස බහු ප්‍රයෝජන ඇති ශාකයකි. මුල්, පොතු, දැව, කරල්, ඇට, මල් හැම කොටසක්ම ප්‍රයෝජනයට ගැනේ. විශ්වයේ ඇති ජලය හැමවිටම අපිරිසිදු වේ. එසේම නැතිනම් ප්‍රයෝජනයට ගනී. නමුත් මුරුංගා  බීජ වල අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමේ ගුණය හැකියාව ප්‍රමුඛස්ථානයක් ගනී. 

උද්භිද විද්‍යාත්මක නාමය ර්ධපඪදඨච ධතඥඪටඥපච ඹ්චථඬ වේ. 

පර්යාය නම් කිහිපයක් වේ. ඒවා නම් බහු මුල, දම්සමුල, ක්‍රිෂ්ණගන්ධ, ක්‍රිෂ්ණාෂිගුරු, මුරුංගි, කටුකන්ද, කෝමල් පත්‍රක......වේ

මුරුංගා වර්ග කීපයක් ගැන ලෝකයේ වාර්තා කොට තිබේ. “යාපනයේ මුරුංගා” නම් වු මෙය ලංකාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක වගා කරයි. එහි කරල සෙ.මී. 60-100 දක්වා දිග වන අතර, ඵලයේ මාංශලමය කොටස හොඳ රසයෙන් යුක්ත වේ. 

ඉතියෝපියාව, සෝමාලියාව වැනි රටවල සමහර මුරුංගා වර්ග මීටර 3 කට වඩා උසට නොවැඩේ. මෙම ගසේ මුරුංගා මල් රතු පැහැතිය. සමහර මුරුංගා මල් සුදු පැහැතිය. කුඩාය. මුරුංගා ශාක ද එතරම් උසක් නැත. මල් ප්‍රබල සුවඳකින් යුක්තය. 

වැවෙන රටවල් වනුයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව , මැලේසියාව, ඉන්දුනීසියාව, බුරුමය, පිලිපීන දූපත්වල, චීනය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, අපි‍්‍රකානු රටවල වේ. කතරගම, අනුරාධපුරය, මන්නාරම, යාපනය, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. 

මුරුංගා බීජ පැල කිරීමෙන් හෝ අතු කැබලි පැළකිරීමෙන් ශාක ඇතිකර ගනු ලැබේ. මේරු ලොකු ගස්වල අතු කැබලි පැළකර ගැනීම ඉතා පහසු කාර්යයකි. බීජ වලින් පැළ ගැනීමට සති දෙකක් පමණ කාලයක් ගතවේ. අතු කැබලි සිටුවීමේදී වර්ෂා කාලය සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මුල් වේ. 

ඖෂධ ගුණ සඳහා මුරුංගා ප්‍රබල බෙහෙතක් වේ. කළු හා වාතය සමනය කරයි. ගසේ සියලුම කොටස් අත් බෙහෙත් සඳහා ප්‍රයෝජනය ගනී. සැරව සහිත ගෙඩි පිපිරීමට මුරුංගා පොතුවල යුෂ පෙරුම්කායම් සහ දිය ලුණු අඹරා ආලේප කරති. මුර්ජාවට මුරුංගා මුලේ යුෂ ද පත්‍ර යුෂද පොත්තේ යුෂ ද ගෙන නස්න කරයි. නස්න කිරීමට පෙර මේ බෙහෙත් සියල්ලම සියුම්ව කොටාගත යුතුව ඇත. වෛද්‍ය උපදෙස් මත පිළිපැදීම සුදුසුය. 

ගැබිණි මවුවරුන්ට ගුණදායක බෙහෙතකි. 

මුරුංගා කොළ ගැබිණි මවුවරුන්ට ඉතා පෝෂ්‍යදායි ආහාරයකි. එය බිළිඳාගේ වර්ධනයට ද දරු ප්‍රසූතිය පහසු කිරීමට ද හේතුවේ. ප්‍රථමයෙන් මුරුංගා කොළ, ලුණු හා ජලය සමඟ රත්කොට ඉන් පසු ජලය පෙරා ඉවත් කරනු ලැබේ. මුරුංගා කොළ එළඟිතෙල් සමඟ මුසුකොට මේ එළවළුව පිළයෙල කරගත හැකි බව වෙද පොතේ සඳහන් වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.