රෝගාබාධ රැසකට ගුණදෙන පුස්වැල්

ඔක්තෝබර් 9, 2020

වර්තමාන සමාජය තුළ බොහෝදෙනා අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවලින් වැඩි ප්‍රමාණයක් පිළිබඳව නිසි අවබෝධයකින් තොර වූවෝය.අතීතයේ මෙහි විසූ සියලු ම දෙනා පාහේ අවට පරිසරයේ දක්නට ලැබෙන ගහ කොළ හා සතා සිව්පාවා ගැන හොඳ අවබෝධයකින් යුතු වූවෝය.අප රටේ සිටි යුද සිරකරුවෙකු වූ රොබට් නොක්ස් විසින් ලියන ලද එදා හෙළදිව නම් ග්‍රන්ථයේ දක්වා තිබූ පරිදි මේ රටේ එදා ජීවත් වූ සියලු ම දෙනා පාහේ හොඳ වෙද්දු වශයෙන් දක්වා තිබුණේ එවුන් සියලුම දෙනා පාහේ සියලුම තුරුලතා ගැන හොඳ අවබෝධයකින් යුතු වූවා මෙන් ම ඒවායේ ඖෂධීය වටිනාකම් ගැන හොඳීන් දැන සිටි නිසාය.

මෙවන් යුගයක සිට වර්තමානය කරා එළඹෙන විට අපට පෙනී යන්නේ එදා දක්නට තිබූ ඖෂධ පැළෑටි වලින් විශාල ප්‍රමාණයක් අද වන විට වඳවී ගොස් ඇති බවත්, තිබෙන පැළෑටිවලින් වැඩි ප්‍රමානයක් ගැන නොහඳුනන බවත් ය. මේ වන විට අද වන විට අප අවට පරිසරයේ ඇති බොහෝ ශාකයන් ගැන හඳුනන්න ඇත්තේ බොහෝම සිමිත පිරිසක් බව පෙනි යයි. මේ නිසා මෙම ශාක ගැන අනාගත පරපුරට අවබෝධයක් ලබාදුනහොත් අනාගතයටත් අපගේ වෙදකම් නොනැසි පවතිනු ඇත.

මෙසේ අප විසින් හඳුනාගත යුතු එසේම ඖෂධීය අගයෙන් යුතු තුරුලතා අතර පුස්වැල් ද එක් ප්‍රධාන ලතාවකි.බොහෝ දෙනා මෙය හැරිහැටි හඳුනානොගන්නාක් මෙන් ම මෙහි ඇති ඖෂධීය වටිනාක ම ද අවබෝධයකින් තොරය මේ නිසා රෝගාබාධ රැසකට ගුණ දෙන දේශිය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද එක ලෙස ප්‍රයෝජන ගෙන දෙන ලතාවක් ලෙස පුස්වැල් හැඳීන්විය හැක. හොඳීන් වැඩුණු විට ඉතා අලංකාර පෙනුමක් පුස්වැලක දැකිය හැකිය.වනාන්තර ගත්කල ඒවායේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන ලෙස පුස්වැල් වැඩෙනු දක්නට ඇත.

වැවෙන ප්‍රදේශ :

විදේශිය වශයෙන් අඩි 4000 දක්වා උස් වූ හිමාලය ප්‍රදේශයෙ  නැගෙනහිර බෙංගාලය, බිහාර්, මරිස්සා, දකුණු ඉන්දියාව, මියන්මාරය, පිලිපීනය හා අන්දමන් දූපත් ආදියේ පුස්වැල් දක්නට ලැබෙන අතර ඉන්දියාව, නේපාලය, මලක්කාව දක්වා පැතිර පවතියි.

දේශිය වශයෙන්, ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල දක්නට ලැබෙන විශේෂයෙන් පහතරට මුහුදු මට්ටමේ සිට උස අඩි 2000 දක්වා ප්‍රදේශවල සුලභ ලෙස දක්නට ඇත. පේරාදෙණිය උද්භිද උද්‍යාන ඔසු උයනේ ද දක්නට ඇත. එසේම පුස්වැල්වල වියළි නිදර්ශනයක් පේරාදෙණිය උද්භිද උද්‍යාන කෞතුකාගාරයේ ද නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ ද ශාඛාගාරයේ ද දක්නට ඇත.

පුස්වැල්වල ස්වරූපය :

ශාක කඳක් සහිත විශාල ලතාවකි.මෙහි කඳ කැරකැවුණු හා කෝණික කඳකි.එහි පොත්ත දුඹුරු පැහැ තන්තුමය පොත්තකි. මෙම වැලේ ශාකා සර්පයෙකු සේ  වැවෙයි.මෙහි පත්‍ර ඒකාන්තර ස්වරූපයක් ගනු ලබයි. උප පත්‍ර සහිතයි. ද්විපක්ෂමෙන් සංයුක්ත පත්‍ර විශාලයි. කඳේ ශාක ශක්තිමත් හා අර්ධ කාෂ්ඨිය වේ.මේවායේ ඉහළ නැඟීම සඳහා උපකාරීවන ද්විභින්න සර්පිල අත් පහුරකින් කෙළවර

වේ.මෙහි පත්‍රිකා 6 - 8 (යුගල් 3 හෝ 4 ) කි.සෙ.මී.3 - 5 දක්වා දිගය.මෙහි හටගනු ලබන මල් බොහෝදුරට ක්‍රමවත් වන අතර, ද්විලිංගික කොළ පැහැයට හුරු සුදු පැහැයක් ගනු ලබයි.

මෙහි මල් හට ගැනීම පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වේ.මෙහි හටගනු ලබන කරල් 

නොපැළේ.මෙතුළ හටගනු ලබන බීජ පැතලි සහ වෘත්තාකාර ස්වරූපයක් ගනු ලබයි.මෙම බීජ සෙ.මී 5 ක පමණ විශ්කම්භයකින් යුතුය. මෙය දිලිසෙන සුලු තද දුඹුරු පැහැ හෝ දම් පැහැයෙන් යුතු බීජ ආවරණයක් ද වේ.

පුස්වැල් පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන්

පොදු සිංහල නාමය පුස්වැල් වන අතර

සංස්කෘතික බසින්  ශිලා යයි ද

හින්දි බසින්  ශිලා යයි ද

වංග බසින්  ශිලා හෝෂ් යයි ද

දෙමළ බසින් ඉරක්ති විල්ලු හා සිල්ලු යයි ද යෙදේ.

ඉංග්‍රිසි බසින් . Elephent  Creepes mackan Bees garbee, Been entada Seandene gentle යන නාමයන් යෙදේ.

පුස්වැල්වල උද්භිද විද්‍යාත්මක නාම

Entada Pusaetha D.C.  
Entada Seandens Benth  
Entada Scandens Sensu Trimen ආදී නාමයන් වේ.

මෙහි කුලය Fabaceae (Leguminosae) හෙවත් ශිම්බි කුලය වේ.

මෙහි උපකුලය Mimeaceae  උපකුලය වෙයි.

පුස්වැල්වල ඇට, ඇට මද, පොතු හා වැල ඖෂධ සඳහා ගනු ලබන අංග වේ.

මෙහි අඩංගු රසායනික උපාදාන

පුස්වැල්වල අඩංගු රසායනික උපාදාන අතර ඇට මදයේ ස්ථිර සෛල හා සැපොනික් ඒ බී : (Saponin A.B)  අන්තර්ගත වේ.

මේ අතර පුස් ඇට මදය අධික මාත්‍රාවෙන් ගැනීමේදී උග්‍ර විෂ පදාර්ථයක් වන නිසා එම විෂ ශෝධනය කළ යුතුය.

මෙහිදී පුස් ඇට පලා මදය ඉවත්කරගෙන සෝදා බැද ගැනිමෙන් වමන කාරක සහ නිදිමත වැනි මත්කරවන විෂ ගතිය ඉවතට යයි.

ඖෂධ ගුණකර්ම :

පුස්වැල්වල අඩංගු ඖෂධීය ගුණකර්ම පිළිබඳව චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව සහ අෂ්ඨාංග හෘදය සංහිතාව යන මූලික සංහිතා ග්‍රන්ථවල දක්නට නොමැති වුව ද භාරතීය නවනෞෂධී සහ වනනෝෂධී චන්ද්‍රාදස ආදී නිඝණ්ඩුවල ද නාදකර්ණීගේ The indian Meteria Medica ග්‍රන්ථයෙන් ද සාමාන්‍ය විස්තර දක්වා ඇත.

දෝෂ අනුව සැලකීමේ දී සෙම් නසන ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකිය.

පුස්වැල්වල ඖෂධාංග අඩංගු ඖෂධ යෝග රාශියක් දක්නට ලැබෙන අතර, ඒ අතුරින් කිහිපයක් නම් ..

උෂ්ණ රෝගයට පුස් ඇට මද චූර්ණය උණ නසන ඖෂධයක් ලෙස භාවිතා කරයි.

වේදනා සහිත ග්‍රන්ථි ඉදිමුමට පුස් ඇට මද බැද අඹරාගත් ලේපය යොදනු ලබයි.

සූතිකාවන්ගේ ශරීර වේදනා සඳහා පුස් ඇට මද චූර්ණය වෙනත් ඖෂධ සඳහා ප්‍රයෝග කරනු ලබයි. ත්‍රික ශුලයට ලේපයක් ලෙස යොදනු ලබයි.

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන වේදනාවට සහ ශරීරයේ ශිත බව දුරු කිරිමට පුස් ඇට මද බැද අඹරාගත් ලේපය යොදනු ලබයි. මොළයේ රක්තපාතය ඇති වූ විට පුස් ඇට පත්තුව යොදාගනු ලබයි. ඇසේ ආබාධ සඳහා පුස් ඇටය මද කබලේ බැද ගනු ලබයි.

හිස සේදීමට පුස් ඇට මද චූර්ණය සබන් මෙන් හිස සේදීමට යොදාගනු ලබයි. මේ ආදි ඹෟෂධ යෝග රාශියක් දක්නට ලැබෙන අතර, මෙයට අමතරව පුස් ඇට මද ඇතුළු ඖෂධාංග අඩංගු සංස්කාරික ඖෂධ යෝග කිහිපයක් ම වෙයි.

මෙයට අමතරව වෙනත් ප්‍රයෝජනයන් රාශියක් ද පුස්වැල්වලින් ලැබේ. ඒ අතුරින් කිහිපයක් නම්

බොහෝ අය ලණු වෙනුවට පුස්වැල් භාවිතා කරන අවස්ථා වෙයි.

එසේම සර්ප විෂ සඳහා බොහෝ ගුණ දෙන ඖෂධයක් වන අතර මෙහි යුෂය සියලුම සර්ප විෂ සඳහා ගෑමට, පෙවීමට හා නශ්‍ය කිරීම සඳහා යොදාගනු ලබයි.

කැඩුම් බිඳුම් වෙදකමේදී පුස් ඇට පත්තු ආදියට යොදාගනියි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.