වාත හා සෙම් නසන අතීසාර අර්ශස් සඳහා ගුණ ඇඹුල් ඇඹිලිය

ඔක්තෝබර් 16, 2020

මිනිසාට බොහෝ සෙයින් රෝගාබාධයන් ඇතිවනුයේ වා, පිත්, සෙම් යන තුන් දොස්වල විකෘතිතාවය නිසාය. දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද මූලික සිද්ධාන්තය වනුයේ මෙයයි. මේ සඳහා ප්‍රතිකාර කිරීමේ දී යොදා ගනු ලබන්නේ ද අප අවට ඇති පරිසරයෙන් ගන්නා ශාක, සත්ව සහ පර්ථිව ද්‍රව්‍යයන්ගෙන් සකස් කළ ඖෂධ ද්‍රව්‍යයෝය. මේ පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන්නේ මහ පොළොවේ ඇති ශාක සත්ව සහ පාර්ථිව ද්‍රව්‍යයෝ බොහෝ ප්‍රමාණයක් ඖෂධ සඳහා ගනු ලබන ශාකයන් අතර ඉතා විශාල ගස් වල පංචාංගයම මෙන්ම කුඩා ගස් සහ වැල් වල සියලු කොටස්ම වෙයි.

 

මෙසේ ඖෂධ සඳහා ගනු ලබන කුඩා පැළෑටි අතුරින් ඇඹුල් ඇඹිලිය ද එක් වැදගත් ද්‍රව්‍යයක් වශයෙන් හැඳීන්වීමට පුළුවන. කුඩා වැලක් මෙන් ස්වරූපයෙන් යුක්ත පැළෑටියක් වන ඇඹුල් ඇඹිලිය ද රෝගාබාධ බොහොමයක් සඳහා බාහිර සහ අභ්‍යන්තර වශයෙන් කේවලව මෙන්ම වෙන් වෙන් ඖෂධ ද්‍රව්‍යයන් සමඟ ද යොදනු ලබයි.

වැවෙන ප්‍රදේශ :

විදේශීය වශයෙන් . ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල හොඳීන් වැවෙන පැළෑටියකි

දේශීය වශයෙන් . ශ්‍රී ලංකාවේ ද බොහෝ සෙයින් තෙත් කලාපයේ ද, වියළි කලාපයේ ජලාශ්‍රිතව ද මෙම පැළෑටිය දක්නට ලැබේ.

පැළෑටියේ ස්වරූපය :

බහු වාර්ෂික පැළෑටියක් වන මෙය වැලක් ආකාරයේ පැළෑටියකි. මෙහි කඳ බිම වැතිරී වැඩෙන සිහින් අධෝභෞම කඳකි. මෙම පැළෑටියේ පත්‍ර උදුපියලි කොළවලට සමාන වන අතර, ඒවා සිනිඳුය. එසේම පත්‍ර ත්‍රිපත්‍රික වන අතර, කටු සහ පත්‍ර බූව සහිත වෙයි. මෙහි හටගනු ලබන මල කහ පැහැති වන අතර මල් 1 . 3 දක්වා පිහිටයි.

මෙහි හට ගන්නා කරල් කාෂ්ඨ 5කින් යුතු සෙ.මී. 1.8ක් පමණ දිග වෙයි. මෙම කරල් වියළීමෙන් පසු බීජ විසිරී යාමෙන් නැවත පැළ හටගනු ලබන අතර මෙම බීජ සුදු පැහැති මාංසල ආවරණයකින් යුතුය. මද ග්‍රීෂ්ම කාලයේ වියළි පොළොවේ තැන්පත්ව ඇති බීජ සහ පැළයේ මුල් මද වැසි ඇති වන විට පැළ ඇති කරයි.

මේ ආදි ස්වරූපයෙන් යුතු ඇඹුල් ඇඹිලිය පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් පිළිබඳව සලකා බැලීමේ දී:

පොදු සිංහල නාමය වනුයේ ඇඹුල් ඇඹිලිය සහ ඇඹුල් පලා යන්නයි.

සංස්කෘත භාෂාවෙන් : චාංගේරි, චුක්‍රිකා, අම්ලලෝහිතා, අම්ල පත්‍රිකා, අම්ල ලෝණිකා, කුශලි, අශ්වමන්තක, අම්ලෝජා, දන්තශඨා ආදී නාමයන් යොදයි.

මේවා අතුරින් අම්ල යන ශබ්දය මූලයට එන ලෙස වචන කිහිපයක්ම යෙදී තිබේ. එයට හේතුව ඇඹුල් රසැති යන අර්ථය අඩංගු බැවිනි. මෙයින් ද,

වැල් ගෙඳවල ස්වරූපය සහිතව ඇඹුල් රසය දරා සිටින නිසා අම්ල ලෝණිකා යන නාමය ද

ඇඹුල් රසයෙන් යුතු කොළ ඇති නිසා ‘අම්ල පත්‍රිකා’ යන නම ද යෙදේ.

හිංදි බසින්

ඇඹුල් ඇඹිලිය සඳහා චුකා ත්‍රිපට් සහ ත්‍රින්පතියා යන නම යෙදේ.

වංග බසින් ආම්රූල් යයි යෙදේ

දෙමළ බසින් . පුලියාරායි යනුවෙන් යෙදේ.

ඉංග්‍රිසි බසින් . Indian sorrel යනුවෙන් යෙදේ.

ඇඹුල් ඇඹිලිය වල උද්භිද විද්‍යාත්මක නාමය Oxalis Corniculata Linn වන අතර කුලය වනුයේ Geraniaceae  හෙවත් චාංගේරි කුලයයි.

මෙසේ විවිධ භාෂාවලින් විවිධ නාමයන් රාශියකින් හඳුන්වනු ලබන මෙම ඇඹුල් ඇඹිලිය වල සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු ලබයි.

ඇඹුල් ඇඹිලිය ප්‍රභේද

1. මහ ඇඹුල් ඇඹිලිය

2. හීන් ඇඹුල් ඇඹිලිය

වශයෙන් ප්‍රභේද දෙකක් වන අතර මෙහිදී මහ ඇඹුල් ඇඹිලියවල කොළ වලට වඩා හීන් ඇඹුල් ඇඹිලියවල කොළ කුඩා වෙයි. මෙම ප්‍රභේද දෙක අතුරින් ඖෂධ සඳහා ගනු ලබන්නේ හීන් ඇඹුල් ඇඹිලියයි.

රසායනික උපාදාන

මෙහි අඩංගු රසායනික උපාදාන පිළිබඳ සැලකීමේ දී ඇඹුල් ඇඹිලිය කොළවල Pstassium Oxalate  අන්තර්ගත වෙයි. මෙම රසායනික උපාදානවලින් සපිරි ඇඹුල් ඇඹිලිය වල ඖෂධීය මෙන්ම ආහාරමය ගුණයෙන් ද ඉහළ තැනක් ගනු ලබයි.

ඇඹුල් ඇඹිලිය වල ආහාරමය වටිනාකම සැලකීමේ දී : මෙය ශක්තිය වඩන අජීර්ණ නසන පැළෑටියක් වන අතර, අතීසාර හා අජීර්ණ රෝග සුව වූ පසු සාමාන්‍ය ආහාර ගැනීම ආරම්භ කරන විට පලාවක් ලෙස ආහාරයට එක් කර ගැනීමට ද ගම්බද ජනතාව කටයුතු කරයි.

ඖෂධීය ගුණකර්ම

රසයෙන් අම්ල සහ කාෂ්‍යය රස වන අතර, ගුණයෙන් ලඝු සහ රූක්‍ෂ වෙයි. වීර්යයෙන් උෂ්ණ වන අතර, විපාකයෙන් අම්ල වෙයි.

දෝෂ අනුව සැලකීමේ දී

මෙය උෂ්ණ වීර්යය ඇති නිසා සෙම් වාත සමනය කරන අතර පිත් හා ලේ වඩයි. මෙනිසා සෙම් හා වාත රෝග සඳහා ප්‍රයෝග කරනු ලබයි.

ව්‍යුහාගත ක්‍රියා සැලකීමේ දී

බාහිර වශයෙන් . : ශෝථ (ඉදිමුම්) නසන අතර, ලේඛන (කෙට්ටුවීම්) ගුණයෙන් යුක්ත වන අතර, ව්‍රණ ගෝථ ශිර්ෂ වේදනා ආදියෙන් ද ලේඛන කර්මය උදෙසා සමේ රෝගවලදී යොදනු ලබන අතර, අර්ම ආදි නේත්‍ර රෝගවල දී ආලේප සඳහා යොදා ගනී.

අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේ දී

මෙය මත් බව නසන හා ස්නායු ක්‍රියා නසන ගුණ යුතු අතර මඳානස හෙවත් උමතු බව අධික තාවයේ දී ඇඹුල් ඇඹිලිය ස්වරසය යොදයි.

ආහාර පරිපචන ව්‍යුහාවේදී.

මෙය රෝදන, දීපන, ග්‍රාහී සහ යෘත් (අක්මා) උත්තේජක ගුණ යුක්ත වන අතර, අරුචිය, බඩගිනි අඩුකම, අර්ශස්, ප්‍රවාහිකා, ගුදභ්‍රංශ බඩවැල පහත් වීම ) ආදියේ දී උපයෝගී වේ.

රුධිර සංසරණ ව්‍යුහාවේ දී.

මෙය හෘදයට හිත ද රක්තස්තම්භන ගුණයෙන් යුක්ත අතර, එම නිසා හෘද රෝගවලදී සහ රක්ත ශ්‍රාවයේ දී යොදයි. එසේම ඇඹුල් ඇඹිලියවල කෂාය රස ද ඇති නිසා සියුම් ලේ නහර හැකිළෙන ගතිය ද ඇත.

තවද මෙහි ශීත ස්පර්ශය ඇති නිසා උණ නසන සහ දාහ හෙවත් දැවිලි නසන ගුණය ද ඇත. මෙම නිසා උණ රෝගවල දී යෙදීම ද යෝග්‍ය වේ. මේ ආදී වශයෙන් ශරීර ව්‍යුහ ආශ්‍රිතව ඉතා හොඳීන් ක්‍රියා කරන ඇඹුල් ඇඹිලිය අඩංගු ඖෂධ යෝගයන් රාශියක් විවිධ රෝග රාශියක් සඳහා යොදනු ලබයි. ඒවා අතුරින් කිහිපයක් නම්.

පිපාසයට

ඇඹුල් ඇඹිලිය යුෂ බීමට දෙනු ලැබෙයි.

ගෙඩි පැසවීමට හා පිපිරවීමට

ඇඹුල් ඇඹිලිය කොළ අඹරා මතු පිට ගායි

ගුද භ්‍රංශ හා අර්ශස් සඳහා

ඇඹුල් ඇඹිලිය යුෂ ගිතෙල් හා මීකිරි සමඟ මිශ්‍රකර ගින්නෙන් පිස ගනු ලබයි.

ගෝනුසු විෂට

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.