රාතී‍්‍ර කුසුම සේපාලිකා

ඔක්තෝබර් 16, 2020

රාත්‍රී කාලයේදී පිබිදෙන සුදු රතු මිශ්‍ර මලකි සේපාලිකා. රාත්‍රී කුසුම ලෙස සිත්ගත්තත් අරුනැල්ල දුටුවිට ශෝක වී පරවී යනු ඇත. ශෝක වන ගස ලෙස සමහරු හඳුන්වනු ලැබේ. අඳුරේ පිපුනත් ආලෝකයට බර ගතියක් විදහා පායි. පෙති හයක් දිස්වේ.

මනබඳිනා සුළු සුගන්ධයකින් යුත් එහෙත් රාත්‍රී කාලයේදී පමණක් මල් හටගන්නා පරිසරයම සුවඳවත් කරන මීටර් 3 ක් පමණ උස හුරුබුහුටි ශාකයකි. මෙහි ඖෂධීය ගුණාංගයන් මල්, පත්‍ර, මල්, දලුවල ගැබ්වී ඇත. මෙය ලංකාවේ වැවුනත් ඉන්දියාවට ආවේනික වූ ශාකයක් ලෙස සැලකේ. ඉන්දු දෙවියන් විසින් මවන ලද සේපාලිකා ගස, ක්‍රිෂ්ණ දෙවියන් දෙව්ලොවින් රැගෙන ආ බවත්, ඉන්දියානු ඉතිහාසයේ සඳහන් වේ. දිව්‍ය ලෝකයේ ඇති අලංකාරවත් මල් පහ අතරින් සේපාලිකා ගසට ප්‍රමුඛත්වයක් හිමිවේ. ඉන්දියාවේ පරිජාත නම් කුමරියක හා හිරු කුමරුන් අතර පැවති ආදර සම්බන්ධය මීට හේතු විය . මේ ආදර සම්බන්ධය බිඳීයාමෙන් පසුව පරජාත කුමරියගේ දේහය දවනු ලැබූ ස්ථානයේ මතු වූ සුදු කහ පැහැති මල් සහිත ශාකයට පරිජාත යන සංස්කෘතික නම හෙවත් සේපාලිකා ගස යනුවෙන් ලැබී තිබේ.

ලංකාවේ හැම පළාතක වැවීමට පුළුවන. බොහෝ පන්සල් අවට හෝ නිවස මිදුලේ සේපාලිකා ගස් දැකිය හැකිය. එම ස්ථානවල වවනු ලබන්නේ මල්වලින් නිකුත්වන සුවඳවත් සුගන්ධය නිසාය.

සූර්ය උදාවට ප්‍රථම ගසේ ඇති සියලුම මල් පිපී ගහ ලස්සන කරයි. සූර්ය උදාවී පැයක් ගිය පසු සේපාලිකා මල් බිමට පතිත වේ. ගහෙන් ඈතට විහිදෙන්නෙ නැතිව ගහේ පාමුල පියසක් මෙන් මලේ පෙති උඩුකුරුව පතිත වේ.

උද්භිද විද්‍යාත්මක නාමය -Nyctanthes arbor- tristis

සංස්කෘත නාමය “පරිජාත” වේ.

දෙමළෙන් මන්ජපු ය.

ඉංගී‍්‍රසි නාමය :– නයිට් ජස්මින් (Night Jasmine)

හින්දි නාමය – හරි සිංගර් වේ.

පර්යාය නාමය :– ආටියුභ, රාජිනිහය. පාසල ,Night Flowering ,Queen of the Night.

කුලය -Oleaceae.

සේපාලිකා ගසේ පහත සඳහන් ගුණය දක්නට ලැබේ.

රස – තික්ත , ගුණ – රූක්ෂ, ලඝු , වීර්ය – උෂ්ණ , විපාක – කටු

පැරණි ඉන්දියානු ජාතිකයින් මේ මලට දැක්වූයේ පුදුම ගෞරවයකි. එහි කාන්තාවන් මේ මල පරිහරනය කළ නිසාය. ඉන්දියාවේ හින්දු දේවස්ථාන වටා මේ ගස් වවා තිබේ. එවැනි බිම්වල උදෑසන දැකි හැකි වන්නේ පාවඩයක් ඇතිරූ ලෙසිනි. මේ මල් පොකුරු අතු කෙළවර හට ගනී මල්වල මුල් කොටස තැඹිලිපාටය. මල් පෙති තැඹිලි මිශ්‍ර සුදු පාටය. මේ මල් අධික සුවඳක් ඇත. සේපාලිකා මල් හිමිදිරි උදෑසන හිරු රැස් වැටීමට පෙර බිමට පතිතවීමෙන් ගසේ අලංකාරය, ගසේ කලාත්මක හුරුව බලා ගැනීමට සියුම් කාචයක් සමඟ කැමරාවක් ගස අවට සකස් කළ යුතුය. මෙම මල් පරාගනය වී ඵල හටගනී. කොළ පැහැයෙන් යුක්ත වුණු ගෙඩි කාමර දෙකකට බෙදී ඇත. මෙම ගෙඩි මෝරන විට දුඹුරු පැහැයක් ගනී.

අප රටේ වැසියන් සහ ඉන්දියානු සමහර වැසියන් ආගමික පුද පූජා සඳහා මල් මාලා සෑදීම සඳහා සේපාලිකා මල් යොදාගනී. සමහර හින්දු ජාතිකයින් තම ඥාතින්ගේ භූමිදාන කළ සොහොන් මතට සේපාලිකා මල් ඉසීමෙන් ගෞරව කරති. එමගින් මිය ගිය ඥාතීන්ට යහපතක් සිදුවනු ඇතැයි විශ්වාසයක් පවතී.

සේපාලිකා ශාකයේ පාට සිවුරු පඬු ගැන්වීම සඳහා යොදාගනී. කහ වර්ණයට හුරු දුඹුරු වර්ණයක් සහිත මෙම ගසේ පොතු කොරියාව, චීනය වැනි රටවල භික්ෂූන් වහන්සේලා සිවුරු වර්ණ ගැන්වීමේලා යොදාගනී. කපු රෙදි, සේද රෙදි හා සිල්ක් රෙදි විවිධ වර්ණ ගැන්වීමේලා යොදා කාන්තා විලාසිතා හැඩ කරයි. මෙම සේපාලිකා මල්වලින් ලබාගන්නා තෙල්වලින් සුවඳ දූප, සුවඳ විලවුන් වර්ග නිෂ්පානය කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.