පසුගිය සතිය හා සම්බන්ධයි

හදවත් රෝග සඳහා ගුණදෙන අගනා ඔසුව ගුගුල්
නොවැම්බර් 20, 2020

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා බාහිර වශයෙන්

ගුගුල් ශෝථහර :ඉදිමුම් නසන* වේදනා ස්ථාපන, ව්‍රණ ශෝධනජන්තුඝ්න යන ක්‍රියාවලින් යුතුය. මෙනිසා සන්ධිවාත, ආමවාත, ගණ්ඩමාලා, අපචි චර්මරෝග, මහාමාරිය, අරීශස් ආදියේදී මෙය ආලේප වශයෙන් යොදනු ලබයිග දුර්ගන්ධය සහ කෘමින් හා විනාශ කිරීම සඳහා නිවෙස් වලත් වණවලටත් මෙයින් දුම් දීම යෝග්‍ය වේග

අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේදී

වාත ශාමක වේදනා ස්ථාපන බලකාරක ගුණ යුතු බැවින් නාඩිබල කාරකය. එනිසා ගුගුල් නාඩිවේදනා, සන්ධිවාත, ආමවාත, ගෘධ්‍රසි, අර්දිත, පක්ෂාඝාත ආදි සියලුම වාත රෝගයන් සඳහා අගනා ඔසුවකිග වාත රක්තයටද අතිශයින් ගුණදායකයග

ආහාර පරිපචන ව්‍යුහාවේදී

කටුක, තික්ත රසයන් සහ සූක්ෂම ගුණ ඇති හෙයින් දීපනද ස්නිග්ධ, පිච්ඡිලල සර තීක්ෂණ, ගුණ ඇති හෙයින් අනුලෝම නදග තික්ත රස සහ උෂ්ණ වීර්‍ය්‍යය ඇති නිසා අක්මා උත්තේජක අර්ශස් නාශක සහ කෘමිනාශක ගුණ යුතුය.

රුධිර සංසරන ව්‍යුහාවේදී

මෙය හදවතට හිතකාරී වන අතර රක්තානු හා ශ්වේතානු වර්ධක ගුණද ලේ පිරිසිදු කරන ගුණද යුක්තය, ඉදිමුම් නාශක සහ ගන්ඩමාලා නාශක ගුණද ඇත. මෙනිසා හෘද දුබලතා, පාණ්ඩුව සහ එබඳු වෙනත් රෝග ආදියේදී ගුගුල් උපයෝගී වෙයි. උපදංශ ආදී වූ ලේ දූෂිත රෝග සඳහා මෙය ප්‍රයෝග කරනු ලබයි. එසේම ඉදිමුම්ල අපචිග ගණ්ඩමාලාල ග්‍රන්ථි ශ්ලීපද බරවා ආදීවූ රෝග සඳහා මෙය ප්‍රයෝග කිරීමෙන් සෑහෙන ප්‍රයෝජනයක් ලබා ගත හැකිය.

ශ්වසන ව්‍යුහාවේදී

ස්නිග්ධ, පිච්ඡි, ආදී ගුණ යුතු නිසා ගුගුල් කළු නිගසාරක සෙම් පිටකරන ගුණයෙන්ද, සන්ධානීය ගුණයෙන්ද යුතුවේ. එසේම කළු දුගර්ගන්ධහර ගුණයෙන්ද යුතුය. සෙම් පිටකරන හා බලකාරක ගුණ යුතු නිසා ශ්වාස, කාස, ජීර්ණ කාස, ආදියේදී සහ ක්ෂය රෝගයේ විවිධ අවස්ථා වලදී මෙය ප්‍රයෝග කරනු ලබයි.

මුත්‍ර ව්‍යුහාවේදී

තීක්ෂණ ගුණ යුතු බැවින් මුත්‍ර කාරක ගුණයෙන්ද අශ්මරී භේදන ගුණයෙන්ද යුතු වේග එනිසා මුත්‍ර මාර්ගය ගත වූ අශ්මරී මුත්‍රකෘච්ඡ්‍රල පූයාමේහ ආදියේදී මෙය ප්‍රයෝග කරනු ලබන අතරමෙමගින් අශ්මරී කුඩාවී පිටවී යන අතර මුත්‍රද පැහැදිලි වෙයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

උෂ්ණ, තීක්ෂණ නිසා කාමෝත්තේජක සහ ආර්තව ජනකද, ස්නිග්ධ හා පිච්ඡි, නිසා වෘෂ්‍යද සහ වන්ධ්‍යාත්ව දෝෂ නිවාරකද වෙයි. මෙනිසා ශුක්‍ර දුබලතාව, කෂ්ඨ ආර්තව ආදියේදි සහ යෝනි ව්‍යාපත් යෝනි රෝග ආදියේදීද ගුගුල් ප්‍රයෝග කරනු ලබයි.

චර්ම ව්‍යුහාවේදී

කුෂ්ඨ නසන ගුණ යුතු වන අතර වරණ කාරකද වේ. මෙනිසා කුෂ්ඨ ඇතුළු සමේ ආබාධ සඳහා උපයෝගී කරගනු ලබයි.

මේ අතර ගුගුල් ශරීරයේසෑම ව්‍යුහායකටම උත්තේජනය ද ශක්තිය ද ලබාදෙයි. එනිසා එය රසායනද බලකාරකද වේ. අලුත් ගුගුල් ස්නිග්ධ නිසා බලකාරක වන අතර පරණ ගුගුල් රූක්ෂ නිසා ලේඛන ගුණ යුතුය. මෙනිසා දුර්වලතා සහ කෘශතා සඳහා අලුත් ගුගුල්ද, ප්‍රමේහ සහ මේදෝ රෝග සඳහා පරණ ගුගුල්ද ප්‍රයෝග කරනු ලබයි.

තවද උෂ්ණ නිසා ශීත ප්‍රශමන ගුණ යුතු අතර ශීත ජ්වරය ශීතල නිසා උපදනා රෝග සහ උපද්‍රව ආදියේදි ගුග්ගුළු ප්‍රයෝගය සුදුසු වේ.

ගුගුල් සේවනයේදී අයෝග්‍ය දේ

අම්ල, තීක්ෂණ මද්‍යල අජීර්ණ, භෝජන, මෛථූන සේවන, ව්‍යායාම, ආත්‍ය සේවන, ක්‍රෝධයට හේතුවන සිතුවිලි ආදිය තොර කළ යුතුය.

අහිත ප්‍රත්‍ය

ගුගුල් මිථ්‍යා යෝගයෙන් අක්මා පෙණහැලි දෙකේම විකෘති ඇතිවිය හැකිය. මෙය නිවාරණයට කොකුම් මල් ශ්‍රේෂ්ඨ වේ.

ගුගුල් අඩංගු ඖෂධ ප්‍රයෝග

කෝෂ්ඨ්‍රක ශීර්ෂයට

රසකිඳ තිපල් කෂාය සමඟ ගුගුල් යොදනු ලබයි.

ග්‍රැධ්‍රසියට

හීං අරත්ත අල පලමක්ද ගුගුල් කර්ෂ 5 ක්ද ගෙන ගිතෙලින් වටක සාදා ආහාරයට ගනු ලබයි.

ඉදිමුම්, ඌරුස්ථම්භ හා කඵජ විදාධි සඳහා එළමුත්‍ර සමඟ ගුගුල් යොදයි.

ගුගුල් වල ඖෂධීය මාත්‍රා

රක්තික 4 - 12 දක්වාවේග

ගුගුල් අඩංගු සංසාකාරික ඖෂධ

කෛශෝර් ගුග්ගුළුල යෝගරාජ, ගුග්ගුළු, චන්ද්‍රප්‍රභාවටී, ලාක්ෂාදී ගුග්ගුළු, ගොක්ෂුරාදි ගුග්ගුළු, පංචතික්ත ඍත ගුග්ගුළු, ත්‍රයෝදශ ගුග්ගුලු, රාස්තා ගුග්ගුල් ආදිය ප්‍රධාන වේ.

මේ අතර ක්වාථ ආදියේ ප්‍රක්ෂේප ද්‍රව්‍යයන් ලෙසද ගුග්ගුල් යොදාගනු ලබයි. තවද ගුගුල් ඒකීය ද්‍රව්‍යයක් ලෙසද යොදාගනු ලබයි.

මේ අනුව පැහැදිලිවන්නේ ගුගුල් යනු ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන වත් ඖෂධ ද්‍රව්‍යයක් බවයි. ගුගුල් නිසි අයුරින් ශෝධනය කර ඖෂධ සඳහා යොදා ගැනීම තුළින් හදවත් රෝග ඇතුළු රෝගාබාධ රාශියකින් සුවය ළඟාකර ගත හැකිවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.