කටහඬ මිහිරි කරවන මතක ශක්තිය වර්ධනය කරන වදකහ

නොවැම්බර් 27, 2020

සිද්ධාර්ථ තෛලය, වදකහ හාතාවාරිය අල දසමුල බැබිල මුල්, තෙල් එරඬු මුල්, සතකුප්ප, සහිඳ ලුණු, අමුක්කරා අල, වැල්මදට, ජටාමාංශ, හීන් අරත්ත අල, අසමෝදගම්, දේවදාර, කොට්ටං, ගම්මිරිස්, තිප්පිලි, ශිලාස්තු හා තවත් ඖෂධ එක්කර ගනිමින් එළකිරි හා තල තෙල් ද යොදා ගන්නා සිද්ධාර්ථ තෛලය පක්ෂඝාතාදී සියලු වාත රෝගවලට ද නස්‍ය පාන අභ්‍යංග සඳහා ද යොදා ගන්නා ගුණාත්මක තෛලයකි.

 

දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේ ප්‍රතිකාර සඳහා ගනු ලබන වදකහ කුඩා දරුවන්ට මවුකිරි සමඟ ගලගා දිවෙහි ගෑමටත් වදකහ කුඩා පෙතිවලට කපා නූලක අමුණා අතේ හා ඉණේ බැඳීමටත් මව්පියන් පුරුදුව සිටිති.

වදකහ ක්ෂුද්‍ර ජීවීන් සහ භූත දෝෂ නැති කරන ඖෂධයක් ලෙසද පිළිගැනේ. දරුවන්ට ඇතිවන පණු රෝග අවස්ථාවන්වලදී වදකහ ගලගා දිවේ ගෑමෙන් සහනයක් ලැබේ. එමෙන්ම වදකහ මී පැණියෙන් දියකර නැතහොත් මී පැණියෙන් ගලගා දිවේ ගෑමෙන් හෝ ගිලීමට සැලැස්වීමෙන් කටහඬ මිහිරි වීමේ බලයක් ද පවතී. වදකහවලට කියනු ලබන සංස්කෘත නාමය වන්නේ වචාය, දෙමළෙන් වෂම්බ්‍රයයි කියනු ලබන අතර ඉංගී‍්‍රසි බසින් ඉඹඥඥබබඪචඨ වේ. රසය වදකහවල තිත්තකටුක ගුණ තීක්ෂණ ලඝු වීර්යය උෂ්ණ විපාක කටුක ප්‍රභාව වේ. විශේෂයෙන් වදකහ රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා අතර සමේ පැවැත්මට සමේ පැහැයට හා සමේ අලංකාරය සඳහා ද යොදා ගනී.

 

තිවගතිපල් තිකුළු වලග මෝද කිමි සතුරු ද

කොතබුරු හතු සිදු වදකහ එසොළුක් ගෙන ලසුණු ද

මෙ හැම බරට සුද්ධ කරපු නෙරුවාලින් කිරා යලි ද

එහැමට තුති රැස් මුල් බර සියලු බරට ගෙන සීනි ද

 

වෙනම තියා සීනි කොටස සිනිඳුව කුඩුකර සිය ලා

එම සුනු පලවම දෙසිපල විස්සක යුෂ වත්කර ලා

පලමට දෙසි දොළසක යුෂ සිදෙන තුරුම තම්බා ලා

ගලක ලමින් එම යුෂයෙන් දිනක් පමණ අඹරා ලා

 

යළින් සීනි දමා එලෙස යාම තුනක් ගටා නිත ර

රැගත් කල්ක බදුනක ලා සුරැකිව රැක තබා ඇදු ර

බලන් දැනේ කුමරුට දුන අනුපානින් කියන විත ර

ගතොත් වාත උණ ඉඟුරුත් උක්පැණියෙන් පිත් කිපි ව ර

 

උණට නික කොළ යුෂ හා මාදුරු කොළ යුෂින් ද කුඹුරු කොළ යුෂින්ද තුඹ කොළ යුෂින්ද අමු ඉඟුරු යුෂ සමව ගෙන ගුලි තුනක් දීමෙන් හිසරදය වාත සන්නිය ආදී රෝගයන්ට ගුණ දෙන සන්නි වජ්‍රපාට ගුලිය පෙරුම්කායන්, පල්මානික්කන් රිදී, තුත්තං, හිරියල් සාදිලිංගන් වඩනා දිවි කොට්ටන්, වැල්මී, තිප්පිලි, කරාබු, සාදික්කා, එනසාල්, සිද්ධි ගුරු, දෙදුරු, සුදු ලූනු, අසමෝදගම්, ගම්මිරිස් යන මේවා සම භාගව ගෙන දෙහි මුල්, නුග මුල්, නාරම් මුල්්, යකිනාරන් මුල්, මාදුරු මුල්, අඹමුල්, මුරුංගා මුල්, වදකහ, බේත් වේලා බරට ගෙන අනුපාන නික කොළ යුෂින් ද යකිනාරන් කොළ යුෂින්ද, අමු ඉඟුරු යුෂින් ද අඹරා මුං ඇට පමණට ගුලිකර පවනේ වියලා තබා දෙනු. ත්‍රිවෘතාදී රසායනය රත්පිත් කාමලා ප්‍රමේහ මන්දාග්ගිනි මුලව්‍යාධි අෂ්ට ගුල්ම කුෂ්ට ආදී රෝගය සඳහා විශිෂ්ට ගුණ ලබාදේ. තිපල් ත්‍රිකමුක ත්‍රිජාති කොට්ටං, එනසාල්, තිප්පිලි මුල්, වදකහ, රත්නිටොල් මේ සෑම මංචාඩි පහ බැගින් ගෙන ඒ හැම බරට එක් බරක් ත්‍රස්තවාළු පළමප ලබයි. සරක්කුවට සීනි අට බරයි, ගිතෙල් නම බරයි සහිඳ ලුණුු තුන් කලඳයි. චූර්ණය මී පැණියෙන් අඹරා රැගෙන අසුරා තබා බුළු ගෙඩියක් පමණ වළඳණු.

එසේ සත් දවසක් වැළඳීමෙන් රත් පිත් කාමලා ප්‍රමේහ ආදී රෝග ගුණ වේ. දිව්‍යාග්‍ර රසය සාදිලිංගන් හිරියල් නෙල්ලික්කා ගෙන්දගන්, ගවුරපාසා නම් රිදී තුත්තන් වෙල්ලස්පාසානම් පල්ලමානිකම් වදකහ, අරළු, ඉඟුරු මේවා කලඳ බැගින් ද ජයපාල කලන් දෙකක් ද කන්කපා යුෂයෙන් අඹරා රටතලා කොළ යුෂින් කීකිරිඳිය යුෂින් බුලන් යුෂින් නැවත අඹරා ගුලිකොට සේවණේ වියලා ඇවිලිල්ලට වැල් බැවිල කොළ යුෂින්ද, උණට උක් පැණියෙන්ද වායුවට හාතාවාරිය කොළ යුෂින්ද දීම යහපතකි. ලඝු නෛරන්ඩාදී පානය වදකහ, අරළු, මිරිස් පෙරුම්කායම් රත් නෙටොල්, සාරණ මුල්, සුවස ලුනු, ඇත්වගපුල්, බුළු, සිද්ධිගුරු, සුදුලූනු, දේවදාර, මුරුංගාමුල් පොතු, යවකාර ලුණු, නෙල්ලි, වගපුල්, බලල්ලුණු, කොට්ටං, අසමෝදගම් මේවා ද තුන් තුන් කලඳගෙන හීරැස්සවාලු පලම් දෙකක් ගෙන ඒ හැමට දිය වත් කොට අඹරා භාජනයකට වත්කර කල්ක සමඟ කකාරා පෙරා උදය තුන් කලඳක් පානය කිරීමෙන් ක්‍රිමි රෝග අරුචිවායු උදාවර්ත ආදී රෝගයන්ට ගුණ වේ.

ගිනියම් සන්නියට වදකහ සාරණ, කරපිංචා නැටි බෙලිමුල්, ඉඟුරු, සුදුලූනු, අරළු, නෙල්ලි මෙම ඖෂධ කසාය කර සීනි සමග දෙනු. සුවවේ. පක්ෂාගාත බාලක පක්ෂාගාත වාත රෝග ශරීර බල වර්ධනය ආදී රෝග රැසකට දෙනු ලබන නාරායන තෛලයටද වදකහ ප්‍රධාන කොට අමුක්කරා බැබිල, බෙලි, පළොල්, ඇද්දෙමට, අස්වැනි, ගොකුට, කටුවැල් බටු, සාරණ මුල්, හීිංමිදි ප්‍රසාරණී, හාතාවාරිය, දේවදාර, කොට්ටන්, අගිල්, නාමල් රේණු ඇතුළු ඖෂධ වර්ග දහසයක් පමණ ද තල තෙල් හා එළඟිතෙල් ද යොදා ගනිති. එමෙන්ම සර්ප විෂට මී විෂට හා බලු විෂ ඇතුළු විෂට දෙනු ලබන නීල රාජ තෛලය වදකහ, අත්තන, අමුකහ, තොලබෝ, ගිරිතිල්ල වැල්ල, කළුකම්මේරිය, කරල් සැබෝ රස තැල් වරා, අමුක්කරා ඇතුළු ඖෂධ වර්ග හතළිස් පමණ යොදා ගනු ලබන අතර එයට තල තෙල් හා මුත්‍රා ද එක්කර ගනිති. පපුවේ ඇවිලිල්ල, පපුවේ ඇම්ම, හන්දි වේදනාවට හා වාත රෝගවලට දෙනු ලබන වාත තෙලට වදකහ සමගින් තවත් ඖෂධ වර්ග හතළිස් දෙකක් හා තල තෙල් ද, කොහොඹ තෙල් හා මී තෙල් ද එක්කර ගනිති.

බාල රෝග ක්‍රිමි රෝගවලට බල වර්ණා හා දන්නෝද භේද රෝගයන්ට දෙනු ලබන කුමාර කල්‍යාණ සෘතය වදකහ, කටුවැල් බටු පංචාංගය, මුද්දරප්පලම්, උක් හකුරු, වියළි ඉඟුරු, තිපල්, කලාඳුරු, තිප්පිලි, කොට්ටම්, දෙළුම් ලෙලි, බෙලිගැට මද, හීන් එනසල්, බැබිල ගජ තිප්පිලි සමඟින් එළඟි තෙල්, එළකිරි හා තවත් ඖෂධ වර්ග දාහතක් පමණ සංයෝගකර ගනී. සර්ව විෂාදී තෛලය මෙම තෙලට ද වදකහ, අන්කෙන්ද පොතු, ගස් කැප්පෙටියා පොතු, එරබදු පොතු, සියඹලා පොතු, අමුක්කරා කොළ පොතු, මුරුංගා කොළ පොතු, මී කොළ පොතු, නා පොතු, දිවුල් පොතු, නික කොළ පොතු හා හාතාවාරිය කොළ එරඬු කොළ, ගිරිතිල්ල කොළ, වැල් මදටිය කොළ පොතු, කැප්පෙටියා කොළ මදටිය කොළ, කොහොඹ කොළ පොතු, කුරුඳු කොළ පොතු යක්වනස්ස මගුල් කරඳ කොළ පොතු ඇතුළු තවත් ඖෂධ විසි අටක් පමණ තල තෙල් එරඬු තෙල් මී තෙල් සමඟ එක්කර ගනී.

සිද්ධාර්ථ තෛලය, වදකහ හාතාවාරිය අල දසමුල බැබිල මුල්, තෙල් එරඬු මුල්, සතකුප්ප, සහිඳ ලුණු, අමුක්කරා අල, වැල්මදට, ජටාමාංශ, හීන් අරත්ත අල, අසමෝදගම්, දේවදාර, කොට්ටං, ගම්මිරිස්, තිප්පිලි, ශිලාස්තු හා තවත් ඖෂධ එක්කර ගනිමින් එළකිරි හා තල තෙල් ද යොදා ගන්නා සිද්ධාර්ථ තෛලය පක්ෂඝාතාදී සියලු වාත රෝගවලට ද නස්‍ය පාන අභ්‍යංග සඳහා ද යොදා ගන්නා ගුණාත්මක තෛලයකි. අශ්වගන්ධාරිෂ්ටය අපස්මාර උන්මාද කෘෂ බවට අර්ශස් රෝගයට හා වෙනත් රෝගාබාධයන් සඳහා දෙනු ලබන අරිෂ්ටයකි. එයට ද වදකහ ඇතුළු ඖෂධ විස්සක් පමණ යොදා ගනිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.